බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Saturday, May 13, 2017

අතුල සහ සෙල්වම් ...




“නිවාඩු ගත්තානම් මේ ඉරිදා හිලවුවට වැඩ කල යුතුය”

ප්‍රයිවට් කොම්පැනිවල තියරිය එයය. ඒ හේතු කොටගෙන බෝතල් අවුරුද්ද අන්තිම කොටහ ලබන ඉරිදාට කල් යන්නේය.
සුරංගයයි උගේ ප්‍රිය බිරින්දෑයි අපේ දිහා පැමිණියෝය. උඩහ පංසල හරියට ගීං ආපහු හරෝගෙන එන සුරංගයා පිළිගත්තේ මා විසිනි. අපේ දුප්පත් ගෙදෙට්ට එක්කන් ගොස් අම්මාට මූ හඳුන්වා දුන් පසු මූ මගෙන් ප්‍රශ්ණ දෙකක් ඇසුවේය.

“කෝ බොලාගේ ආච්චි”

“කෝ බොලාගේ දන්සිරි අයියා?”

ආච්චි අවුරුදු එකසිය තුනක් පරමායුෂ විඳ පොලොවට පස් වූවාය.
දන්සිරි අයියා ගම ගැන කළකිරී දියතලාව කෑම්ප්පෙකේ අරක්කැමියෙක් ලෙස සේවය කරන්නේය.
මං ඌට උත්තර බැන්දේය.
සුරංගයයි උගේ ප්‍රිය බිරින්දෑයි සැහැල්ලුවෙන් හිනාවෙන් විහිළුවෙන් ගෙවන ජීවිතය අම්මා අගය කලාය.

මම ගමේ ගියාම කවදත් වගේ ගම්මුන්ට ඇති ප්‍රශ්ණ මෙවරත් වැමෑරුවෝය. ඒවානම් ...

“තාම බැන්දෙ නෑ?”

“චූටියා බඳින්නැද්ද?”

“ඇයි දන්නෑ චූටියා බඳින්නැත්තේ කොළඹ බැඳපු ගෑණියෙට්ටවත් අහු වෙලාද දන්නෑ??”

ගමේ උන්ට තියෙන උභතෝකොටික ප්‍රශ්ණ ඔවුවාය.

ඇලේ දොලේ ඇවිද .. එවුවායේ සිරි විඳ ... දන්සිරියාගේ කිතුලද දැක බලාගෙන සුරංගයා ආපහු ගියේය. 

අපේ අක්කාද ඔවුන්ගේ විනෝදකාමී ජීවිතය අගය කළාය. ඔවුන්ගේ ජීවිතයට ජයෙන් ජයම වේවා!


සුරංගයා රදන් අලලා සංහිඳියාව ගැන බුකියේ දැමූ පෝස්ටුවක් නිසා මා කලෙකට පෙර ලියූ එහෙත් බොගයට එක් නොවූ මේ කතාව දිගහරින්නෙමි.
බෝතල් අවුරුද්ද එන ඉරිදා දිග හරින්නෙමි.

අතුල සහ සෙල්වම් ...

අපේ ගම තිබ්බෙ  නුවරඑළිය පාරේ..ඇටම්පිටිය කිට්ටුව..ගමේ තියෙන හීතලටයි මීදුමටයි ආදරය කලේ සිංහල අපි විතරක් නෙවෙයි...දෙමළ මිනිස්සුත් අපි වගේම හීතලටයි මීදුමටයි ආලය කලේ කිසිම බේදයක් නැතුව.
අපේ ගමට උතුරින් තිබ්බෙ රොකතැන්න වතුයාය. දකුණින් සෙන්ට් ජේම්ස් වතුයාය. බටහිරින් කිංග් රෝස් වතුයය. කිංග් රෝස් වතු යායේ ලැයිම් කාමර අපේ ගමට අපූරුවට පේනවා.

අපි කොණ්ඩෙ කපාගන්න ඕනි වුනොත් යන්නේ සෙන්ට් ජේම්ස් වත්තෙ සදන් අයියගෙ බාබර් සාප්පුවට. සමහරදාට සදන් අයියා දිග මූණ බලන කණ්නාඩියත් කිහිල්ලෙ ගහගෙන ගමට එනවා අපේ කොණ්ඩ කපන්න. වත්තෙ වැඩ අඩු කාලෙට වත්තෙ මිනිස්සු අපේ ගමට ඇවිල්ල බොහෝම සහයෝගයෙන් වැඩක් පොලක් කරල කීයක් හරි හොයාගන්නව. දෙමළ මිනිස්සු වැඩට කම්මැළි නෑ.

.............................. කනිෂ්ඨ විද්යාලය

අපිනම් කිව්වෙ බොහොම උජාරුවෙන්. ඒත් ඉතාමත් අඩු පහසුකම් සහිත බොහෝම දුෂ්කර දුප්පත් පාසලක් තමයි අපේ ගමේ පාසල. ගමේ දුප්පත් මිනිස්සුන්ගෙ දුප්පත් දරුවන්ගෙ දුප්පත් පාසල.

ඔය ඉස්කෝලෙ තමයි අතුලයි සෙල්වමුයි හිටියෙ. අතුල සිංහල. සෙල්වම් දෙමළ. දෙන්නා ගජ යාළුවෝ . යාළුකම කොච්චරද කිව්වොත් අපි දෙන්නට කිව්වෙ ගෑණියි මිනිහයි කියල. සෙල්වම් හදාගෙන එන ඉටලි වඩේ මුරුක්කු අතුල විතරක් නෙවෙයි අපිත් රහ බැළුවා. අපි කවදාවත් ඔය දෙමළගෙ කෑම කියලා ප්රතික්ෂේප කලේ නෑ.
වත්තෙ කාමන් කුත්තු කාලෙට- රදන් අදින කාලෙට-කෝවිලේ එළුවො කපන දවසට සෙල්වමුත් එක්ක අතුල අනිවාර්යෙන් එතැන හිටියා. සෙල්වම් රදන් කරත්තෙ කටු වලින් එල්ලිලා යද්දි රදන් පෙරහැර ඉවරවෙනකල් අතුල සෙල්වම්ට දිරියදුන්නා. 

රදන් පෙරහැර අපේ ගම මැද්දෙනුත් යනවා. අපි රදන් පෙරහැර පිළිගන්න කෙසෙල් ගස් හිටවලා ගොක්කොල සැරසිලි කරනවා. ඕක දෙමළුන්ගෙ පෙරහැරක් කියල කිසිම හැගීමක් අපිට කවදාකවත් ඇතිවෙලා නෑ. අපි රදන් පෙරහැර -ගිනි පෑගීම බලන්න අනිවාර්යෙන් කෝවිලට යන්නෙ පංසලකට යන හැගීමෙන්මයි.

................ විහාරස්ථානය

අපේ පංසල.. පොඩි හුදෙකලා කදු ගැට්ටක තමයි අපේ ලස්සන පංසල තියෙන්නෙ. අවුරුද්දකට වතාවක් අපේ පංසලේ පොසොන් පෙරහැරක් පැවැත්වෙනව මහ ඉහලින්ම. ලොකු හාමුදුරුවො කියන්නත් කලින් කෝවිලේ පූසාරි කාවඩි නැටුම් කණ්ඩායම සූදානම් කරනවා. අපේ පංසලේ පෙරහැරට. පෙරහැරේ අන්තිමට යන්නෙ කාවඩි කණ්ඩායම. මේක දෙමළුන්ගෙ නැටුමක් කියල කිසිම හැගීමක් අපිට ඇතිවෙලා නෑ. කාවඩි කණ්ඩායමේ දෙමළ අයත් එක්ක සිංහල අයත් හරි හරියට නටනවා.

අතුලගෙයි සෙල්වම්ගෙයි පාසල් ගමන හමාර වෙන්නේ සාමාන් පෙලින්. සෙල්වම්ට වත්තෙ ඉස්ටෝරුවේ රස්සාවක් ලැබෙනවා. අතුල පල්ලැහැ කුඹුරෙ එළවළු හිටවනවා.

සෙල්වම් නිවාඩු ඉරිදට හතරැස් බෝතලයක් අරං අතුල බලන්න එනවා. අර මිතුදම තාමත් එහෙමමයි. බෝතලේ කඩල කට්ටිය හෙමීට සප්පායම් වෙන්නේ අතුලගෙ එළවළු කොටුවෙ පැල් කොටේදි. අපිත් හිමීට පැල් කොටේට කිට්ටුවෙන්නෙ ගෙනාපු බයිට් ටිකට වග කියන්න. ටිකක් රත් වුනාම සිංදු මතක් වෙනව. ඩොලැක්කිය අතුලගෙ අතට එනවා. සෙල්වම් සිංදු පටන් ගන්නවා. 

කාදලන්
චිත්රපටියෙ සිංදු තමයි සෙල්වම් කියන්නෙ. ගමේ කාගෙත් කන් අතුලගෙ පැල්කොටේ සෙල්වම්ගෙ ගී හඩ දිහාට යොමුවෙනවා.

මරු සිංදු ටික 

තේරුම දැන නොගත්තත් සෙල්වම්ගෙ සිංදු අහන ගම්මු කියන්නෙ එහෙම. දෙමළුන්ගෙ සිංදු කියල කවදාවත් අපි සෙල්වම්ගෙ සිංදු ප්රතික්ෂේප කරලනම් නෑ. 

එළවළු කොටුවෙන් පාඩු වුනාට පස්සෙ අතුල හමුදාවට යන්න තීරණය කරනවා. මෙතනදි අතුලගෙ ගෙදර අයටත් වඩා දුක් වෙන්නෙ සෙල්වම්. අතුල උතුරට ගිහින් තමන්ගෙම ජාතියට වෙඩි තියයි කියල ඇතිවෙන දුකක් නෙවෙයි අතුල උතුරෙදි වෙඩි කෑවොත් තමන්ට හොදම යාළුවෙක් නැතිවීම නිසා ඇතිවන දුකක්. 

ඒත් අතුලට හමුදාවට යන්න වෙනවා. රට වෙනුවෙන්නම් නෙවෙයි. දරිද්රතාවය හා විරැකියාව හේතුවෙන්. 

අතුලගේ හමුදා ගමනට ඕනි අඩුම කුඩුම ඔක්කෝම සෙල්වම් ගානේ . සෙල්වම් ගෙනාපු සපත්තු දෙක දාගෙන තමයි අතුල දෙමළුන්ට වෙඩි තියන්න ගියේ. ඒත් හිත් දෙකේම එහෙම අදහසක් නම් මෝදු වෙලා තිබ්බෙ නෑ.
අතුල නිවාඩුවට ගමේ එද්දි ඉස්සෙල්ලාම බව දැනගන්නෙ සෙල්වම්. අතුල ගමේ ආවාම ලොකු ලොකු සාද.. හතරැස් බෝතල් වෙනුවට අමුතු අමුතු නම් තියෙන බෝතල්.

රත් වෙනකොට යුද්දෙ ගැන. වෙඩි තියපුවා ගැන. අපේ අය වෙඩිකාපුවා ගැන. කොටි අපේ කෑම්ප් වලට ගහපුවා ගැන. කන්න නැතුව කැලේ හිටපුවා ගැන අතුල කියන කතා සෙල්වමුත් කුතුහලයෙන් අහං හිටියා. අපිට ත්රස්තවාදීන් වෙච්ච කොටි සෙල්වම්ටත් ත්රස්තවාදීන් .. අන්තිමට සෙල්වම්ගෙ දෙමළ සිංදු...... 

අතුල බැන්දා. අතුලගෙ දෙවෙනි මනමාලයා වුනේ සෙල්වම්. ටික කාලෙකින් සෙල්වමුත් බැන්දා. ඒත් දෙන්නගෙ මිතුදම තාමත් එදා වගේමයි.
වෙල්ලමුල්ලි වයික්කාලෙදි ප්රභාකරන් මැරුණා. යුද්දෙ ඉවරවුනා. යුද්දෙ ඉවර බව දැනගත්තු අපේ ගමේ අය කිරිබත් දන්සලක් දුන්නා. දන්සලේ හැම වැඩකටම උදව්වුනේ සෙල්වම්.. දෙමළෙක්ගෙ මරණයට සතුටුවන දෙමළෙක්.
අතුලගෙයි සෙල්වම්ගෙයි යාළුකම තාමත් එදා වගේමයි. අතුලගෙ නිවාඩුවෙන් වැඩි කොටසක් සෙල්වම් එක්ක.

අපේ රටේ ජාතිවාදයක් තිබුනේ නැත. තිබුනේ ත්රස්තවාදයකි. සිංහල-දෙමළ-මුස්ලිම් ජාතිවාදයෙන් හිස උදුම්මවාගත් මිනිස්සුන්ට අතුල-සෙල්වම් චරිතද්වය කනේ පහරක් වනු ඇත.

6 comments:

  1. මාත් පලවෙනියටම සාක්කියට අස්සන් කරපු කසාදෙ බෙරගල දෙමළ කෙල්ලෙකුයි චූටි මැණීකෙලගෙ ගමේ සිංහල කොල්ලෙකුයි බන්දපු මගුලක්. බදුල්ලෙ ආවට පස්සෙ මට ඉන්න තව හොඳ යාළුවෙක් තමයි ජයසීලන්. මිනිහා කොළඹ ගිහිං එද්දි මටත් ඕනි ඉලෙක්ට්‍රොනික් බඩු ගෙනත් දෙනව. එකම වරද මිනිහා ටෙලිපෝන් නොම්බර මාරුකරණ එකයි.

    ReplyDelete
    Replies
    1. අපි එකට අඩි ගහනවා .....

      Delete
  2. හහ් හහ් ආ.. මං කිව්වා හරිනේ? අත්දික්කල්ලා පෙන්නන්නේ දන්සිරියාගෙ කිතුල තමයි..

    ReplyDelete
  3. සින්බෑඩ් හා හා පුරා දෙවනි මනමාලයා වෙන්න හිටි මංගල්ලේ මනමාලයා දියේ ගිලි මලා..... අඬපු ඇඩිල්ලට ආයේ කවදාවත් දෙවනි මනමාලයාට ඉන්න හිතන්නේවත් නැති වෙන්න හත් පොළේ දිවුරුම් දුන්නා....

    ReplyDelete
  4. අඩෙන්න ලියලනෙ බං එල

    ReplyDelete