බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, January 31, 2018

ලොකුවීම හෙවත් කොටහුල 01

කතා ලිවිය යුතු නැත. කතා ලියැවිය යුතුය. 2018 බ්ලොග් ලෝලීන්ට සුබ නව වසරක් වේවා !

ඔන්න ඒ හැත්තෑව දශකයේ බදුල්ලෙමුත් ඈත ඔය කරමැටිය පැත්තේ ගමක දුෂ්කර ඉස්කෝලයක් තිබ්බලු. ඉතිං මුල් ගුරුතුමා විතරලු ඔය ඉස්කෝලේ පාලනය අරං ගියේ. යලට මහට එන්නන් වාලේ ඉස්කෝලේ එන මුලු ඉස්කෝලෙටම තිහ හතලිහක් වෙච්ච ළමයි ටික පාලනය කරගෙන දැහැමින් සෙමින් මේ ඉස්කෝලේ මහත්තයා කල් ගෙව්වලු. ආය පාසල් පරීක්ෂකලා එනවා කියලයැ. ඒ කාලේ ඔය ගම්වල කැලෑ ඉසව් වල හරි හරියට මහ සරුවට බූරු කෙළි එහෙමත් නැත්තන් බූරු පිටි තිබ්බලු. ඉතිං ඔය කාලේ ඔය පැත්තේ බූරු ගහනවට කිව්වේ “බේබි කපනවා” කියල. ඒ දවස්වල අපේ ආච්චිත් “ඕකා බේබි කපන්ඩ යන්ඩ ඇති” කියා දන්සිරි අයියාව විමසපු අවස්ථාවල කියනවා මා අසා ඇත්තෙමි.


ඉතිං ඔය කියන ඉස්කෝලේ මුල් ගුරුතුමත් තදින්ම කිතුල් රා බීමට වගේම බේබි කැපිල්ලටත් ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් වුනාලු. බොහෝ අවස්ථාවල පාසල් කාලයේදී ලැබුන අල්ල පනල්ලේ තම ගෝලයන්ට කවර හෝ වැඩක් පනවන මුල් ගුරුතුමා බූරු පිටියට වදිනවලු.ඉතිං ඔය විදියට පින්සිබල් බූරු පිටියට වැදිච්ච දවසක ඉස්කෝලෙට කොළඹින් පාසල් පරීක්ෂකවරුන් කඩා පැන්නලු.


“කෝ ලොකුමහත්තයා?”

“ලොකු මහත්තයා බේබි කපන්න ගියා”

“ඉස්කෝලේ වෙලාවේ එක එක ඒවා කපන්ඩ යන්නේ යනවලා ගිහිල්ලා එක්කන් එනවා.. අද කරන්නම් හොඳ වැඩක්”


ඉතිං ළමයි දෙතුන් දෙනෙක් කැලේ බූරු පොලට ගියාලු ලොකු සර් එක්ක එන්ඩ. ලොකු සර්ට දෙලොව රත් වුනාලු.


“නෑ..උඹලා මොකෝ කිව්වේ”

“අපි කිව්වා ලොකු සර් බේබි කපන්න ගියා කියලා”

ඉතිං ලොකු මහත්තයගේ දෙලොව රත් වුනාලු.

“මුං ගම කාලා.”ලොකු සර් තමන්ටම කියාගත්තා.


ලොකු සර්ටත් ඉතිං ගණදෙවි නුවණ පහල වුනාලු.


“උඹලා පලයල්ලා. මාව ඇහුවොත් කියපල්ලා බේබිය කපාගෙනම එන්නම් කිව්වා කියලා”


පිහියක් හොයාගත්ත ලොකු සර් කැලේට රිංගලා මේන් මෙහෙම හරි කෙලින් අතට තියෙන කුඩුදවුලා ගහක් කලාගෙන කරේ තියාගෙන බොහෝම අමාරුවෙන් අමාරුවෙන් දාඩිය පෙරාගෙන ඉස්කෝලෙට ඇරං ගිහිං පාසල් පරීක්ෂකයෝ බලාගෙන ඉද්දි “දඩාං” ගාලා මිදුල මැද අත ඇරියළු.


පාසල් පරීක්ෂකයෝ මොනාහරි කියන්න කට උල් කරනවත්තෙක්කම ලොකු සර් තමන්ගේ හඬ අවදි කරාලු.


“අනේ සර් අර පැල්ලැහැ පංති කාමරේ වහල දිරලා. වහල පහත්වෙලා. කොයි වෙලේ බිමට පතබෑවෙයිද දන්නෑ. මම මේ කූඤ්ඤෙකට හිටවන්ඩ බේබියක් කපාගෙන එන්ඩ ගියා. හරි මහන්සියි”


පාසල් පරීක්ෂකයෝ බොහෝම අනුකම්පාවෙන් ලොකු සර් දිහා බලාන ඉඳලා ලොග් සටහනක් දාලා යන්න ගියාළු.


“පාසලට අතිශයින් ආදරය කරන තම ශක්තියෙන් පාසල අලුත්වැඩියා කරන අවංක විදුහල්පතිවරයෙකි”

ලොග් සටහනේ තිබ්බේ එහෙමළු.


**********************************************************
 

බංඩේ සීයලා ආච්චි හති දම දම දුවගෙන ඇවිත් මොකද්දෝ දෙයක් අපේ ආච්චිගේ කනේ තියනවාඋන්දත් ආය රොයිටර් වගේ තමයිඕක අපේ ආච්චි කුස්සියට ගිහිං අපේ අම්මගේ කනේ තියනවා කියලා ටක්කෙටම දන්න කුතුහලෙන් ඉන්න අපිත් ඔය ප්රවෘත්තිය අවශෝෂණය කරගන්න කුස්සියේ පිලිකන්න දිහායින් කන්වලට බිච්චිය තියාගෙන ඔහොම අහගෙන ඉන්නවාඅඇහෙන්නෑ… තරංග දුරුවලයිආච්චිත් ඕක අම්මට කියන්නේ රහසින් වගේඒත්  සමහර ඒවා උස් ස්වරයෙන් කියනවා.


මංනං හිතුවේ ඕකි ලොකු වෙලා කියලා. එතකොට ලොකුවෙන්ඩත් කලින්ද අර ඇටම්පිටියෙ සෙම්බු මුදලාලිගේ කොල්ලත්තෙක්ක පැටලිලා හිටියේ 


ඕං එතකොටනං අපි අනුමාන කරනවා සෙම්බු මුද්ලාලියගේ කොල්ලා යාලු වෙලා ඉන්නේ වෙන කවුද ඉතිං. මේ ඊයේ පෙරේදත් සෙම්බු මුදලාලියගේ පුතා අඇවිල්ලා අපිට සලකලා ගියේ.ඔය අපිත්තෙක්ක එකට ඉස්කෝලෙ යනඋංගිජම්බු ගහේ නැගලා. නැත්තං මල්වර වෙලා. නැත්තං කොටහුල් වෙලා. නැත්තං ලොකු වෙලා. නැත්තං ගෙට වෙලා කියලා. උංගිගේ අම්මා තාත්තටත් වඩා ඕකෙන් සතුටු වෙන්නේ අපි. ඇයිපාටි”. ඇයි යකෝ ඊට වඩා ඒකිගේ කොට්ටෝරුවා මමනේ. මමනේ යකෝ පියුං. උංගිගේ ලිවුම් කරදහි ඉස්කෝලෙට උඩ කරපන්ටයින් වත්තට එන සෙම්බු මුදලාලියගේ කොල්ලට ගිහිං දෙන්නෙත් මග යන ගමන් ඒවයේ ලියලා තියෙන දේවල් හොරෙන් කියවන්නෙත් මේ චූටියානේ. එතකොට උංගිගේ කොටහුල චූටියාට අකැපද? හා කියහල්ලා බලන්ඩ.උංගිගේ ලිවුම් වල තියෙන වැරදි ආඛ්යාන විධි.. සෙම්බුවාගේ කොල්ලගේ ලිවුම් වල තියෙන පැටලුනු අක්ෂර සංයෝග කොච්චර තනියෙන් විචාරය කරලා තනියෙන් හිනාවෙලා ඇද්ද මේ චූටියා.


 අනේ පල අඉයේඅපේ සම්බන්දේගෙදෙට්ට ආරන්ගි වෙල වග. අම්ම ටකක් දන්නවද් කොද? තාත්ත ඩනගත්තම තමඉ කෙස් එක. ඊස්කොලෙන් තමඉ ආරංගි වෙල තින්නෙ. මොනාආ කරංඩද මට තෙරෙන්නැ. අනේ පල අඉයේ.  ඇයි අප්පෙ දයියේ කූර. මෙතනින් නවතමු. ඔයාට තරුවන් සරනයි . චූටියට මොන හරි අරගැන් දොංඩ. (මෙකට පලතුරක් එවාන්ඩ)” 


අක්ෂර වින්යාස වැරදීමෙන් විකාරයක් වෙච්ච උංගිගේ ලිවුම් කියවලා එවුවයෙන් ආස්වාදයක් ඇරං ආය තිබ්බ විදියටම ලිවුම ඔතලා සෙම්බු මුදලාලියගේ පුතා පාලයා අතට දෙන්නේ ඉතිං මං මෙලෝ දෙයක් නොදන්න ගානට. සෙම්බු මුදලාලියාට කියන්නේ පාලයාගේ තාත්තට බේකිරියක් තියෙනවා.ඉතිං පාලයා ඔය ජෑම්පාස් දෙක තුනක් ඔතපු පාර්සලේකුත් එක්ක පලතුරු (පිළිතුරු) ලිපියක් දෙනවා. මාත් ඉතිං පාලයාගෙන් කුරියර් ගාස්තු විදියට ලැබිච්ච ජෑම්පාස් කටේ ඔබාගෙන පාලයාගේ පලතුරු ලිපිය කියව කියව කරපන්ටයි ගස් අතරින් ඉස්කෝලෙ පල්ලම බහිනවා. බහින ගමන් පාලයගේ ලිවුමත් දිග අරිනවා. දිග අඇරලා ෂිප් එක අඇරලා ඉලුක් පඳුරු තෙමන ගමන් උගේ ලිවුමත් කියවනවා. ඒක ඊට එහා. ඕකා සල්ලි තිබ්බට ඉස්කෝලේ ගිය එකෙක්යැ. ටක්කෙටම මේ ලිවුම් ලියන්නේ වෙන පුත්තලං බූරුවෙක්. මට දුන්නනං ලියලා දෙනවා උංගිගේ බොක්කටම වැදෙන්ඩ. 


මා අදර උන්ගි.මට ඔය නතුව පලුයි. මං ටික්කක් හරි සනසෙනේ ඔයගෙ ලිව්මක් කයවල. අප දන්න ඉප්පනට තනකට වමු. චූටියා අපෙ ලිවුම් කියවල් කොල්ලො අක්ක කය කය හින වෙනව කයල වත්තෙ කොල්ලෙක් කවුවා. පොඩ්ඩක් කයල බලාංඩ.ඉස්කොලෙ කීඩා උස්සවෙට අපි හම්බු වෙමු. වරදි නිවරදි කරං කයවන්ඩ. ඔයාට දල පිහිට.මං පාල.” 


මං ලිවුමේ අර මං ගැන තිබ්බ විස්තරේ සාක්කුවේ පෑන අරගෙන පේන්නැති වෙන්ඩ කුරුටු ගානවා. යකෝ මගේ ජොබ්බෙකටත් කෙලවුනාම කොහොමද පාලයගෙන් පගාව ගන්නේ.


ඉතිං ලිවුම ආය තිබ්බ විදියට නමලා ගිහිං උන්ගිගේ අතේ ගුලිකරනවා. උන්ගි ඒකත් ඇරං පස්වනක් ප්රීතියෙන් ඔද වැඩී මිටින් හල කිරිල්ලියක සේ මෙන්න මෙහෙම පියාඹලා ලැට්ටෙක දිහාට යනවා. ලිවුම කියවන්නේ ඉස්කෝලෙට පැල්ලැහින් ලොකු අලිපේර ගහ ගාව තියෙන ලැට්ටෙකේ. උංගි ලිවුම් හුවමාරු කරගනිද්දි ඒකි ලොකු වෙලා හිටියේ නෑ නේද කියලා මටත් මතක් වුනේ අපේ ආච්චි අර කතාව කියද්දි. කොල්ලෙක් එක්ක යාලු වෙන්ඩලොකු වීමසුදුසුකමක් වෙන්ඩැති. 

(ඉතිරිය ඉරිදා)