ඔය චමින්දයා ඉන්නවා නේද? දැන්නම්
නෑ. ගම්පහ බෝඩිමේ මගෙත්තෙක්ක එක කාමරේ අවුරුදු තුන හතරක් දුක සැප බෙදාගෙන හිටියේ.
ඔය ගම්පහ ස්ටූඩියෝවෙක්ක කැමරාමන් කෙනෙක්. ඩේලි ගහනවා ආය. හවසට එද්දි හිඟුරාන හරි
මැන්ඩිස් හරි කාලක් බාගයක් සාක්කුවේ දාගෙන එන්නේ. ආපු ගමන් නාලා ඇඟ එහෙම පිහදාලා
මගේ දිහා බලලා අමුතු හිනාවක් දාලා “කරාස්” ගාලා බෝතල්
මුඩිය කඩලා අමුවෙම්ම.
“ගුඩුස්...ගුඩුස්..ගුඩුස්..ගුඩුස්”
ඕක දැකලා මගේ පපුව පිච්චිලා යනවා වගේ
දැනෙනවා.
ඊට පස්සේ සාක්කුවෙන් බුලත් විටි 3ක් හතරක් ඇදලා අරං ඇඳ
උඩ දරන ගහගෙන ඒවා දිග ඇරලා පරීක්ෂා කරනවා. කෑමට සුදුසු ඒවා. සමහර විට බුලත් විට
දෙක තුනක් රිජෙක්ට් කරනවා. ඊට පස්සේ හොඳ විටක් ඔතලා ලොකු දුංකලයක් එහෙම දවටලා විට
කකා ඇඳේ දිගා වෙලා වහල දිහා බලාගෙන බර කල්පනාවල. අවුරුදු
40ත් පැනලා. තනිකඩ ජීවිත.
ඌ හින්දා මාත් බුලත් හපයෙක් වෙලා ඉඳලා බොහොම අමාරුවෙන් මිදුනේ.
ඉතිං ඔය කාලේ මං වේයන්ගොඩ වැඩ කෙරුවේ.
උදේ 7.20 ට පොල්ගහවෙල යන “හිඟන්නා” කෝච්චියේ තමයි වැඩට
ගියේ. හවසටත් ඔය කෝච්චියක එල්ලිලා එනවා. ඔය කාලේ මං රූපලාවන්‍ය ගැන ලොකු උනන්දුවෙන්
හිටියේ. කෝච්චියේ යන ගැටිස්සියෝ එහෙම මුණ ගැහෙන එකේ පිළිවෙලට ඉන්ඩ එපැයි ආය. ඉතිං
අහුවෙන අහුවෙන ෆේෂල් වොෂ් එක.. ස්ක්රබ්බෙක.. සෙන්ට්ටෙක..ෂැම්පු එක.. කන්ඩිෂනර්රෙක
මං ඇරං එනවා. ඔය සෙන්ට් එහෙමනං මගේ එකෙන් චමින්දයත් ගහගන්නවා. අනික්වානම්
අල්ලන්නෙවත් නෑ.
ඉතිං මගේ තොල් වේලෙනවට ගාන්ඩ ලිප්
බාම්මෙකක් දවසක් අරං ආවා. ස්ට්‍රෝබෙරි සුවඳයි. ඕක අර යටිං කරකව කරකව උඩට ගන්න
රෝලක් (රෝලොන්) එකක් විදියටනේ එන්නේ. උඩ අර පතොරමක් වගේ. හරියටම කිව්වොත් දාඩිය
ගඳට ගාන ඩියොඩ්රන්ට් රෝලොන්නෙකක් වගේ. මං ගාව ඩියෝඩ්‍රන්ට් එකක්නං තිබ්බේ නෑ.
ඉතිං මම හැමදාම වැඩට යන්නේ 7:10 ට විතර. චමින්දයනම් උදේ 8.30 ට 9ට ගිහිං රෑ වෙනකං
වැඩකරල එන්නේ. මං උදේට ඉතිං ලිප් බාම් එකත් ගාලා තොල් පිට තොල් පෙරලලා හැඩවෙලානේ
වැඩට යන්නේ. ටික දවසක් ගියාම මට ලිප් බාම් එකේ උන්ඩේ වගේ හුලස සීඝ්රයෙන් නැති
වේගෙන යනවා වගේ දැනෙනෙවා. අන්තිමට ලිප් බාම්මෙක කට මට්ටමටම ගෙවිලා ගිහිල්ලා. ඔන්න
දවසක් මං උණ හැදිලා වැඩට නොයා ඉහිං කනින් පෙරෝගෙන ඇඳේ දිගෑදිලා ඉන්නවා. චමින්දයා
මූණ අතපය හෝදන් ඇවිත් වැඩට යන්න ලෑස්ති වෙනවා. එක පාරම ස්ට්‍රෝබෙරි සුවඳක් කාමරේ
පුරා පැතිරෙනවා. මම සීට්ටෙක මූනෙන් අයින් කරලා බලද්දි චමින්දයා මගේ ලිප් බාම්මෙක
කිහිලි දෙකේ අතුල්ලනවා.
“යකෝ ඕක මම තොලේ ගාන ලිප් බාම්මෙක”
“ මල්ලි මේක දාඩිය ගඳට ගාන රෝලක් නෙමෙයිද? මං හිතුවේ ඒකක්
කියලා.”
******************************************************************************
“රූට රූට ටක ටක ලයන ගඩේ කතා කයවලා කමෝන්
පලකල ඔබ සමට ගඩාක් පුං “
“ලොකු වෙනවා කියන්නේ මොකද්ද ඇත්තටම”
පොඩි කාලේ ඉඳම්ම ගවේෂණශීලී
මාජ්ජවේදියෙක් වෙච්චි මට ඔය ගැටලුව විසඳාගත යුතුමය.
“සිරි අයියාගෙන් ගොස් අසමු!”
“ඒත් අපිලට කොහෙන්ද සිරි අයියා කෙනෙක්”
“මොකටද යකෝ සිරි අයියලා. අපිට ඉන්නේ
දන්සිරි අයියා”
“ඒකනේ යකෝ දැන්නේ මතක් වුනේ?”
“දන්සිරි අයියේ
උංගි නගා..
ලොකු වී ඇති යැයි
කියති ජනා..
මට තේරෙන්නැති
මේ ලොකු ගැටලුව..
පහදා දෙන්න ඔයා….”
“අනේ චූටියෝ ඔය රෙද්ද
මාත් දන්නෙ නෑ බං හු#$
මෙහෙම තියෙන එක
මෙහෙම වෙනවා බං
ඒකයි දන්නෙ මම….”
ලොකු වීම දන්සිරි අයියා නිර්වචනය කලේ
දඹරැගිල්ලයි මැදගිල්ලයි උපයෝගි කරගෙන එහෙට්ට මෙහෙට්ට චලනය කරලා.
“මෙහෙම තියෙන එක මෙහෙම වෙනවට”
“ඈ...?මෙහෙම තියෙන එක කියන්නේ මොකද්ද?”
“අනේ මංදන්නෑ බං මං දන්න ටික තමයි කියලා
දුන්නේ”
දන්සිරියත් ඕක දන්නෑ.. ඌ එස්.එස්.සී වත්
කරලා නෑනේ .
“නොදන්න දේවල් මගෙන් අහන්න . නැත්තං
වැඩිහිටියෙක්ගෙන් අහන්න”
අපේ දහම් පාසලේදි ලොකු හාන්දුරුවෝ කිව්වේ එහෙම. ඒත් ඕක ලොකු හාන්දුරුවන්ගෙන් අහන්ඩ තව
සතියක් බලන් ඉන්ඩ එපැයි. ලබන සතියෙනේ දහම් පාසල්. ඒ හින්දා අපේ ගෙදර වැඩිම
වැඩිහිටියා ආච්චිනේ . ආච්චිගෙන් අහනවා.
“ආච්චී…. ආච්චී”
“ඇයි බං මල වදේ… තිස්සෙම
පෝච්චි...පෝච්චී”
“ආච්චි ඔය උංගි ලොකු වෙලානේ… මොකද්ද ලොකු වෙනවා
කියන්නේ?”
ආච්චිගේ කට ඇද වෙනවා. ඇස් උඩ යනවා. නලල
රැළි වෙනවා. දාඩියෙන් මූණ තෙමෙනවා. නෝ ආන්සර්..
හෝ හඬ නංවමින් ගලා බැස්ස ගංගාවක් එක්
වරම ඝනීභවනය වූවා සේය. තොරතෝංචියක් නැතුව මහා වනයක ඇසුණු රැහැයි හඬ එක්වරම නිසල
වූවා සේය. මහා හෙන නඟමින් එක්වරම කඩා වැටුනු මහ වැස්සක් නතර වූවා සේය. නිහඬ සංක්‍රාන්තියක්
… ඉදිකට්ටක් වැටුණත් හඬ නැඟෙන…
“දීපල්ලකෝ උත්තර … කමලෝ.. කමලෝ.. මේ
බලපං මූ අහන පුරස්න?”
හමුදා සේවයෙන් නිවාඩු නොලබා හොරෙන් පලා
යන සෙබලෙකු සේ… මහණ දිවියට තිත තබා සිවුරු හැර හොරෙන්
පලා යන හීරලුවෙකු සේ ආච්චි ප්රශ්ණයෙන් පලා යනවා.
“චූටි මෙහෙ වරෙන්”
සතුරන්ගේ පහර දීම් වලින් නැත්තටම නැති
වී පලායම්ද… මියයම්ද… අස්ථානයේ සිටින
සෙබලෙකු සේ මම අම්මා දිහාවට ගාටනවා.
“මම කියලා තියෙනවා නේද තොට ලොකු
මිනිස්සුන්ගෙන් පණ්ඩිත ප්‍රශ්ණ අහන්ඩ එපා කියලා…”
“චටාස්...පටාස් … චටාස්”
“අම්බෝඕඕඕ”
ඒ ප්‍රශ්ණෙට පිළිතුරු ලැබෙන්නේ එහෙම.
“අහන්නෑ එකෙග්ගෙන්වත් ආය. ලොකු
හාංදුරුවන්ගෙන් ඇහුවත් ඔය සෙතේ තමයි.මමම හොයාගන්නවා… සුයං අධ්‍යයනය”
“එකොලහ වසරේ විද්‍යා පොතේ තියනවලු”
ඔත්තුව දුන්නේ ගාමිණියා.
“ඒත් කොහෙන්ද පොතක් හොයාගන්නේ ?.”
මම ඉස්කෝලේ ඇරලා පයින් ගාට ගාට එන ගමන්
උඩැහැ හේල්ලන්දේ වංගුව ගාව රැකගෙන ඉන්නවා නන්දනී එනකං.
“ඇයි බං මෙතන”
“මට උඹේ සිංහල අච්චු පොතයි. විද්‍යාව
අච්චු පොතයි දෙනවද? හෙට ගෙනැත් දෙනකං”
“ඇයි මොකට?”
“සිංහල පොතේ කතාවක් කියවන්ඩ . විද්‍යාව
පොතේ රූප සටහනක් ගන්ඩ”
“ආ ඉඳා.. හෙට ගෙනත් දියං”
පොත් දෙකක් ගත්තම සැකයක් ඇති වෙන්නෑ.
ඔය පොත ගෙදර ගෙනල්ලා කියවද්දි ප්‍රේමදාස
මහත්තයා මා දිහා බලාගෙන ඉන්නවා.. මැරිච්ච අපේ තාත්තගේ පොටෝ එකට අමතරව ජීවත් වෙලා
ඉන්න ප්‍රේමදාස මහත්තයගේ පොටෝ එක්කුත් බොල් විච්ච අපේ දුප්පත් බිච්චියේ එල්ලිලා
හිටියා.
“තාත්තා නැති උඹලට තාත්තා කෙනෙක් වුනේ ඔය
මනුස්සයා. ඔය මනුස්සයා රට පාලනය නොකරනම් උඹලා පොලොව යට”
අම්මගේ කටේ විතරක්
නෙවෙයි ආච්චිගේ කටෙත් තුඩ තුඩ පිළිරැව් දුන්නේ ඔය කතාව. ආණ්ඩුවෙන් දෙන හැම දිළිඳු
සහනයක්ම අපිට ලැබුණා. හාල් ඇටේ.. ලාම්පුතෙල් බෝතලේ ඉඳං අඳින වස්තරේ දක්වා. අම්මා
කිව්ව කතා ඇත්ත කියලා තේරෙන්නේ දැන්.
“කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙක් කරයි”
“උත්සහවන්තයා ජය ගනී”
තුන් හතර පාරක් කියවලා ලොකුවීම කියන්නේ
කුමක්දැයි තනිව අවබෝධකොටගතිමි.
“යුරේකා… යුරේකා…”
නව සොයාගැනීමක් කර අවසන් ප්‍රතිඵලය සඵල
වූ විද්‍යාඥයෙකුට ඇතිවන අන්දමේ ඉහවහා ගිය ප්‍රීතියක් මා මනසේ ඩවුන්ලෝඩ් වෙයි.
පහුවදා උදේ නන්දනීට පොත් ටික බාරදී මාගේ
කාර්යභාරය අවසන් කලෙමි.
දැන් උංගිගේ “ලොකු වීමේ” පුවත ගමේ
පතුරුවාහැරීම අපේ ආච්චිත් ඉස්කෝලේ පතුරවා හැරීම මා විසිනුත් බාරගන්නවා.
“නෑ”
“කවද්ද?”
“කොහේදිද?”
දැන් යකෝ මුන්ගේ අතුරු ප්‍රශ්ණ වලටත්
උත්තර දීපල්ලකෝ.
උංගිලාගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් වලට පැල්ලැහින්. ඒ කියන්නේ උංගිලාගේ ගෙදෙට්ට යන එකෙක් අනිවාර්යෙන්
අපේ ගෙවල් පසුකල යුතුය.
“නැකත් බලන්න වෙලාවත් අරං යන්ඩෝනි.. ඕක
වෙච්ච වෙලාවත් ඕනි. හාලිඇල්ලේ එකාගේ වැඩ හරි නෑ. හොඳ නස්සත්තර කාරයෙක් ඉන්නවා දෙහිවින්නේ. හෙට උදේම අපි දෙන්නා යමන්. ඔය
කෙල්ල ගාව උඩවෙලව තියලා යං”
උංගිගේ අම්මගේ උපදේශක තනතුරට අපේ ආච්චි
බලහත්කාරෙන් පත්වෙන්නේ එහෙම.
දැන් ඉතිං එක එක අමුත්තෝ පඩිපෙල බැහැගෙන උංගිලාගේ ගෙවල් දිහාට ගාටනවා. ඇයි ඉතිං එක එක වැඩ තියෙනවනේ.
කොටහුලට ගේ තීන්ත ගාන්ඩ. දැකුලුමල් කඩන්ඩ. දර පලන්ඩ. හට් ගහන්ඩ. පඩිපෙල්
අලුත්වැඩියා කරන්ඩ. බොන්ඩ.
ඔව් ඉතිං බෝතලයක් නැතුං කාටවත් කියලා මොකක්කත් කරගන්ඩ බෑ මේ ගමේ. බෝතලයක් දුන්නනම් ගෑණිත් දෙන මිනිස්සු ඉන්නේ .
උංගිව කරුවල කාමරේකට දාලා ජනෙල් දොරවල්
වහලා හිරකාරියක් වගේ හිර කරලලු. පිරිමි පුලුටක් ඇහැගැහෙන්ඩ හොඳනැල්ලු වතුර
වක්කරනකන්.
“එතකොට උංගි ලැට්ටෙකට යන්නේ කොහොමද?”
මට තියෙන ප්‍රශ්ණ ඔව්වා. ගවේශණශීලී මාජ්ජවේදියෝ නොවැ.
“මං එහේ නැති වෙලාවට උඹලා පැල්ලැහැ ගෙට
ගිහිං තිබ්බොත් හතරහංදි කඩනවා”
අපේ අම්මා අපිට තහනම් රෙකුලාසි දාන්නේ එහෙම.
ඉතිං පහුවදා අපේ ආච්චියි උංගිගේ අම්මයි
යනවා නැකැත් බලන්ඩ.
නැකැත් බලාගෙන ඇවිත් ආච්චියි උන්ගිගෙ අම්මයි පඩිපෙල බහිනවා…
“මගේ මේ අත අල්ලගනිං බං. පඩිපෙල් පේන්නේ
නෑ. දැන්නන් දැලක් දාලා වගේ… පේනවා අඩුයි”
පාරෙ යද්දි ඕපදූප සේරම පේන ආච්චිට අච්චර
ලොකු පඩි පේලි පේන්නෑ.
උන්ගිලාගේ අම්මා උංගිලාගෙ ගෙදෙට්ට යනවා.
ආච්චි අපේ ගෙදෙට්ට එනවා.
“කමලෝ ඔය කහට ටිකක් දියං දිව ගිලෙන්ඩ
යනවා.”.
“මොකෝ වුනේ අම්මේ?”
“නැකැත් ලබන මාසේ පහලව. කෙල්ලට අන්තිම
නරකයි කිව්වා කොටහුල් නැකත. ඇහැක් වගේ බලාගන්ඩ කිව්වා. කොහොමත් ඕකි සෙම්බු
මුදලාලිගේ කොල්ලත් එක්ක යයි. මහ එකීත් ඇඟෙව්වේ නැති වුනාට හිත යටින් කැමති ඇති .”
“හ්ම් … පැල්ලැහැ රත්නායකගේ
කෙල්ල කිව්වලු උංගිත් ලොකු වුනා.. ඒකි තාම ලොකු වුනේ නෑ කියලා”
“හැක් …. හැක් .. හැක්… බලාපංකෝ මෙවුන්ට
තියෙන පුරස්න්.. හැක්.. හැක්.."
පුංචිබංඩේ අයියයි පිස්සු ආරියි පඩිපෙල බැහැගෙන බැහැගෙන එනවා.
පුංචිබංඩේ අයියයි පිස්සු ආරියි පඩිපෙල බැහැගෙන බැහැගෙන එනවා.
“ඉවරයි.”
පිස්සු ආරිනම් ආපහු යන්නේ කොටහුල
ඉවරවුනාට පස්සේ.
හෙටේනංන කියවංන
ReplyDeleteහැක්
Deleteපලවෙනි වතාවට මේ බොගට සෙට් උනේ
ReplyDeleteමාතලන් ලොක්කා නිසා තමයි උඹව අදුනාගත්තේ
දිගටම ගමේ තොරතුරු සහ උඹගේ මතකය අපිට කියවනවා දෙනවද
ජය වේවා
===Adrian from Toronto
👍
Deleteඅැත්තටම ලොකු වෙනවයි කියන්නෙ මොකක් ලොකු වෙනවදට බොල. මේ අපිත් ඕව දැනගන්න එපැයි.
ReplyDeleteහිරකාරයො ලැට් එකේ යන්නෙ බාල්දියක් තියාගෙනලුනෙ. කෙල්ලත් එහෙම වෙන්ටැ කොරනව ඇත්තෙ.
දං ඉතං හටහංකෙ ඡනදෙන පසසෙ ඊගව ආණඩව එනකල ඉතර ටක බලනන.
ජනදට අප ගම යනව
Deleteඅර සුරංග මලර ය තාම ඇවිල්ල නැත්තෙ ඊයෙ බළල් තඩියොත් එක්ක ලැප්ටොප් නැටුම නටල ද?
ReplyDeleteඋඹ වේයන්ගොඩ කොහෙද බං වැඩ කෙරුවෙ. අපේ ඒරියල් එක නොවැ.
ReplyDeleteඔය බස්නායකයගේ කඩේට අල්ලපු බිල්ඩිමේ අපේ ඔපීසිය තිබ්බේ... දැන්නම් නෑ.. ඒත් මම තාම ඔය වේයන්ගොඩ පල්ලෙවෙල පැත්තේ ලයින් සීන් කරන්ඩ එනවා.. හැක්..
Deleteආයෙම එනවනං මට කතාකරන්න.
Deleteඑල ලිප්ස් බාම් සීන් එකමරු
ReplyDeleteහැක්ස්
Deleteheh
ReplyDeleteමරු ලියවිල්ල. මම කෑමතිම උපමා ටිකට. දිගට්ම ලියන්ඩ ඔයාගෙ කථා කියවන්න කියවන්න ආස හිතෙනවා.
ReplyDeleteලිප් බාම් එක රසට තියෙන්නේ ඇති නේද බං, ලුණු දාපු ස්ට්‍රෝබේරි වගේ :-D
ReplyDelete"ෆෝලින්ග් ෆ්‍රොම් ජම්බු ට්‍රී" ප්‍රොසීඩියර් එක මේ තරම් අපූරුවට හෙළුවෙන් වනන්න පුළුවන් කියල දන්නේ දැන්නේ බං.
මල් හතයි ඈ ...
සැප වාවා...අපි ධන්නගේ පුස්නේ ටක ටක ගෙදරට අන්චිවෙලා ....අයය මට පුස්න දක තුනක් දම්ම ....
ReplyDelete