බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස
බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම
Thursday, September 10, 2015
අපි ඔක්කොම එක යායක...........
ඇයි කොළඹ යන්නේ?
මෙහේ ඉඳලා වගතුවක් වෙන් නෑ...ගෝවා කොටුවෙමුත් පාඩුයි...බාස් කෙනෙක් ගාව අත් වැඩ දෙනවා ඊට හොඳයි...
අනේ උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ....
ඔය අපේ ගමෙන් දිගටම පුනරුච්චාරණය වන වචන පේලියක්..
ගමේ මිනිස්සු අහිංසකයි....දුප්පත්...පෝසත් අයට පෝසත් කියලා අභිමානයෙන් කියන්න පුලූවන් වගේම දුප්පත් අපිට දුප්පත් කියලත් අභිමානයෙන් කියන්න පුලූවන්...හා හා වැඩේ පටන් ගමු .. ඉතිං අද මං කියන්න යන්නේ බිත්තර වී ගැන... වී කියන්නේ බීජයක්.. උද්භිද විද්යාවෙදි ඔරයිසා සැටයිවා කියන්නේ.. බීජ කියන්නේ කාලතරණ ඒකකයක්නේ.. බිත්තර වී කියන්නේ ගොයම් පැල ලබා ගන්න ලබා ගන්නා බීජ.. විශේෂයෙන්ම අපේ ගම් වලනම් බිත්තර වී තමාම හදාගන්න එක තමයි කරන්නේ.. තිලකේ මාමා කරන්නේ රන් වන් වෙච්ච තම යායේ හොඳම ලියදි කීපය තෝරලා බිත්තර වී සකසාගන්න එක.. වී තැවුනොත් බිත්තර වී වලට ගන්න බෑ... ඒ නිසා කැපූ සැනින් ගොයම් ටික ගසාගෙන වියලලා වෙනම උරයක දාලා පරිස්සමින් අරං තියනවා... පස්සෙන් පහු වී පැල කරන කාලේ ලණු ගෝනියකට :ඉස්සර පී්‍රමා පිටි ආපු ගෝනි - වී ටික දාලා කට බැඳලා ඇලේ දවසක් විතර ගිල්වලා තියලා කලූවර කාමරේක තිබ්බම වී ටික පැලවෙනවා...මුල් ඇදෙනවා මොටියොත් යන්තන් ඇදෙනවා... ඉර එලිය නැති නිසා ප්‍රභාසංස්ලේෂණය කරන්නේ නෑ.. ඉතිං මේවා තමයි තවානට ඉහන්නේ.. මෙහේ වපුරන්නේ නෑ .. වී තවානක් දාලා ගලවලා තමයි හිටවන්නේ.. හෙල් මලූ වල කොහොමද වපුරන්නේ..? ගිහුන් එන්නන් .. මාව දිරිමත් කරලා පණිවිඩ එවපු හැමෝටම ස්තුතියි...
Subscribe to:
Posts (Atom)