(කොන්දේ කැක්කුමක් කරන කොටගෙන ජූනි මාසයේ ගම්පහ හොස්පිටලයේ ඇඩ්මිට් වන්නට සිදු වූ නිසා ජූනි මාසයේ බ්ලොග් පෝස්ටුවක් නොවූ නිසා මෙවර නෙලුන් සම්මානයෙන් ඉවත් වීමට සිදු වූ බව ඉතා සන්තාපයෙන් දැනුම් දී සිටිමි)
මගේ රස්සාවේ හැටියට මං මේ ලංකාවේ යාපනය වන්නිය හැර අනික් හතර
දිබ්බාගෙම කරක්ගහල තියෙනවා. වෙලාවකට හිතෙනවා මොකද්ද බං මේ
අහිගුණ්ඨික ජීවිතේ කියලා. ඒ කාලේ මං මිනුවන්ගොඩ බෝඩිමක මාස
හය..හතක් කල් ගත කොරපු කාලේ. බෝඩිමේ ඇන්ටිගේ එකම පුතා එයාව
දාලා ගිහිං. මහත්තයා මැරිලා.
ඉතිං ඇන්ටි රෙදි මහන ගමන් දැහැමින් සෙමින් බෝඩිමක් පවත්තාගෙන යනවා. හවසට මං එනකන් බලාගෙන ඉන්නේ එයාගේ දුක් කතන්දර මට කියන්න.
මාත් ඉතිං අහන්නන්වාලේ පෝන්නෙකට ඇන ඇන ඔය කතා අහගෙන ඉන්නවා. පාන්දර 5ට නැගිටල බුදුන් වැඳලා රේඩුවෙකේ බණ දාගෙන මහනවා. බෝධිපූජාවක්.. පිරිතක්.. පිංකමක් මඟ අරින්නෑ. හැම සඳුදම භාවනා වැඩසටහනකට
නොවරදවා යනවා. දඹදිව 13 වතාවක් වන්දනා කරලා තියෙනවා. පෝයට
සිල්ගන්න අනුරාධපුරේ යන්නේ. අපිත්තෙක්ක වචන 100ක් කතා කරොත් වචන 50ක් බුදු බණ.
එක දවසක් උදේක ඇන්ටි කෑමොර දෙනවා.
"පුතේ මේනක ඉක්කන්ට එන්ඩකෝ"මාත් ඇඳෙන් පැනලා ඇන්ටි මහන
තැනට 🏃 දුවනවා.
"ඇයි ඇන්ටි..."
"අනේ පුතේ මේ දොර මුල්ලට සරපයෙක් රිංගුවා. මේ ටෝච්චෙක ගහලා
බලන්ඩ"
මාත් ඉතිං බයෙන් බයෙන් දෙකට නැමිලා ටෝච්චෙක ගහලා බලනවා.මේන්
මේ සයිස් සරුපයා.මුල්ලේ ගුලි වෙලා බයේ වෙව්ල වෙව්ල ඉන්නවා.
"ඇන්ටි සරුපයා ඉන්නවා"
"ආ මේක ගන්ඩ"
ඇන්ටි තඩි කිතුල් මෝල්ගහක් ගෙනැල්ලා මගේ අතට දෙනවා.මම අන්දුන්
කුන්දුන් වෙනවා.
"ඕකව තලන්ඩ"
මම ඇන්ටිගේ මූණ දිහා බලනවා.
"ඕකව තලන්ඩ ළමයෝ"
බලලුන් ලවා කොස් ඇට බෑවීමක්.
"අනේ ඇන්ටි මදුරුවෙක් ඇර මේ වෙනකං මම කිසිම සතෙක් මරලා නෑ. මගේ
බයික් එකට මේ අවුරුදු දහයට ගෙම්බෙක්වත් යට කරලා නෑ. මට බෑ මරන්ඩ"
"කෝ දෙනවා මෙන්න මෙහාට"
ඇන්ටි මගෙන් මෝල්ගහ උදුරගන්නවා.
"දඩස්...දඩස්..දඩස්.."
ඇන්ටි සරුපයාව තලලා කුඩු කරලා දානවා.නෙත් එෆ්.එම්. එකේ බණ යනවා.
(තව බෝඩිං වල කතා බොහොමයි.. ටික ටික කියන්නම්)
දැන් ඔය පංසල්වල ලොකු හාන්දුරුවොත්තෙක්ක ගමේ ගෑණු පැටලෙන්නේ නිකං නෙවෙයි ආය. පංසල කියන්නේ මුදල් ආකරයක්. අපිට අල්පේච්ච ජීවිත
ගතකරන්න කියාදෙන හාන්දුරුවෝ තමයි සුඛෝපභෝගී ජීවිත ගතකරන්නේ.
අනික පිරිකර වලට ලැබෙන බිස්කට්..කේක්.. කිරිපිටි..ඇඳ ඇතිරිලි..තුවා..
කොට්ට මෙට්ට.. සබන්.. පුයර.. පෑන්..පැන්සල්..පොත් එකී මෙකී නොකී හැම දෙයක්ම... ඉතිං ගෑණු හාන්දුරුවොත්තෙක්ක ධාතු වඩම්මලා අර වස්තු
සම්බාරයත් හූරගෙන ගිහිං පදේකුත් හදාගන්නවා. අපේ ලොකු හාන්දුරුවොත්
ආය සෝවාන්..සකුර්දාගාමී.. අනාගාමී..අර්හත් වෙලා ඇයි ආය.. අංගජාතයේ
සිනිඳු පේෂි අපූරුවට විස්තාරණය වෙනවා..ඇති .. මේකෙදි සම්පූර්ණෙන් වැරදි
ගෑණු... මම දෑහින් දැකපු දේ මෙතන ලියන්ඩ යන්නෑ.. මම දන්න මෙහේ
(ගම්පහ) හාන්දුරු කෙනෙක් ඉන්නවා ගෑණියෙකුත්
ඉන්නවා.. රෑට VX බාගෙකුයි හරක් මසුයි නැතුව වළඳන්නේ නෑ.. උපසම්පදා ලොකු හාන්දුරු නමක්..සෑසනේට ගිය කලක්..
ඉතිං දයානන්දයගේ කේස්සෙකෙන් පස්සේ මම සති දෙක තුනක් පංසල පැත්තේ තියා දහම් පාසලේවත් පස් පාගන්ඩ ගියේ නෑ. ඕක හිංදා ගෙදර ගිහිං අම්මගෙනුත් ගුටි කන්ඩ සිද්ද වුනා. දයානන්දයත්තෙක්ක මාසයක් විතර කතා නොකර හිටියා. ඒත් මොන.... කොපි ගහන්ඩ ෂේප් එකේ ඌ මාත්තෙක්ක ආයෙත් යාලු වුනා.
දැන් ඉතිං ඉස්පීකරේ බැඳගත්තු සෙම්බු මුදලාලිගේ ටිපර්රෙක බදුල්ල
දිස්තිරික්කයෙයි.. නුවරඑළිය දිස්තිරික්කෙයි.. මහනුවර දිස්තිරික්කෙයි..
මොනරාගල දිස්තිරික්කෙයි සීමා මායිම් වල ගම් නියම් ගම්වල සැරිසරනවා.
"අලි කීයද?"
පෙරහැරක් කිව්වම මිනිස්සු ඊගාවට අහන ප්රශ්ණෙ ඕක.
"දහයක්කත් ඉඳියි"
අපි දන්නවා අපේ පෙරහැරේ අඩුම ගානේ යන්නේ අලි දෙන්නයි. ඒත් අපේ
පෙරහැරේ අගය වැඩි කරන්න "මුසාවාදා" ශික්ෂාපදය කඩලා සුණු විසුණු කරලා දානවා.
"කොහේද ඔය පංසල තියෙන්නේ"
බදුල්ල දිස්තිරික්කෙ විතරක්නම් මදෑ අධාර එකතු කරන්න අල්ලපු දිස්තිරික් වලට බැස්සම ඔය උභතෝකෝටික ප්රශ්ණයට මූණ දෙන්න වෙනවා. අපේ
දිස්තිරික්කෙවත් එවුන් හරියට අපේ පංසල දන්නවා කියලයෑ. ඕන් මුතියංගන..
මයියංගන කිව්වනම් දන්නවා. ඒ කාලේ ගූගල් මැප්වත් තිබ්බනම් මේන් පංසල
කියලා පෙන්නන්න තිබ්බා.
"ඔව්වගේ හොරුත් එනවා. පංසල් වලට කියලා ආධාර එකතු කරන්න"
"අපිනං හොරු නෙවෙයි. 🚚 ලොරිය ඉස්සරා පොඩි හාන්දුරුවෝ කෙනෙක් ඉන්නේ.."
"ආපෝ..කාට බැරිද සිවුරක් පොරෝගන්න"
සමහර ගම්වල එවුන් අපිව පයිසෙකට මායිම් කරන්නෑ.ගම්නියම් ගම්වල .. වන බූටෑවල්වල.. කඳු ශිඛර උඩ .. ඇල දොල ගංගා වල අපි සම්මාදමේ යනවා.
ඔය කාලේ අපේ පංසලෙන් වාහන හතර පහක් ඉස්පීකර බැඳන් හතරදිබ්බාගෙම
කරක් ගහනවා. දහම් පාසල් සිසුන් වන අපිත් මාරුවෙන් මාරුවට ඔය ලොරි
පිටිපස්සෙ නැගලා යනවා. ලොකු හාන්දුරුවො මාවයි දයානන්දයවයි
හැමවෙලේම වාහන දෙකක නග්ගන්ඩ වගබලාගන්නවා. දයානන්දයගෙයි මගෙයි ඇරියස්සෙක ආයෙ කොයි වෙලේක හරි පුපුරලා යනවා කියලා
ලොකු හාන්දුරුවො දන්නවා.උඩහ පේමේ තමයි අපේ ටීම් ලීඩර්.
අපි එක එකා යන්නේ එක එක ගෙවල් වලට. ඒ ගිහිං ඇවිත් ටිකට් නොම්බර
පේමෙට පෙන්නලා අදාල 💰 මුදල බාර දෙන්ඩ ඕනි. පේමෙගෙ සාක්කු පිරුනම
ඒව්ව ලියාගත්තු පොත පෙන්නලා ලොරියෙ ඉන්න සාදුට බාරදෙන්න ඕනි.
සාදුත් සල්ලි දැක්කම ප්රීතියෙන් ඉපිල ගිහිල්ලා තට්ටෙ අතගාලා මෙහෙක් කරලාදෑතින් බදාගෙන ලොරියේ මැද සීට්ටෙකට දාලා ගයිනවා.
හැන්දෑවට ලොකු සාදු බලාපොරොත්තු වෙන්නේ හෙන ලොකු පත සල්ලි පෝර උරයක්. ඒක හින්දා ඔය එක එක ලොරියේ යන ටීම් ලීඩර්ලා තමන් ගෙනියන ගොඩ වැඩිකරගෙන ලොකු සාදුගෙන් ලකුණු දාගන්ඩ අපිව පීඩාවට පත් කරනවා. නගින්න බැරි මෙන්න මෙහෙක් කඳු උඩ පවා අපිව නග්ගනවා. අර ඈත පේන
කන්දෙ පැලක් අටෝගෙන සම්බෝලයි බතුයි කාලා ඉමු කියපු එවුන් කඳු උඩ
හුදකලා වෙලා ඉන්නවා නේද? සමහර විට ඒ කන්ද මුදුනටම එක ගෙයයි.
එවුවයෙත් අපිව නංගනවනේ පේමෙයා. සමහර වෙලාවට ඒ නැගලත් හිස් අතින් එන්ඩ වුනාම පල්ලම් බහිද්දි පේමෙයගේ අම්මා විතරක් නෙවෙයි ලොකු
හාන්දුරුවන්ගේ අම්මත් බැනුම් අහනවා.
ඔය අතරේ ඉතිං යම් යම් මූල්‍ය වංචාත් සිද්ද වෙනවා.
"අනේ ඕකට ටිකට් ඕන්නෑ. මේන් විස්සක් තියෙනවා. පොඩි ළමයි විශ්වාසයිනේ. ඕක ඇරං යන්ඩ."
ඕවගේ ඒවා පේමෙගවත් පොඩි සාදුගෙවත් ලොකු සාදුගෙවත් විගණනයකට
ලක්වෙන්නේ නැති හිංදා මේන් මෙහෙම හීනියට උරුට්ටු කරලා මගේ ඉස්කෝල කයිසමේ හොර සාක්කුවේ ඔබාගන්නවා. බැරිම උනොත් ලංකට්ටෙකේ ඉලාස්ටික් පටිය ඉනට සෙට්වෙන තැන තියනවා. ඊට පස්සේ මගදි චූ කරන්ඩ හරි කක්කා
කරන්ඩ සෙට් වුනොත් බොහොම කල්පනාවෙන් ඉන්ඩ ඕනි. ඕක වැටිලා ගියොත් මහන්සියම වතුරේ. ආච්චිනම් කියන්නේ ලංකට්ටෙක ඇන්දෙ නැති වුනොත්
අපේ ලබ්බ බහිනවා කියලා. ඔය බයටම කොහේ ගියත් ලංකට්ටෙක දාන් යන්න අපි අමතක කරන්නෑ. ඔය ලංකට්ටෙකත් ඉරිලා අර මාලු දැල වගේ වෙනකන්
ඇඳලා තමයි අපි පස්ස බලන්නේ. අරපිරිමැස්ම. ලඟදි නුවර යද්දි පාර අයිනේ
නයිලෝන් නූල් බෑක් වලින් එල්ලලා තිබ්බ ඕස්ට්රේලියන් පොඩි නාරං උර
දැක්කමත් මට මගේ ලංකට්ටෙක මතක් වුනා.
ඔව්වගේ මූල්‍ය වංචා ඉතිං දවසට තුන හතරක් කරගත්තම ගොඩ.
"පේමෙලාටනං හාන්දුරුවො පඩි දෙනවා ඇති. නේද චූටියෝ. පේමෙයත් ඉතිං
යටිමඩි එහෙමත් ගහනවා ඇති. මංදන්නැද්ද ඕකුන්ගේ හැටි. සාංගික දේපොල කොල්ලකන උන් අවීචි මහා නරකාදියේ වැටෙන්නේ"
ආච්චි පේමෙට කියන ඒවා නොදැනීම මටත් වදිනවා.
"ආච්චි ටිකට් කඩලා සල්ලි ගෙනැල්ලා ලොරියේ සාදුට දෙනකම් සාංගික
වෙන්නෙ නෑනේ"
"මේ බලපංකො මුගේ පණ්ඩිතකන්"
"එතකොට අපි දවල්ට කෑවම පොඩි සාදු සල්ලි දෙන්නෙත් එකතු කරන සල්ලි
වලින්නේ.ඒවාත් සාංගිකනේ. එතකොට ඒකටත් අපි අවීචි මහා නරකාදියට
යනවද?"
"ආවද මෙතන මහ එවුන් එක්ක පණ්ඩිතකම් කියොවන්ඩ. පලයං යන්ඩ" ආච්චිව
වන්ෂොට් වලින් නොකවුට් කරන්නෙ එහෙම.
හවස ගෙදර ආවම අපේ ආච්චිට මුලු දවසෙම වෙච්චි සන්තෑසි දිගාරින්ඩ ඕනි.අපිට හම්බෙන පඩියක් නැත. අන්තිමේ පෙරහැර ඉවරවෙලා ඉස්තුති කතාවේ
ඉස්පීකරේ අපේ නමක්කත් කියවෙන්නේ නැත. අපේ හම යන්නේද වෙන උන්ගේ නම් යන්නේද එහෙමය.
"ඕන් උඩදාගෙන ගිහිං රෑ දවල් නැතුව කරා. ලොකු සාදු උඹලගෙ නමක්කත්
කිව්වද?"
අම්මා අපිට බයින්නේ එහෙමය.
හුරිහෙලින් නැගී හිරු හොබරැල්ලෙන් බැස යන්නේය.පෙරහැර දවස ටික ටික
ලං වෙන්නේය.
"පැල්ලැහැ ආරි මුදලාලි අලියෙක් බාර ඇරංලු. මහා ලොකු ගානක් යනවා
කියන්නේ. චූටියෝ. උඹ අද සල්පිල බලන්ඩ යනවද.? යනවනම් ඔය පන්දමක්
හදලා ගනින්."
පෙරහැරට දවස් හතරකට විතර කලින් පටන්ගන්න මල් පෙරහැර.. බෝධිපූජා හා සල්පිල ඇදි ඇදී යන්නේය.
මල් පෙරහැරවල් කරන්නේ එක එක ගම් වලින් ය. ගම් දෙක තුනක් එකතු වී එක මල් පෙරහැරක් හැන්දෑවට පංසලට ගෙවදින්නේය.උන්ගෙ ගමට වඩා හොඳට
අපේ ගමේ එවුන් මල් පෙරහැර සංවිධානය කරන්නේය. බෞද්ධ කොඩි
මල් බයිසිකල් මල් වට්ටි බොරු කකුල් වලින් සන්නද්ධ ව මල් පෙරහැරවල්
පංසලට ඇදෙන්නේය.මාත් ඉතිං බෞද්ධ කොඩියක් උස්සන් පෙරහැරේ යනවා.
ආච්චි මල් වට්ටියක් උස්සන් පෙරහැරට එකතු වෙනවා. දන්සිරි අයියා මල්
බයිසිකලේ.
පේමෙ තමයි පෙරහෑර එහෙට්ට මෙහෙට්ට වෙන්න දෙන්නැතුව සංවිදානය
කරන්නේ. තව සංවිධායකයො ඉන්නවා. ඇයි නැම්බර් මාමා.
ආරි මුදලාලිගෙ කෙල්ල මිතිලා තමයි ඉතිං චූටියාගෙ ටාගට් එක. ඒකි දිහා වෙන එකෙක් බැලුවොත් ඌව කපනවා පෙති පෙති. අඩෝව්.. කවුද ඩෝ ..............
වලිකාරයෝ. ඔව් ඒකි තමයි මගේ හීන කුමරිය. ඒත් ඒකි ඒක දන්නෙ නෑ.
අප්රකාශිත ආදරයක්.
කොල්ලෝ කෙල්ලන්ට ලයින් සීන් කරන්නත් තෝරගන්නෙ ඉතිං පංසල තමයි. එවුවගේම ඔය ගමේ ඇතිවෙච්චි අනියම් සම්බන්ධතාත් ගොඩාක්
දලුලා වැඩෙන්නේ පංසලේ සල්පිලේ සහ තාවකාලික කඩ පෙලේ තමයි. දන්සිරි
අයියත් ත්‍රෙයිලෝකපත්‍ර ඔතලා බීලා දන්සිරි අයියගේ හීන කුමරිය හෙවත්
මාලු ඇන්ටිගේ පොඩි දුව පස්සේ ආදරේ ඉල්ලලා වැඳ වැඳ යනවා. ඒත් මොන.. ඒකි බලන්නෙවත් නෑ. දන්සිරි අයියත් උත්සහය අත අරින්නෙම නෑ. නොපසුබස්නා උත්සාහය. අර විසිනව වතාවක්ද කොහෙද පැරදිලා උත්සහය අත නොහැර තිස්වෙනි වතාවේ කොහේදෝ රටක කවුදෝ අගමැතිත් උනේ.
"පේමෙයා පැල්ලැහැ අනුලක්කට කඩල ගොට්ටක් අරං දුන්නා"
"නෑහ්. එහෙනං ඒකත් හරි"
අනියං සම්බන්ධයක් ඇතත් නැතත් කඩල ගොට්ටක් අරං දීම නම් ක්රියාව
දකින්නා තුල එවන් හැඟුමක් මෝදු කරවනවා. ඕක එක දෙක වෙලා කටකතා වෙලා තටු ඇවිල්ලා ඒකට අයිසිං එහෙම දාලා කනින් කනට දොරෙන් දොරට මෙන්න මෙහෙම ඉගිල්ලිලා යනවා.
“ඈ බොල වේස බැල්ලියේ තොට රට වටේ ඉන්න මිනිහලා මදි වෙලාද මගේ මිනිහවත් අල්ලගත්තේ”
“අනේ වැඩේමයි තොගේ මිනිහව අල්ලගන්න. මොකෑ ඌ රාජ කුමාරයානේ. ඌනේ බොල මා පස්සෙන් එන්නේ”
“මොකද්ද බොල තෝ කිව්වේ”
“ඩිෂුම්..ඩිෂුම්..බුෂා..බුෂා..”
අන්තිමට ඔව්වා කෙරවල වෙන්නේ පේමෙයාගේ ගෑණියි අනුලක්කයි පංසලේ
පාරේ දෙනෝදහක් ඉස්සරහ කෙහෙවලු පටලවා ගැනීමෙන්.
මාත් ආරි මුදලාලියාගේ දුවට කඩල ගොට්ටක් අරං ඒක දීගන්ඩ නොවිඳපු
දහදුකක් නෑ. ඒත් අන්තිමේට ඒකි ඒක ගත්තේ නෑ.
නොලැබේනම් එය ආදරයයි.
රෙද්ද තමයි.මම තරහට කඩල ගොට්ටම එහෙම්ම මගේ කටේ හලාගත්තා.
මගේ ගාව නෑනේ ඔය අනියං. මං ගාව තියෙන්නෙ නියම සම්බන්ධකං.
ආය සෙකන්ඩ් වෙයි මේ චූටියා. නැමෙන්නෑ එකෙට්ටවත්.