බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, May 13, 2018

පෙරහැර 01

කතා ලියලා පබ්ලික් කරලා උඩ වහල දිහා බලන් ඉන්නකොට තමයි මේ කතාවට මේකත් දාන්ඩ තිබ්බනේ යකෝ අරක අතනට ඔබන්ඩ අමතක වුනානේ වගේ දේවල් හිතෙන්නේ..
" ඒ මගුල් ගෙදර වගේ මගුල් ගෙයක් මගේ ජීවිතේට දැක්කෙ නෑ බං.. කෑම බුකේ දාලා තිබුනේ"
"බුකේ?"
"ඔව් බුකේ. "
"බුකේ නෙවෙයි නැන්දේ බුපේ.."
"හරි හරි බං කෝකත් එකයිනේ"
###################################################
"නංගී ඔයා ෆේස්බුක් ඉන්නවද?"
"නෑ අයියේ... ලඟදි ෆේස්බුක් එකක් ගන්ඩ තමයි ඉන්නේ."
####################################################
දවසක් කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා ඒකිගේ පෝන්නෙකේ බැට්ටි බැහැලා කියලා මේන් මෙහෙම...

"Mage pake bat bahala"

####################################################
මේ කතා කියවපු අපේ ගමේ එකෙක් ඇහුවා "උඹට අපේ ගම ගැන ලියන්න එක හොඳක්කත් නැද්ද?" කියලා.
තියෙනවා. මෙහෙ (ගම්පහ) මිනිස්සු පාරේ 🐕 බල්ලෙක්
වාහනෙකට යට කරන් ගියොත් නගර සබාවෙන් එනකන් ඉන්නවා. ඉතිං නගර සබාවෙන් ආවේ නැත්තං අර බල්ලා ඉදිමිලා..පුපුරලා.. ඕජස් ගලලා මුලු පලාතම ගඳ ගහනවා. ඊට පස්සෙ මිනිස්සු නහයවල් වහගෙන දුක් විඳිනවා. භේදයක් නැතුං උදැල්ලක් අරං අර බල්ලව වලේ දැම්මනම්ඉවරනේ.. ඒකට අපේ ගමේ එවුන්.. වාහනේ වැදිලා ඌෂ්ණෙ යන්ඩත් කලින් ඕනි එකෙක් සුවෙච්චාවෙන් ඇවිත් දඩ බඩ ගාලා වලේ දානවා.. ඒ එක හොඳක්..
අනික මල ගෙයක් උනොත්... වලියක් ගියොත් මුලු ගමම මීමැසි පොදියක් වගේ එකතු වෙනවා.. ඒ සාමූහිකත්වය වෙන කොහේවත් මම දැකලා නෑ.. ඒ අනික්හොඳේ..
අනික මේ ගමේ එක පිරිමියෙක්කත් අරක්කු පොදක් රා බිඳක්
අඩු ගානේ සුරුට්ටුවක් නොබී පස් පවින් වැලකී දැහැමින් කාලය ගත කරනවා. ගෑණු තම පතිවුර්තාවය රකිමින් දහම් ශ්‍රවණය කරමින් නවගුණ වැල ගණිමින් බොහෝ ධර්මානුකූලව ජීවත් වෙනවා...

"අනේ පලයන් බං යන්න.. අපි නොදන්න මොණරතැන්න.. කට කැපුවත් බොරු ලියන්නැති කෙලින් මිනිහෙක් මේ චූටියා...පාංශුකූලෙදි මැරුණු එකාගේ නැති හොඳත් කියන හාන්දුරුවෝ වෙන්නද උඹ මට කියන්නේ?"
ගමේ පිරිමින්ගේ වග හාලිඇල්ල ප්‍රියන්තයාගේ බාර් එකට ගොස් විමසීමෙන්ද... ගමේ ගෑණුන්ගේ වග උඩුවර ගෙස්ට් එකේ පොත චෙක් කිරීමෙන්ද වටහාගත හැක.
---------------------------------------------------------------------------------

"ඈයූබෝවන්.. මේ ඔබ අමතන්නේ.................... විහාරස්ථානයේ ප්‍රචාරක අංශයයි. .................. විහාරස්ථානය මගින් දහවෙනි වරටත් පවත්වන පොසොන් මහා පෙරහැර මෙවරත් 28 වෙනි පොසොන් පොහොය දින වීථි සංචාරය කෙරේ. ඊට සමගාමීව 24/25/26/27 දිනවල රාත්‍රී සල්පිලක්ද සල්පිල අවසානයේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රදර්ශනය කරන චිත්‍රපට සංදර්ශනයක්ද පැවැත්වේ. ඔබේ නිවසට දැන් පැමිණෙන අප දායක මණ්ඩලයට ඔබේ නොමසුරු ආධාරය කරන්න.. ඉස්දූදියි.. තෙරුවන් සරණයි.."
පෙරහැර එන බව අපිට කනින් කොනින් ආරංචි වී තිබුණද එය නිල වශයෙන් කියන්නේ ඔය යකඩ කටින් එහෙම නැත්තං ලව්ස්පීකරෙන්‍ ය. (සල්පිල ගැන මීට පෙර වෙනම බොගග් පලකර ඇති බැවින් සල්පිල අතහැර පෙරහර අලලා ලිවීමට සිතමි. සල්පිල මෙතැනින්.. )
දැන් ඉතිං ලොකු හාන්දුරුවන්ගේ අනුසාසකත්තෙන් ගමේ මිනිස්සුන්ගේ සහ දහම් පාසල් සිසුන් වන අපේ
දායකත්වෙන් වත්තේ සෙම්බු මුදලාලිගෙන් සහන මිලට හම්බෙන 🚚 ලොරියේ ඉස්පීකරයක් බැඳගෙන සාමනේර හාංදුරු කෙනෙකුත් පටෝගෙන ගම්නියම් ගම් වල ධර්ම චාරිකාවේ... ආ වැරදුනා ගම් නියම් ගම්වල පෙරහැරට ආධාර එකතු කරන්න මුදල් පිණ්ඩපාතේ චාරිකා කොරනවා.

ඔය ලොකු ෂාදුත්තෙක්ක ඒ දවස්වල ඉඳං මගේ ලොකු ඇරියස්සෙකක් තියෙනවා.
අපේ දහම් පාසල තියෙන්නේ ධර්ම ශාලාවේ. ධර්මශාලාව සිංහල උලු හෙවිල්ලපු අර අටපට්ටමක් වගේ වහලක් තියෙන පරණ බිල්ඩිමක්. ඔය බිල්ඩිමේ දිග මේස සහ බංකු දාලා තමයි දහම් පාසල පවත්තගෙන ගියේ. ගුරුවරුන්ට ගොඩක් හිටියේ සාමනේර හාංදුරුවො. පාඩං කියල දෙද්දි සාමනේර හාංදුරුවො දිහා කෙල්ලො බලනවා. පොත් ඇස්සෙන්.. සාමනේර හාන්දුරුවොත් අරින්නෑ ආය..
එක ලස්සන කෙල්ලෙග්ගේ ඇස් හැම වෙලේම සාමනේර හාන්දුරුවන්ගේ ඇස්වල ගැටෙනවා. හාන්දුරුවන්ගේ ඇසුත් අර කෙල්ලගේ ඇස් වල ගැටෙනවා. සිල් බිඳෙනවා. කෙල්ලන්ටත් යකෝ මේ අපි මෙච්චර ඉන්නවා වේලි වේලී.. අපි දිහා බලපව්කෝ... රෙද්ද...
දැන් ඉතිං කෙල්ලොත් එකාට එකා ඉරිසියයිනේ ආය... උන්
තමයි අර සාමනේර හාන්දුරුවෝ 🐓 කුකුළය.. අරයත්තෙක්ක මොකක් හරි තියනවය.. මාව ගණන් ගන්නේ නැතිය කියලා පද.. ගම වටේ ටිකින් ටික ජනගත කරන්නේ.
ඉතිං දවසක් සාමනේර හාංදුරු කෙනෙක් උගන්න උගන්න ඉද්දි
දයානන්දයට නැගිටලා පාඩම කියවන්ඩ කිව්වා. දයානන්දයා හිටියෙ මට එහායින්. මැටි ගොඩ. ඉස්කෝලෙදි ඌ ඔක්කම කොප්පෙ ගහන්නේ මගෙං. ඕකා දැන් පාඩම කියෝලා ඉඳගන්න නිසා මගේ පෑන ඌ ඉඳගන්න නියමිත තැන කෙලින් හිටෝගෙන මේන් මෙහෙම වැරෙන් අල්ලගෙන ඉන්නවා. ඕකා ඉඳගත්තම පුක පසාරු කරගෙන යන්න. ඕකා ඉස්කෝලෙදි පුටුව ඇදලා මාව බිම වට්ටපු එකට රිටන්නෙක. අරූ ගොත ගහලා ගහලා පාඩම කියෝලා ඉඳ ගනිපි. ඉඳගත්තු ස්පීඩ්ඩෙකට පෑන දයානන්දයගෙ පුක පසාර් කරගෙන දෙකට කැඩිලා කූර ඈතට විසි වෙලා ගියා.

"අයියෝඕඕඕඕ"
කොහේ සේප් කරගන්ඩද අරූ මහ හයියෙන් විලාප තියපි. දයානන්දයගෙ පස්සෙන් ලේ ගලපි. වැඩේ කිරිමිනල්..
"මොකෝ ඔය?"

"ෂාදු මූ පෑන තිබ්බා"

දයානන්දයාව ප්‍රතමාධාර සඳහා උපුලා එක්ක පිටත් කල අතර
පොඩි හාන්දුරුවෝ මාවත් එක්කං ආවාස ගේ පැත්තට යනවා. මරන්ඩ ගෙනියන හරකෙක් වගේ බයේ ගැහි ගැහී තමයි මං ආවාස ගෙට ගියේ.
වරදකරුලොකු හාන්දුරුවන් ඉදිරියට පමුණනවා.

"ඔය ආවේ..මට ආරංචි වුනා වැඩේ"
ඒ දවස්වල සී.සී.ටී.වී කැමරාත් නොතිබ්බ යුගේ මෙච්චර
ඉප්පන්ට ආරංචි වුනාද?
ලොකු හාංදුරුවො ගිහිං පත වේවැලක් අරං ආවා.
"අල්ලනවා අත.."
"චටාස්...පටාස්..චටාස්..පටාස්..
චටාස්..පටාස්"
"අල්ලනවා අනිත් අත"
"චටාස්...පටාස්..චටාස්..පටාස්..
චටාස්..පටාස්"
"දැන් යනවා පංතියට.."

අත් දෙක ගැලවිලා බිම වැටෙන්ඩ වගේ.. ඒ අස්සේ එන ගමන් පිට හරහාත් එකක් දුන්නා. මම ඉකිගගහා ගෙදර ගියා. ආය මොන දහම්
පාසල්ද?

ඒ කාලේ මානව හිමිකම් තිබ්බනම් යනවා එකෙම්ම.
"හිටපංකො ගණයට හොඳ වැඩක් කරන්නම්. එදා  ......... අක්කත්තෙක්ක මුකුලු කර කර හිටිය එක මුලු ගමේම පතුරනවා.."

ඕක තමයි ලොකු ෂාදුත්තෙක්ක මට තිබිච්ච ඇරියස්සෙක.


(දෙවෙනි කොටහින් හම්බෙමු)

Sunday, May 6, 2018

මල්වරවීම හෙවත් කොටහුල (අන්තිම කොටස)

(මම ලියපු කතා ගොඩක කැරකුනේ ගමේ පිරිමින්ගේ බේබදුකමයි ගෑණුන්ගේ සල්ලාලකමයි තමයි.. ඉතිං ඇත්තත් ඒකම තමයි.)

අපේ ආච්චිටත් අපේ අම්මට වගේ හොඳට උයන්ඩ පිහන්ඩ කැවිලි හදන්න පුලුවන්. ඔය බඩ වෙච්චි ගෑණුන්ට දොලදුක හැදුනම ඒ ගෑණුන්ගේ මිනිහලා හරි උන්දලාගේ අම්මලා හරි අපේ ආච්චිව හොයාගෙන එනවා.

"
අපේ එක්කෙනාට පොලොස් ඇඹුලක් කන්ඩ ආසාවක් ඉපදිලා උඹේ අතින්ම හදලා ඕනි කියන්නේ.. මං මේ කලමනා ටිකත් අරං ආවා"

ඕවගේ වෙලාවට ආච්චිගේ ආඩම්බරේ බලන්ඩ එපැයි. ආච්චි කොස් තෙල්දානකොට මුලු ගමම සුවඳයි. දොලදුක හැදිච්ච ගෑණුන්ට තම්බලා දෙනවා විතරක් නෙවෙයි ඒ ගෑණුන්ගේ වින්නඹුකම් කලෙත් ආච්චි. අපේ ආච්චි තමයි වත්තේ පුල්ලේ කාමරේ වින්නඹු අම්මා.. ඒ කියන්නේ අද කාලේ මිඩ් වයිෆ්.. ඔය ගොඩාක් වත්තේ දෙමල්ලු අපේ ආච්චිගේ අතේ තමයි මෙලොව එළිය දැකලා තියෙන්නේ.. ඒකනේ වත්තේ එවුන් තාමත් ආච්චිට ගරු කරන්නේ.
ඉතිං ගමේ නෙවෙයි අහල ගම් හතක උත්සවයක් තිබ්බත් අපේ ආච්චිව හොයාගෙන එනවා. කැවිලි හදන්න. සමහර ඒවට දෙන්න දින ආච්චි ගාව නෑ. ඉතිං උත්සව ගෙවල් වලින් කෑම බීම කැවිලි පෙවිලි පාර්සලේකුත් ආච්චි පස්සෙන් වඩින නිසා අපිටත් ගොඩාක් දවස්වලට රජ මඟුල් තමයි.
ආච්චිත් බොරු ආඩම්බරයක් මවාගෙන උංගිලාගේ ගෙදර කැවිලි හදන්න යන්නේ නෑ කිව්වට උංගිලාගේ තාත්තයි අම්මයි ඇවිත් පිංසෙංඩු උනාට පස්සේ ගිහිං යමරෙට වැඩ.

මේ.. ඒයි... උංගි ලොකු වෙන්ඩත් කලින් කොල්ලෝ දෙන්නෙක් රන් කලානේ. දැන් මගෙත් දැලි රැවුළ ඇවිල්ලා කටහඬත් ගොරෝසු වෙලා. මට කෑල්ලක් තියා ලෑල්ලක්කත් නෑනේ බං.. එකම ගමක්..ඉරණම් දෙකක්..
අපිත් ගහකට නැග්ගොත් ඒකෙ දෙබලක්.. නෙලුම් සම්මානේ නැල්ලු නේද? දැන් කෝමද මං සම්මාන ගන්නේ.. කමන්නෑ.. අපි සම්මාන බලාගෙන ලියන්නේ නෑ... ලැප්පෙකේ..පෝන්නෙකේ ඩිස්ප්ලේ එක බලාගෙනනේ ලියන්නේ.
ආච්චියි උංගිලාගේ අම්මයි කොටහුල කියන්ඩ යනවා. කොටහුල කියනවා කියන්නේ කොටහුලට ආරාධනා කරන්න යනවා. නැත්තං බුලත් දෙන්ඩ යනවා. ඔතෙන්දි උංගිලගේ තරහකාරයෝ ඇර අනික් අහල පහල සේරටෝම කොටහුල කියනවා.
අපේ ආච්චිගේ තරහාකාරයොන්ගේ ගෙවල් වලට කොටහුල කියන්ඩ ආච්චි යන්නේ නෑ. උංගිලාගේ අම්මා යනවා.

හෝන් ගහගෙන වාහනයක් උඩැහැ පාරේ කොස්ගහ යට නැවැත්තුවා. මීගමුවේ කූටාලි ටික ඇවිල්ලා වගේ.
උංගිගේ මීගමු වාහේ මෙලෝ රහක් නෑ. ඒ අතින් පාලයා සීයෙට දෙසීයක් හොඳයි. මූ නිකං මුවන්පැලැස්සේ පිනා වගේනේ. උංගි මොකට කැමති වුනාද දන්නෑ. සල්ලි හැදෙන්නේ ගස් වලනම් කෙල්ලෝ බඳින්නේ 🐵 වඳුරන්ව කිව්වලු.. ඒත් ඌට ඇති සුල්ලියකුත් නෑනේ.
මීගමුවේ බේබදු සංගමේ කට්ටිය ඇවිත් දන්සිරි අයියාව සිප වැලඳගන්නවා.

"මාර සීතලක්නේ තියෙන්නේ"

උරහිස් අකුලගෙන උන් උන් කතා වෙනවා. ඒ කියන්නේ ආපු ගමන් රත්වෙන්ඩ ඕනි කියලා ව්‍යංගයෙන් කියනවා.ගහට ගහක් මොරටුවේදි හම්බුවෙනවලුනේ. දැන් ඉතිං අර සංග්‍රහයට ප්‍රතිසංග්‍රහය හම්බු වෙයි. දන්සිරි අයියලා උංගිගේ තාත්තගේ පූර්ණ අනුග්‍රහයෙන් ඔයේ පළතුරු වඩියක් දැම්මා කියලා ආරංචියකුත් ආවා.

කොටහුල හෙට...

දැන් ඉතිං මන්තිරි අයියයි.. නිමල් අයියයි.. දන්සිරි අයියයි.. චූටප්පයියයි.. මීගොමුවේ බොන සෙට්ටෙක එක්කරගෙන අපේ ගෙදෙට්ට සේන්දු වෙනවා. උලු ගෙදරින් වෑර් ඇදලා හොරෙන් ගත්ත විදුලියෙන් අපේ ගෙදරයි උංගිලගේ ගෙදරයි ඒකාලෝක වෙනවා. අපි පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩී යනවා. කෝකටත් කියලා පුංචිබණ්ඩේ අයියා පැට්‍රෝල් මැක්ස් එකට මැන්ටලයක් හයි කරලා හුලං ගහනවා. කියන්ඩ බෑනේ.කරුමෙටවත් ලයිට් ගියොත්.  දැන් ඉතිං අපේ අම්මා.. ආච්චි ඇතුලු පිරිස හෙට හවස් වෙනකන් උංගිලාගේ ගෙදර නිසා මීගමුවේ සහ අපේ ගමේ බේබදු සෙට්ටෙකේ තාවකාලික නවාතැන බවට අපේ ගේ පත්වෙනවා. පුංචිබංඩේ අයියත් පැට්‍රෝල් මැක්ස් එක හදලා අපේ ගෙදෙට්ට ඇවිල්ලා බේබදු සංගමේ සාමාජිකත්වය ලබාගන්නවා. දැන් පිරිමි පාර්ශ්වයට අයිති සියලුම වැඩ අවසන්. ඉතිරි වැඩ හෙට හවස දක්වා ගැහැණුන් විසින් පාලනය කෙරෙනවා.

"
අද කෙල්ලට ඇස්වහ කටවහ ටිකක් පුච්චන්ඩ වෙයි."
"
හැබෑ නේන්නම් කතාවෙන් කතාවෙන් තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා"

උංගිට ඇස්වහ වදින්නේ හෙට ඉඳංය. වැඩියෙන්ම හෙට මීගොමුවේ හෝතඹුවාගෙන් ඇස්වහ වදින්ඩ නියමිතය. කටවහනම් දැනටමත් වැදිලාය . ඒ ගමේ කොටහුල් නොවූ නෑම්බියන්ගෙන්‍ ය.

"
උංගි ඉක්කන්ට ලොකු වුනා. අනේ අපි තාම ලොකු උන්නෑනේ"


උන්ගේ තුඩ තුඩ කියැවෙන වචන පේලිය එයය.
උංගිට කටවහ වැදිලා තියෙන්නේ උන්ගෙන්‍ ය. ඉතිං උන්ගේ ඇස්වහ කටවහ දූරිම්භූත වෙලා යන්න ඇස් වහ කටවහ පිච්චිය යුතුය. එය කරන්නේ මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍යය...
බදාදා හෝ සෙනසුරාදා දවසක්.
ගිනි කබලක්
පොල්කටු අඟුරු සෑහෙන පමණ
වියලි මිරිස් කරල් හත අටක්
අබ මිටක්
ලුණු කැට මිටක්

ක්‍රමය....
ගිනි අඟුරු කබලට දමා එයට මිරිස් කරල් ටිකද කඩා දමා ලුණු කැට සහ අබ ටිකින් ටික එකතු කරන්න.  අබ සහ ලුණු නිසා පිපිරීම නිසා නැඟෙන චට..පට.. හඬත් එයින් මිරිස් නිසා වෑහෙන සැර දුම ගෙයි අහුමුලු වලට සහ ගේ වටේට අල්ලා තුන් මන් හන්දියකට ගෙන ගොස් දමන්න. සියලු ඇස්වහ-කටවහ දෝෂ නිවාරණයි..අදටත් අපේ මධ්‍යම කඳුකරයේ සහ කන්ද උඩරට ඔය ඇස්වහ කටවහ නිවාරණය ක්‍රියාත්මකයි .

"
කැහ්..කැහ්..කැහ්..කැහ්"

මිරිස් සැරට කැස්ස අනිවාර්‍යයි. ඒක තමයි ඕකේ අතුරු ආබාධේ.
මම සාමාන්‍ය පෙල පාස් වෙච්චිදා අපේ අම්මා මටත් ඕවා පිච්චුවා මතකයි.

ගෑණුන්ගේ.. කතාවෙන්.. ඕපදූපයෙන් උංගිලාගේ ගේ පිරී ඉතිරී යනවා.
බේබදු නඩේ කතාවෙන් .. හිනාවෙන්... ගීතයෙන් අපේ ගේ පිරී ඉතිරී යනවා. බේබදු සංගමේ ගහණ ඝනත්වය පැයෙන් පැයට ඉහල යනවා. මීගොමුවේ එවුන් මීගොමුවෙ ගුණ සහ එහේ ආගිය විත්ති ගැන ගජබින්න අත අරිනවා. අපේ සෙට්ටෙකත් සෙකන්ඩ් වෙන්නෑ ආය. අපේ එවුමුත් ඊට වඩා ලොකු ගජබින්න අතාරිනවා.

"
ඔක්කම හොඳයි මෙහේ සීතලයි කූඩැලු ප්‍රශ්නෙයි නැත්තං"

"
සීතලටනම් මෙහෙට්ටම හදපු ඌව ග්ලේන් තියෙනවනේ. රත් වෙන්ඩ. කූඩැල්ලොනම් ඉතිං සබන්..අලු..ලුණු දැක්කද පන කඩාගෙන දුවන්නේ.."

"
අපිනම් ඉතිං ලේ බේරෙන මේ මාලු කාලා තමයි මේ ඇඟවල් හදාගත්තේ.."

බයිට් එකට වෙනම උයාගෙන ආපු මාලු කෑල්ලක් කන ගමන් මීගොමුවේ එකෙක් කියනවා.

"
අපිනම් ඇඟ හදාගත්තේ මෙව්වයෙන්.."
ත්‍රෛයිලෝක පත්‍ර ටිකක් ඔතන ගමන් චූටප්පයියා කියනවා.
කට්ටියම කොක් හඬ ලාලා හිනාවෙනවා.

කට්ටියටම වෙරි උනාට පස්සෙ ගිහිං අස්පස් කරන මුවාවෙන් ඉතුරු කොට ටික ගහන එක තමයි මගේ ප්ලෑන. කොහොමත් තව ටිකකින් කට්ටියගේ කන් සාක්කුවේ තියෙයි.

"
දන්සිරී...දන්සිරීඊඊඊ... මේ හට්ටෙක ගහන්නැද්ද බං. "

"
අරි...අරී... ආච්චි අවෂ් වෙලා ගාමු"

"
ගහයි..ගහයි.. ගිනිවතුර කටහලේ පැලිලා පැලිලා වචනත් පැටලෙනවා.. හට්ටෙක නැතුං කෙල්ලට කොහොමද වතුර වක්කරන්නේ"

හට්ටෙක කියන්නේ හෙට උදේට උංගිව නාවන්න ආවරණය කරලා හදන මඩුවට. එතන තමයි වතුර වක්කරන්නේ..
පුංචිබණ්ඩේ අයියා හට්ටෙක ගහන්ඩ දුවනවා. දන්සිරි අයියටනම් කෙලින් කටින් ඉන්ඩ බැරුවා.

"
චූටියෝ...චූටියෝ..මෙහෙ වරෙන්.. ගිහිං අර පේරවත්තෙ වැලෙන් සමන්පිච්ච ටිකක් කඩාගෙන වරෙන්. යකෝ කිසිම සූජානමක් නෑනේ මෙවුන්ගේ"

ආච්චි බර කරට ඇරං වැඩ. වැඩ කරනවට වඩා එයා තමයි එතන හෙඩ් කියලා අනික් කට්ටියට අඟවන්ඩ කටින් වැඩ.. ඒ කියන්නේ කටින් බතල හිටෝනවා. කැවිලි බදිද්දි වුනත් මික්ස් එක අනන්නේ වෙනම තැනකට ගිහිං. ඇයි පදම ගන්න දන්නේ එයා විතරයි. ආච්චිගෙත් ආය ගුරු මුෂ්ඨිය. කැවුන් හදන ක්‍රමේ එයා හොයාගත්ත කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොහොමට හිටියිද අර තෝමස් අල්වා එඩිසන් වගේ විද්‍යාත්මක හොයාගැනීමක්කත් කරානම්. අපිට විසුමක් වෙන්නෑ මේකේ. කැවිලි බදින අස්සේ මාර ඕපදූප ගොඩක් රන් වෙන්නේ. අර ගෑණි අර මිනිහත් එක්ක බුදියගත්තුවා. අර ගෑණි අර මිනිහගෙන් දික්කසාද වෙච්ච ඒවා. අර කොල්ලා අර තාත්තට අම්මට නොසලකා හරින ඒවා. අර යේලියි අර නැන්දම්මයි කෙහෙවලු පටලගන්න ඒවා. අර මිනිහා බීලා මැරෙන්ඩ වැටිලා ඉන්න ඒවා. අර මිනිහගේ 🚚 ලොරිය පිනෑන්සෙකෙන් උස්සපු ඒවා. අරකද... මේකද....මෙතන මාතෘකාවට බඳුන් වෙන්නේ මෙතන නැති උන්ගේ ඕපදූප. මෙතන ඉන්න එවුන් ඔක්කොම පත්තිනි අම්මලානේ.

"මේ සුමනෝ ඇත්තද බං මාටියාගේ රා අල්ලන්ඩ පොලීසිය සිවිලිං පිටිං ආවා කියන්නේ"

"
සිවිලිං පිටිං...?"

"
ඔව් සිවිලිං පිටිං.."

"
සිවිලිං පිටිං නෙවෙයි නැන්දේ සිවිල් පිට"

"
ආ..ඔය මොකක් හරි කමන්නෑ බං"

ඔය වගේ ඉංගිරීසි වල දැමීමුත් සිද්ද වෙනවා.

"
අපේ පැල්ලැහැ පුතා එදා රෑ අපිට ලන්ච්චෙකක් දුන්නනේ.."

"
අන්න පුතේ කැට්.."

ඕවා අපේ ගමේ...                                                                                                      මේවා කොලඹ..

"හෙලෝ මං කොටුවේ කෝච්චියට නැගලා ඉන්නේ??"

"
කොහේද ඉන්නේ"

"
පිටිපස්සෙම ඉඳලා තුන්වෙනි බොක්ස් එකේ.."

"
ඒයි අර බලපං අර කෙරවලේ පංජාරියක් ගහලා යන කෙල්ල"

"
මොකක්..පංජාරියක්..? පංජාරියක් නෙවෙයි. ඒ බං පන්ජාබ් එකක්නේ"

"
අපේ ගෙදෙට්ට 🐕 බල්ලෙක් ගෙනාවා"
"මොකද්ද වර්ගේ?"

"
ජර්මන් සෙටප්"

ඉතිං මං දූවලා දුවලා යනවා පේරවත්තේ සමන් පිච්ච මල් කඩන්න.
ඒ ඇවිල්ලා බේබදු නඩේ බීපු තැන අස්පස් කරනවා. සමහරක් උන් වැටුණ වැටුණ තැන බුදි. සමහරක් එවුන් අතපත ගගා පැල්ලැහැට ගිහිං කනවා. සමහරක් එවුන් උංගිලාගේ ගේ ඉස්සරහ් හට්ටෙකේ ඔලුවට අත තියාගෙන අයියෝ මොනවද පෙව්වේ කියන්නා වගේ බලාගත් අතේ බලන් ඉන්නවා.
මම කොස්ස ඇරං පාටිය තිබ්බ තැන සුද්ද කරනවා.

"
මුං බීලා නෙවෙයි රීලා. යක්කු නටපු පිට්ටනිය වගේ"

ඉස්සල්ලම මම චෙක් කරන්නේ කොට. ඒ කියන්නේ බෝතල් වල ඉතුරු වෙලා තියෙන එව්වා.

"බිංදුවක්කත් නෑ. බෝතල් මිරිකන් බීලා"

ඊට පස්සෙ මං බලන්නේ ග්ලාස් වල ඉතුරුවෙච්චා. හැම එකෙක්ටම වගේ අන්තිමට දාගත්තු සොට්ටෙක අඩු වැඩි වසයෙන් බොන්න බැරි වෙලා තියෙනවා. එව්වා ඔක්කොම එක බෝතලේකට එකතු කරාම කාලකට වඩා පිරෙනවා.

"
ග්ලබ්...ග්ලබ්..ග්ලබ්...ග්ලබ්.."
බිදුවක් නෑරම ශ්‍රී ලාංකිකයි. මගේ උගුර පිච්චිල යනවා. බිං කලුවර වැටෙනවා. නිදිමත දැනෙන්ඩ ගන්නවා.
*************************************************
"
චට..පටාස්...ඩෝං..පටාස්..චට..පටාස්..චටස්.. චටස් ..ඩෝං"

පහුවදා උදේ පාන්දර මං උඩ ගිහිල්ලා බිම වැටුනේ උංගිගේ නැකතට රතිඤ්ඤා පත්තුවෙන හඬ ඇහිලා.
ඊයේ රෑ කනමදයා වගේ බිව්ව නිසා වෙලාවට ඇහැරෙන්ඩ බැරිවුනා. යකෝ රතිඤ්ඤා පත්තු කරන්ඩ හිටියේ මමනේ. මම ඇඳෙන් පැනලා වතුර බැරල්ලෙකෙන් මූණ පිහදාගෙන ඇඳුම් ඇඳලා උංගිලාගේ ගෙදෙට්ට යනකොට පෙරහැර ගිහිල්ලා.

රාජකාරිය නිමාකොට මෝල් ගහකුයි පැදුරකුයි ඔතාගත්තු රෙදි නැන්දා සල්ලිත් අරං කැවිලි පාර්සලේකුත් ඔතාගෙන යන්ඩ සූදානම.
ගෙට ඇතුල් වෙන තැනම නිවිච්ච පහන්... පහුකරගෙන ගෙට යද්දි යකෝ කැවිලි මේසේ..

කැවිලි මේසේ එක තැනක උංගි අලුත් ඇඳුමක් ඇඳන් විරාජමාන වෙලා ඉන්නවා. දෙපැත්තේ උංගිගේ අම්මයි තාත්තයි.. ඊගාවට අපේ ආච්චි ගමේ ගෑණුන්ගෙන් මේසෙ පිරිලා. මේසේ ඉඳගන්ඩ ඉඩ නැති එවුන් බිත්තියට හේත්තු කරලා වටේට තියලා තියෙන පුටුවල ඉඳගෙන. මාව දැකලා උංගි මෙහෙක් කරලා හිනාවුනා. මීගමුවේ හෝතම්බුවා උංගි දිහා කන්ඩ වගේ බලාගෙන ඉන්නවා. ගොදුරකට ඉව අල්ලන කපටි නරියෙක් වගේ.. සෙටප් එකේ කන් කරච්චලෙන් දෙසවන් බීරි වෙලා යනවා.

"
අඩු කරපල්ලකෝ ඔය මලවදේ. මෙලෝ දෙයක් ඇහෙන්නෑ. පස්සෙ දාගනිල්ලා. දැන් කට්ටිය එන වෙලාව."
ආච්චි කෑගහනවා. සෙටප්පෙක නිහඬ වෙනවා.
උංගි හිටපු විදියමයි. ටිකක් සුදු වෙලා. ලොකු වෙලා නෑ.
මිනිස්සු එනවා. උංගි වඳිනවා. ලිවුම් කවර දෙනවා. ඒවා උංගිලාගේ අම්මා ගන්නවා.
මිනිස්සු එනවා. උංගි වඳිනවා. ලිවුම් කවර දෙනවා. ඒවා උංගිලාගේ අම්මා ගන්නවා.
දැන් කැවිලි පෙවිලි කාලා ගෑණු කුස්සියට සේන්දුවෙනවා දවල් ඩිනර් එක උයන්න.
(
ඇයි යකෝ රෑට ලන්ච්නම් දවල්ට ඩිනර් නේද?)
මීගොමුවේ හෝතම්බුවා උංගිගෙන් ඇස්දෙක මුදෝගන්නෙම නෑ. ආච්චි රවනවා. මීගොමුවේ එකා අපේ ගෙවල් දිහාට ලිස්සලා යනවා. ඒ පස්සෙන් එකා දෙන්නා අපේ ගෙවල් කරා නික්මෙනවා.

"
හිස් බඩටම පැලෙන්ඩ වගේ යන්නේ ලෝදිය"

ආච්චි හින්ට් පාස් කරන්නේ ඔහොම.
උංගිලාගේ කොටහුලට තැබෑරුම වෙලා තියෙන්නේ අපේ ගෙදර. නිල යටිතල පහසුකම් සලසන්නා මං. ඔය බයිට් ගේම.. සිකරට් ගේම වගේ. සිකරට් ගෙනාවම ඉතුරු සල්ලි රාජසන්තක වෙනවා. ඒක තමයි ටිප්පෙක. දැන් පැල්ලැහැට ගිහිං තේ බීලා එන පිරිමි කාණ්ඩේ අපේ ගෙදෙට්ට සම්බන්ධීකරණය කරන්නේ පුංචිබංඩේ අයියා. එහෙන් තේ බීලා ඇවිල්ලා මෙහෙන් ගිනිවතුර බොනවා.
උංගිලාගේ කුස්සියේ ආයේ ගෑණුන්ගේ කොක් හඬලෑම්..ඕපාදූප ... ආගිය කතා වලින් පිරී ඉතිරී යනවා... ලහි ලහියේ දවල් ඩිනර් එක සූදානම් වෙනවා.. ඔය ඩිනර් එකම තමයි රෑ ලන්ච්චෙකටත් කැරකෙන්නේ... ඇයි දවල් කෑම කාලා ගෑණු ඔතාගෙනත් යනවනේ. එවුවටත් එක්ක තමයි උයන්නේ. උංගි අනික් කෙල්ලොත් එක්ක එකතු වෙලා කුටු කුටු ගගා ඉන්නවා. මං හිතන්නේ සති ගානක් ගත කරපු කරුවල ජීවිතය ගැන වෙන්ඩ ඇති. නැත්තං ඉප්පන්ට ලොකුවෙන හැටි ගැන නෑම්බියන්ට දේශනාවක් දෙනවද කොහෙද?
උංගිලාගේ අම්මයි අපේ ආච්චියි කාමරේකට වැදිලා අර හම්බවෙච්ච ලිවුම් කවර කඩ කඩ සල්ලි ගනිනවා.
මීගොමුවේ ගෑණු ආය කුස්සියේ වැඩකටවත් උදව් වෙන්නේ නෑ. මහේශාක්‍ය ලීලාවෙන් පුටු වලට වෙලා පිටි මුට්ට තිබ්බා වගේ ඉන්නවා. ආච්චි ඇවිත් උන්ට එහෙන් රවනවා. මෙහෙන් රවනවා.
"අපි දැක්කනේ ඕකුන්ගේ කැරැට්ටුව"


ආච්චි කුස්සියට ගිහිං ගමේ ගෑණුත් එක්ක කියනවා.
ආයේ සෙටප් එකේ හඬ වැඩි වෙනවා. උංගිලාගේ ගෙදර මිදුලට ආපු බේබද්දො ටික නටනවා.. සිංදු කියනවා.. ගමේ එවුමුයි මීගොමුවේ එවුමුයි හරි හරියට නටනවා.. නටනවා නෙවෙයි මැටි පාගනවා..ඉතිං රෑ මැද්ද වෙනකන් ඕක ඇදි ඇදී ඇදි ඇදී යනවා..

පසු සටහන :
උංගී පාලයා හෝ මීගොමුවේ හෝතඹුවා සමඟ විවාහ වූයේ නැත.

(
අලුත් කතාවකින් යළි හමුවෙමු)

Thursday, April 19, 2018

කොටහුල 04

අවුරුද්දට ගමේ ගියා.
අවුරුද්ද වැස්සට හේදිලා ගියා.ඔව්. මට බෝතල් අවුරුද්දේදි ලියන්ඩ අමතක  වෙච්චි කාරණා වගයක් තියෙනවා කියන්ඩ. දැන් ඔය නොනගතේ ලබනවා නේද?? නොනගතේ කියන්නේ සියලු වැඩ වලින් මිදිලා තම තමන්ගේ ආගමට ධර්මයට අනුකූලව පිං දහම් වැඩ වල යෙදෙන එකට. ආච්චිනම් ඕකට කියන්නේ සංගරාන්දි ලබනවා කියලා. සංක්‍රාන්තිය නැත්තං නොනැකත තමයි නොනගතේ කියන්නේ. ඉතිං මිනිස්සුන්‍ට පංසල මතක් වෙන්නේ ඔය වෙලාවට. ඉතිං අවුරුද්දට හදපු කැවුං..කොකිස්..මුං අලුවා.. දොදොල්..සිල්ලර..කෙසෙල් ගෙඩි වගේ ඒවත් ඔතාගෙන මිනිස්සු පංසල් යනවා. ගෙදර ඉඳං පංසලට දුර මීටර් සීයේ එකාත් පංසීයේ එකාත්..කිලෝ මීටරේ එකාත්.. දෙකේ එකාත් ඔක්කම තමන්ට තියෙන වාහනේ බර කරත්තයක් හරි කමන්නෑ ඒකේ නැගලා මේන් යකෝ පංසල් යනවා. ත්‍රී වීල් තියෙන එකා ත්‍රීවීල්ලෙකේද.. ඩෙලිකා වෑන් තියෙන එකා ඒකෙද.. ඇල්ටොද.. මරුටිද.. හොන්ඩද.. ටොයෝටද..   ගෙම්බා 🚗 කාර්ද.. මොටෝ බයික්ද..ටිපර්ද.. ඩෝසර්ද..ටුවෙල් ටෙන් 🚚 ලොරිද එකී මෙකී නොකී හැම වාහනයක්ම අර හුංඩුවක් වගේ තියෙන පංසලේ ගිහිං හිර කරනවා. ඒවගෙන් බැහැලා මේන් මෙහෙම පපුව ඉස්සරහට දාගෙන පවුල පිටින් බැහැලා උජාරුවෙන් පංසලට යනවා. ඒක නොනගතේට පිං දහම් කරන්න පංසල් යාම නෙවෙයි තම තමන්ගේ වාහනය පෙන්නීමට පංසල් යාම.
ඇයි යකෝ ඔය මීටර් සීය දෙසීය පන්සීය පයින් යන්ඩ හෙණදඕකෙන් ඉතිං ගම්මු මහා ලොකු මානසික තෘප්තියක් ලබනවා. ඕක ඉතිං අපේ ගමට ඉතරක් පොදු නෑ.. සිදාදියේ ඈයෝ තමන්ගේ වාහනේ එක්ක ගහපු පොටෝ එකක් ෆේස්බුක් දාල ගන්නෙත් ඒ ආතල් එකම තමයි ඉතිං..  චූටප්පයියටනං ඔව්වා ඇහේ ඉඳිකටු අනිනවා වගේ. පොර ඉතිං දෙකක් දාගත්තම ඔය කොයි කාටත් ඇහෙන්න මහා හයියෙන්      
      
"පඩඅ අ අ අ ෂෝ"  කියන්නේ ඒකයි.

"මේ ගමේ ආය පත්තිනි අම්මලා නෑ. ඉන්නේ ආය හොඳ හොඳ බඩු තමයි. දැක්කනේ පාර හදද්දි ඒකේ වැඩට ආපු කොල්ලොයි බල්ලොයි ඔක්කොම එක්ක බුදියව්වා. හිතං ඉන්නෙනම් පත්තිනි අම්මලා කියලා. ඩෝසර් කාරයෝ කෑවා. පඩ........ ෂෝ "  

තවත් ටිකක් වැඩි වුනාම මුලු ගමේම ගෑණුන්ට චූටප්පයියා දෙස්ස කපන්නේ එහෙම. චූටප්පයියාගේ වචන ශ්‍රවණයේ මිහිරිය. ලගන්නා සුලුය. කුඩා වචනයේත් ගැඹුරු අරුත්‍ ය. හීන් වචනයෙන් ගමේ ගෑණුන්ගේ සායම අරින්නේය. ගමේ මාගේ ප්‍රියතම චරිතය ඔහුය. ඔහුගේ ජීවිතයට ජය වේවා.
***************************************************
මගේ ඔලුවේ මාස්ටර් ප්ලෑන් එකක් වැඩ කරනවා. ඊගාව අවුරුද්දෙ බ්ලොග් සම්මානේ ගොඩේ කතාවට ගන්ඩ. මාසෙට කොටස් වශයෙන් ලියන කතා ඔට්ටුද දන්නෑ නේද බං. මාත් ඉතිං පෘතග්ජන මනුස්සයෙක්නේ.

***************************************************
අපේ ඉඩන් වලට ඔප්පු නැති නිසා ගමටම ලැයිට් තිබ්බත් උංගිලගෙ ගෙදෙට්ටයි අපේ ගෙදෙට්ටයි ලැයිට් තිබ්බේ නෑ. අනික වත්තේ දලු කඩලා අපේ බඩගින්න නිවන අම්මා ඔප්පු තිබ්බත් ලැයිට් ගන්නේ කොහොමද? අපිට ඉතිං දවල්ට සන්ලැයිටුත් පෝය දවස්වල රෑට මූන් ලැයිටුත් තමයි තිබ්බේ. හවසට චිමිනි ලාම්පුවේ තෙල් පිරවීමත් චිමිනිය පිහ දැමීමත් කුප්පි ලාම්පුවට තෙල් පිරවීමත් එවුවායේ තිර උඩට ඇදීමත් අපේ දිනචරියාවේ පුරුදු බවට පත් වුනේ ඒකයි. මේක ලියනකොටත් ඒ කාලේ දැනිච්ච ලාම්පුතෙල් සුවඳ නාස්පුඩු අග දැනෙන්න පටන්ගත්තේ ඒකයි.

රෑට කුප්පි ලාම්පුව අයිති කුස්සියටය. චිමිනි ලාම්පුව අයිති අවුරුද්දට විතරක් කෑම සඳහා ඇරෙන ඒත් අපේ පොත්පත් තියෙන පාඩම් කරන කෑම මේසෙට. අනික් කාමර අඳුරේ. ඒ කාමර වල කවර හෝ කාර්‍යක් කරගැනීමට සිදුවුවහොත් පාඩම් මේසය අඳුරේ හෙලා චිමිනි ලාම්පුව ජංගම මුර සංචාරයේය.

ඉස්සරහ සාලේ තිබ්බ වේවැල් කැඩීම නිසා ලෑලි කෑලි වලින් හැඩ වෙච්චි පුටු කබල් තුන හතරත් .. තාත්තා පරලොව යන්ඩ කලින් ගෙනාපු යුනික් 📻 රේඩුවෙකත් තමයි අපේ ගෙදර තිබිච්චි ලොකුම ධනය.

ඉස්සර ජන හා නිවාස සංගනනෙට ගිරාමසේවක මහත්තයා ගෙදෙට්ට එනකොට අම්මා දූවගෙන දුවගෙන ඇවිත් රේඩුවෙක අරං රෙදි ගොඩක් අස්සේ හංගනවා. රේඩුවෙකට රෙඩියෝ ලයිසන් නැති වීමත් ගෙයි රේඩුවෙකක් තිබීම කියන කාරණය මුල් කරගෙන  අපිට ලැබෙන දිළිඳු සහන කපයි කියන අනියත බියත් තමයි ඒකට හේතුව.

***************************************************
දන්සිරි අයියත් අපිත් ගිහිං පැල්ලැහැ මරණ සමිතියේ හට්ටෙක උස්සන් ආවා. ඔය හට්ටෙක තමයි.. මරණෙටත්.. මගුලටත්.. කොටහුලටත් හැම එක්කටම කැරකෙන්නේ.

"දන්සිරිට බැරිද ටවුන් ගිහිල්ලා මේ බඩු ටික ගේන්ඩ. බස්සෙකේනම් බැරි වෙයි. පාරිස්ගේ කාර්රෙකේ තමයි ගේන්ඩ වෙන්නේ."
උංගිලාගේ අම්මා ලිස්ට්ටෙකක් දෙනවා.

"ඇයි මේ මැන්ටල් ලියලා තියෙන්නේ?"
"පැට්‍රෝල් මැක්ස් එකවත් පත්තු කරන්ඩ"
"පැට්‍රෝල් මැක්ස් මොකටද උලු ගෙදරින් වෑර්රෙකක් දාලා කරන්ටෙක ගමු. කොටහුලට බපල්ලෙකක් දාලා සිංදුවකුත් අහන්ඩ එපැයි.. චූටි උඹත් ලෑස්තිවෙයං හාලිඇල්ලේ යන්ඩ."
"විදුලිබල මණ්ඩලෙන් පනියිද?"
"කවුද ආය ඕව කියන්නේ. හැමදාම ගන්නෑනේ. ඌරො මරන්ඩ කුඹුරු වලට කරන්ට් දාලා තියෙන්නේ. එව්වත් අල්ලන්ඩ එපැයි එහෙනං"
මාත් ඉතිං ටකුස් බුකුස් ගාලා ඉස්කෝලෙට අඳින නිල් පාට කලිසන් කොටෙත් ඇඳගෙන සී සර්ට් කෑල්ලකුත් දවටගෙන දන්සිරි අයියගේ පස්සෙන් පාරට 🏃 දුවනවා.

හාලිඇල්ලේ හාල් කඩෙන් තමයි ලිස්ට් එක කිරන්නේ.

" මුදලාලි හාල් 30ක් ලියලා ඇත්තේ 25ක් කිරන්ඩ. සීනි 10ට අටක් කිරන්ඩ. ඉතුරු ඒවා ලිස්ට්ටෙකේ විදියටම කිරන්න. චුටි ඔතන හිටහන් මන් පොඩ්ඩක් උඩහට ගිහිං එන්නම්"
කියලා දන්සිරි අයියා පොද වැස්සේ තෙමීගෙන යනවා.

උඩහට කොහෙද ආය බණ්ඩාරවෙල පාරෙ ප්‍රියන්තයගේ බාර් එකට තමයි ඉතිං ඔය යන්නේ. ඒකනෙ ලිස්ට්ටෙකේ බඩු වල කොන්ටිටිය අඩු කරලා ගාන හදාගත්තේ ලස්සනට.

අපිනොදන්න මොණරතැන්න. මටත් මොනා හරි අරං නුදුන්නොත් ගිනි තියනවා ගෙදර ගිහිං හතර වටේම.
දන්සිරියා දන්නෑ මේ චූටියගෙ හැටි.

කට පිහද පිහද ආපු දන්සිරි අයියා මාවත් එක්කන් ගිහිං ගංගාදීසියෙන් බඩ පැලෙන්ඩ කන්ඩ අරං දීලා තේත් අරං දෙනවා.  දැන් ඉතිං චූටියා කට හොල්ලයිද ආය...

අපි ඉතිං පාරිස් අයියගේ කාර් එකෙන් උජාරුවෙන් හොරට කිරාගත්තු බඩු ටික ගෙනල්ලා බානවා. දන්සිරි අයියා ගාව අරක්කු ගඳ.. ගඳ නෙවෙයි සුවඳ....

කොටහුල අනිද්දා...

උංගිව නාවන්ඩ රෙදි නැන්දා එක්ක එන්න යන්නේ අපේ ආච්චි. ඔය බදුල්ලෙමුත් එහා කන්දෙඅරාවේ තමයි ඩෝබි මිනිස්සු ඉන්නේ. ඩෝබි කියන්නේ රෙදි අපුල්ලන මිනිස්සුන්ට.කුල හීනයෝ. අනුන්ගේ කුණු හෝදන එක තමයි රාජකාරිය. උංගිගෙත් සෑහෙන්ඩ කුණු ඇති. ඇයි සති ගානක් නාලා නෑනේ. දැන් ඉතිං හොඳට නාගනියි.ඩෝබි ගෑණියෙක්ම ඕනි වෙනවා ආච්චිට අනුවනම් උංගිව නාවන්න. ආච්චි ලස්සන සාරියක් ඇඳලා පබලු මාලයක් දාලා.. හවරියක් බැඳලා.. කොණ්ඩ කූරක් ඔලුවේ ගහගෙන්.. බලන්ඩ එපැයි ලස්සන. මුලු ගමේම මිනිස්සු බුලත් විට කෑවත් අපේ ආච්චිනං විටක් දිහා හැරිලවත් බැලුවේ නෑ.. සුදු කොණ්ඩේ මැදින් කලු හවරිය යවලා අමුතු කලු සුදු ලස්සනක් කොණ්ඩෙට ගන්න උන්දෑ හරි දස්සයි. දැන් ඉතිං ඩෝබි ගෑණු ඇවිල්ලා අපේ ගෙවල් වල ඉඳගන්නේ බිම. උන් ඉස්සරහා අපේ ආච්චි ලොකු නෝනා වෙනවා. අපේ අම්මා උංගිගේ අම්මා පොඩි නෝනලා වෙනවා. දන්සිරි අයියා පොඩි මහත්තයලා වෙනවා. ඊට පස්සේ උංගි පුංචි නෝනා වෙනවා. මේ චූටියා පුංචි මහත්තයා වෙනවා. විළිලැජ්ජාවේ සංතෝසෙ බැරුවා. ආච්චිව ගිලගත්තු සී.ටී.බී බස්සෙක දුම්‍ රොටු නගාගෙන බදුල්ල දිහාට දුවනවා.

ඩිංගිරිබණ්ඩේ අයියා.. චූටප්පයියා.. පුංචිබණ්ඩේ අයීයා.. සුමනේ අයියා.. දන්සිරි අයියා ලහි ලහියේ හට්ටෙක ගහනවා. ඕවා නිකං කෙරෙන රාජකාරි නෙවෙයි.. සල්ලි වලට කෙරෙන රාජකාරිත් නෙවෙයි... තනිකර ගිනිවතුරට.. කැහි කූරට යටවෙච්චි රාජකාරි.. ඒ කිව්වේ අරක්කු බෝතලේට සිකරට්ටෙකට යටවිච්චි රාජකාරි. පිස්සු ආරියා බීඩියක් ගහගෙන ඕක දිහා බලාගෙන ඉන්නවා. ආය ලී කෑල්ලක්වත් අල්ලන්නෑ.. අපේ අම්මා ඇතුලු ගමේ ගෑණු නඩේ සක්කිලි පඩි ගත්තා වගේ කියව කියව කුස්සියේ ලහි ලහියේ කැවුං ...කොකිස්..මුං අලුවා... හදනවා.

"මීගොමුවේ කට්ටියත් හෙට එනවලු.. මාලු තම්බගෙන එයි.. පොල් එහෙමත් ගෙනෙයි.."

"හොඳ කරවලත් ඇති. මීගමුවේ බල කරවල හොඳයිලු"

"එව්වත් ඇරං එයි"

උංගිගේ තාත්තගේ කාණ්ඩේ තමයි මීගොමුවේ ඉන්නේ. ඕකුං උංගිගේ ආච්චිගේ මරණෙට ඇවිත් රඟපෑව රඟපෑවිල්ල. ලිප්ටික් කිව්ටෙක්ස් උලලා සෙන් පව්ඩර් දාලා ගෑණු ආවේ. පිරිමිත් එහෙම තමයි. ටයි විතරයි නොදා ආවේ. කොලඹ හතේ මිනිස්සු වගේ. ඉතිං නොදන්න මිනිස්සුන්ට උංගිලාගේ කට්ටිය අඳුන්වලා දුන්නෙත් කොලඹ කට්ටිය කියලා. කොලඹින් ඈත ඔය ගම්පහ කිරිඳිවැල හද්ද පිටිසර පැතිවල උනුත් මේ පැතිවල මඟුල් ගෙවල්.. මල ගෙවල් වල ආවම කියන්නෙත් කොලඹ කියලා. ගිහිල්ලම බලන්න ඕනි.. කොලඹට බස් එකේම පැය හතර පහක් යන්ඩ ඕනි.


ඉතිං උංගිලගේ මීගොමුවේ කට්ටියත් කොලඹ පාට් ඇට් කරලා මල ගෙදර ඇවිල්ලා ගියා. අපිත් හිතාගෙන හිටියේ මේ මිනිස්සු කොලඹ රම්‍ය..සුරම්‍ය..සුභ වගේ සත් මහල් සත් ප්‍රාසාදවල ඉන්නවා ඇති කියලා.

එක දවසක් උංගිගේ කොලඹ(මීගමුවේ) ආච්චි ඒ කියන්නේ උංගිගේ තාත්තගේ අම්මා කාලක් ක්‍රියා කලා. (ඒ කියන්නේ තුන්කාලක් ඉතුරු වුනා නෙවෙයි මැරුණා) මුලු ගමම වගේ යන්ඩ ලෑස්ති වුනත් වෑන්නෙකේ ඉඩ තිබ්බේ නෑ. මගේ අතිජාත මිත්‍ර තැන්පත් දන්සිරි අයියා කොහොම හරි මාව වෑන්නෙකට ඔබාගත්තා. ආච්චි නඩේ ගුරා වගේ ඉස්සරහා සැප පහසුවට..

දැන් ඉතිං මං කවදාවත් නොදැකපු කොලඹ ගෝල්පේස්සෙක බලන්ඩත් පුලුවන් එන ගමන්.

ඉතිං වෑන්නෙක නුවරඑළිය.. නුවර... මාවනැල්ල.. නිට්ටඹුව.. වේයන්ගොඩ.. මිනුවන්ගොඩ පහු කරන් මීගොමුවට එනවා. මීගොමු ලෙල්ලම  ගාවින් උඩට දාන්කොට යකෝ ආපු ගඳ... මාලු ගඳයි..කුණු ගඳයි පලාතම.ඈක්.. ඔක්කාරෙට එනවා. මේකද යකෝ මීගමුව... අපේ ගමේ හුලඟත් සැපයි. ඊට පස්සෙ අපි මුහුද පේන මානයේ මුඩුක්කු පේලි ගෙවල් දිගේ ගියා.

"මේවගේ කොහොමද බොලව් මිනිස්සු ඉන්නේ . හුණ්ඩු වගේ ගෙවල්.. අපේ සැන්ජේමිස් වත්තේ ලැයිං මීට වඩා හොඳයිනේ"
ආච්චි තමන්ටම කියාගන්නවා.

තාර සීට්.. පොල් අතු වලින් වහලා වහල හුලඟේ යනවට වැලි පුරෝපු ටයර් දාලා ... ඒ ගෙවල් මැද්දෙන් අපි අරගත්තු වෑන්නෙක ඇදීගෙන යනවා.

"කෝ බං කොඩියක්කත් දාලා නෑනේ"
"ආච්චි ආං සුදු කොඩියක්..."
"යකෝ මුනුත් මේ මුඩුක්කුවේද ඉන්නේ":

වෑන් එක බරාස් ගාලා බ්‍රේක් ගැහුවා. ඔක්කොම කට්ටිය වෑන්නෙකෙන් බැස්සා. උංගිලාගේ  
ආච්චිලාගේ ගෙදරත් මුඩුක්කුවක් තමයි. මම හිතිං මවාගෙන ආපු සත්මහල් ප්‍රාසාද හීනය බිම වැටිලා සුනු විසුනු වෙලා ගියා. උංගිලාගේ තාත්තයි අම්මයි අපිට වැඳලා අඬන්න පටන්ගත්තා. ආච්චිත්  ගැටයක් ගහපු ලේන්සු කෙරවලක්  අරං කබ පිහින්නා වගේ බොරු අඬන පාට්ටෙකක් ඇට් කරා.උංගිලාගේ අම්මයි තාත්තයි ටිකක් යද්දි ආයේ සංසුන්වෙලා 

"උදේද එහෙන් ආවේ?"
"ඔව් පාන්දරින්ම ආවා."
"යං තේ බොන්ඩ. ඉඩ නැති නිසා එහා වත්තේ තේ ලේස්ති කරා"

ඉස්සරහා ඉඩ නැති ලෑලි කාමරේ උංගිලාගෙ ආච්චිගේ මිනිය තියලා තිබ්බා.කෝ යකෝ එහේ ගිහිං කොලඹ පාට් ඇට් කොරපු උංගිගේ නෑයෝ. අපිට මූණ දෙන්න බැරුං හැංගිලාවද්ද?

උංගිලාගේ බාප්පා කෙනෙක් ඇවිල්ලා දන්සිරි අයියගේ කනට කොඳුරනවා.

වෑන්නෙකේ ආපු පිරිමි කාණ්ඩේ උංගිලාගේ බාප්පගේ පස්සේ වැටිලා වෙරළ දිගේ ගාටනවා. මාත් උන් පස්සේ ඇදෙනවා. ගමන කෙළවර වුනේ පොල් රා තිප්පොලකින්. උංගිලාගේ බාප්පා අපේ ගමේ ආපු වෙලේ දන්සිරි අයියගෙ කිතුල් රා සංග්‍රහයට ප්‍රති සංග්‍රහය. උංගිට සෙවල පෙරන එකාත් අපි පස්සෙන් ඇවිත් රා තිප්පොලේ කැරකෙනවා. දන්සිරි අයියලා..සුමනේ අයියලා..චූටප්පයියලා.. රා බොනවා.. මම මයියොක්කා කනවා .. ඌරු මස් කනවා... රා සුවඳ විඳිනවා. ගෙදර වගේනම් මාත් ගහනවා. ආච්චිත්තෙක්ක බෑනේ.ඉතිං අපි සා බීලා (අපි කිව්වට මං බිව්වේ නෑනේ) වැනි වැනී ආපහු මල ගෙදෙට්ට සේන්දු වෙනකොට ආච්චි නඩේ ලෑස්ති කරගෙන ආපහු පිටත් වෙන්ඩ. 

" ආ ගමන්ම යනවද?"
"ආ ගමන් කොහෙද උඹලා ගිහිං දැන් පැය කීයද? අප්පා ගඳ.. රා ගුබ්බෑයමකට රිංගලා වගේ. අනික මේවා ලගින්ඩ තැන්ද බං. අපේ ගෙවල් දාහෙන් සම්පතයි. ගිහිං ජාසුන්දරයට කියලා වරෙල්ලා "
ජාසුන්දර කියන්නේ උංගිගේ තාත්තට.

"එතකොට කොලඹ යන්නේ නැද්ද?"
"උඹටත් පිස්සුද චූටියෝ. කොලඹ කොහෙද? මීගොමුව කොහෙද?"

ඉතිං කට්ටියම වෑන්නෙකට ගොඩ වුනා ආපහු හැරෙන්න.

ආච්චි මල ගෙදරින් පටන්ගත්තු කන්දොස්කිරියාව නුවරට ඇවිල්ලා නතර කලේ.

"ඔය මීගොමුවේ එවුන් එහේ ඇවිල්ලා හිටියේ වලව් කාරයෝ වගේ. බලහල්ලකෝ දොට්ට පිලට යන්ඩවත් තැනක් නෑ. කන්ඩ කිව්වට මන්නං වතුර පොදක්කත් බිව්වේ නෑ. අප්පරසන්නයි. ජාසුන්දරයගෙයි ගෑණිගෙයි පුරාජේරුවනං"

ආච්චි ගමේ ඇවිල්ලා ජාසුන්දර මාමාගේ සායම ඇරලා තිබ්බා. ආච්චි බට කැලෑ වලට ගිනි තියන්ඩ කොහොමත් දස්සයිනේ. අන්තිමේ මගේ ගෝල්පේස් හීනෙත් බිඳ වැටුනා. පිට ඔපේට මිනිස්සු මනින්ඩ හොඳ නෑ.

කට්ටිය හට්ටෙක ගහලා ඉවර වෙලා යුධ ජයග්‍රහණයකින් ඔද වැටුණු සෙබලුන් සේ සොම්නසින් හට් කණු වලට බර දීගෙන කැහි කූරු පත්තුකරගෙන දුම්‍ රොටු වලා තීරයට මුසුකරමින් බෝතලයේ පතුලේ ඉතිරි වී ඇති අවසන් 🔥 ගිනිවතුර පොදත් අශෝක ග්ලාස් පහ හයකට පුරවනවා. බොන්ඩ ගියාම ප්‍රෙන්ඩ්ශිප් එක ඔප් නැංවෙන්නේ ඔතනින්.

ආච්චිත් රෙදිනැන්දාව එක්කරගෙන ඇවිත් හැ.න්දෑයාමේ කැප්පෙටිපොළ බස්සෙකෙන් බහිනවා. දැන් රෙදිනැන්දාව උංගි ගාවට පංගරාත්තු කරනවා. මෙතැන් සිට කොටහුල් අවසන් වනතුරු උංගිගේ නිත්‍ය සේවා නියෝජිත ධූරයට ආච්චි විසින් රෙදි නැන්දාව පත් කරනවා.
(ගොඩාක් දිග්ගැහිච්ච කොටහුල අන්තිම කොටහින් ඉප්පන්ට හම්බුවෙමු... ඊගාවට ඡන්දේ........)