අපේ ගෙවල් වලට ඉස්සරහින් හොබරැල්ල කන්ද. පස්සෙන් හුරිහෙල කන්ද..දකුණෙන් රොකතැන්න තේ වත්ත..වමෙන් සෙන්ජේම්ස් වතු කන්ද... ඔය ඉස්සරහ කන්දට තමයි අපේ අම්මා දර හොයන්න යන්නේ. අපි තාම උයන්නේ දර වලින්.. මම ගෑස් ලිපක් ගිහිල්ලා දීලා ඒක දැන් පුරා වස්තුවක් වෙලා. ඉතිං අපේ අම්මා අඳින්නේ චීත්තෙයි හැට්ටෙයිනේ..ඉතිං අම්මා දර හොයන්න ගියාම අපිට සරුයි. ඇයි අම්මගේ චීත්තේ ගැටේක කන්දේ නෙල්ලි..දමුණා..ලොකට්..ඇඹුල් පේර..ගඳපාන ගෙඩි..බූටා ගෙඩි (බ්ලැක් බෙරි විශේෂයක්) .. තෙල් මොට්ටු..කළු තැම්බේරියා ගෙඩි පුරවගෙන එන්නේ ... ඇයි දර මිටියේ මැද තැම්බේරියා කොල..කලු අල කොල ...රට බටු (චෙරි තක්කාලි) ..තිබ්බටු..කැලෑ කොච්චි උරයක් සහයෝගයෙන් ගෙදරට එනවා .. ගමක ඉන්නවගෙන් තියෙන වාසි ඕවා... මෙහේ ඉන්න ඩෙනිමක් ඇඳන් ස්කූටියේ ගිහින් සල්ලි දීලා ගෑස් ගේන අම්මලාට වඩා චීත්ත හැට්ට ඇඳලා කන්දට ගිහිං තුරු පලතුරු අල පලා එක්ක දර සල්ලි නොදී අරන් එන අපේ අම්මා කොච්චර අගෙයිද?
ඔන්න ළමයිනේ මම අද කියන්න යන්නේ ගොයම් කොළය ගැන.. ඉතිං දෑකැත්තෙන් කැපෙන ගොයම මිටි බැඳිලා අපේ අම්මලාගේ හිස මතින් කමතට එනවා..තිලකේ මාමා තමයි කමතේ මුල්ලක ඉටි කොලයක් එලලා ගොයම් කොලේ ගහන්න ලෑස්ති වෙන්නේ. කමතට ගෙනාපු කැපූ ගොයම් මිටියෙන් ගොයම් අහුරු අහුරු අරගෙන ගොයම් කරල් තියෙන පැත්ත කවයේ ඇතුලටත් කැපුම් පෙදෙස කවයෙන් එලියටත් වශයෙන් මුලින්ම කව හය හතක් සමහර විට දහය දොලහක් හරිගස්සනවා.. ඊට පස්සේ උඩට යන්න යන්න ක්‍රමාණුකූලව කව ගනන අඩු කරමින් ගොයම් පිලිවෙලට අහුරන එක තමයි ගොයම් කොළය කියන්නේ . නැතුව ගොයම් කොළයට (පත්‍රය) නෙවෙයි.. පස්සේ මැඩවුමේදී මේකෙන් ඇදලා තමයි කමතට ගොයම් දාන්නේ.. අඟහරුවදා වෙනකම් දිගටම ලියනවා...ගමේ යන්නත් ඕනි ..පස්සේ දවස් තුන හතරකින් තමයි ලියන්න වෙන්නේ... ගිහිං එන්නම් ..
Nice blog menaka... awaiting for more
ReplyDeleteඅම්ම කන්දට ගිහින් දර හොයන් එන ගම පලතුරු, එළවළුවක් එක්ක පළා අරගෙන හැටි කියන කොට මට මතක් උනේ අපේ තාත්තගෙ අම්ම ඒ කියන්නේ අපේ ආත්තම්මව, දැන් වැඩි පයුරු පාසානමක් නැති උනත් උන්දැත් ඔය වැඩේට හරි දස්ස, පවුලක් ගොඩ දාපු මනුස්සයෙක් !
ReplyDelete