බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Monday, November 5, 2018

පෙරහැර - අන්තිම කොටස


(පෙරහැර එන්ඩ සෑහෙන්ඩ කල් ගියා..)

හවස ඇලට් පාරක් දාලා නැගිටිද්දි ආණ්ඩුව පෙල්ලිලා කියහන්කෝ.
දැන් අපේ ගමේ නැම්බර් මාමා.. අප්පුහාමි මාමා මහේශාක්‍ය ලීලාවෙන් ගමේ එහා මෙහා යනවා ඇති. ඡන්න ඇමතියයි පකඩේ මාමායි කොහේට්ට හරි වෙලා මුලු ගැන්නිලා සතර කම්මන්ත්‍රණ පවත්තනවා ඇති
“අපිට මොකද වුණේ? කියලා.

අපේ ගමේ යූ එන් පී .. ශ්‍රී ලංකා බෙදිලා සොම්නස දොම්නස සමරන්නේ එහෙම. කොහොම වුනත් සුද්දා එලවන්ඩ එකට එක්වුණු ලංකාවේ සිංහල මිනිස්සු දෙකට බෙදුවේ බණ්ඩාරණායක කියලයි මේ චුටියගේ මතය. බණ්ඩාරනායක සිංහල මිනිස්සු නොබෙදුවනම් අපේ රට දැන් සිංගප්පූරුවක්... ඡන්දේ ගැනත් කතාවක් ලියන්ඩෝනි.

අවුරුදු පහලොවක් මේ ගෙන්දගම් පොලොවේ කරක් ගහලා හොඳට පත්තියම් වෙලා රට කාලා වතුර බීලා ආපු එකෙක් මේ චූටියා. මෙහෙට්ට එද්දි සරම ගහපු චූටියා දැන් ගහන්නේ ෂෝට්. දැන් අවුරුදු ගානක් ගමේ ගෙයක් හදනවා.
ගමේ ගියාම

“චූටියා ගේ වැඩ ඉවරයි?”

කියලා අහන්ඩ ඕනි තරම් මිනිස්සු හිටියත්

“ඉඳා මෙතන රුපියල් ලස්සයක් තියෙනවා. ගේ වැඩ ඉවර කරගනින්”
කියන්න එකෙක්කත් නෑ.
බේබදු සංගමේනම් මාව දැක්ක ගමන්

“ආ චූටියත් ඇවිල්ලා ඉන්නේ අද මොනා හරි කරතෑකි.”

උඹට කොහොමද? සනීපෙන් ඉන්නවද? එහේ වැඩ අමාරුද? කියලා අහන්න එකෙක්කත් නෑ.

“චූටියා ඇයි බඳින්නැත්තේ?”

ගමේ උන්ට තියෙන ජාතික ප්‍රශ්ණේ ඕක. ඇත්තටම ඇයි මං බැන්දේ නැත්තේ?
“මට බඳින්න මතක නැති වුනා.”
*******************************

මං ගෙදර ගියා. වැස්ස හින්දා ගම මහා මුස්පේන්තු පාටකින් හා පාලුවකින් වෙලී ගිහිං.
බදුල්ලේ ටවුමට ගිහිං ගෙදර එන්න අල්ලාමීන් බස්සෙකට ‍ගොඩවුණා.
ඒ දවස්සල උංගිට ලයින්නෙක දාපු අල්ලාමීන් බස්සෙකේ කොන්දා හොඳටම වයසට ගිහිං.
ඉස්සර බොරුවට උංගිගෙ ලව්වෙකට සප්පෙක දෙනවා කියලා ෆ්‍රී ටිකට් වලට තමයි අල්ලමීන් බස්සෙකේ ගියේ. අපිව දැක්ක තැන ඉස්සර සැලුට් ගහපු කොන්දොස්තරමද මේ කියලා හිතෙනවා.
සංසාරේ............................................... බීලා වෙන්ඩැති.........
කොන්දාට මාව අඳුරගන්න බැරි වුනා. මාත් ඉතිං බජනෙට ගියෙ නෑ. ඒ දවස්සල කොටපු කොනකපාලයෝ තමයි ඔය.
චූටියටත් කවදහරි ඔය ආනිශංසෙ තමයි. අනිත්‍ය මෙනෙහි කරගෙන මම බස්සෙකෙන් බැස්සා.

දැන් ඉතිං පෙරහැරට දවසින් දවස දින ලං වෙනවා. මුලු ගමම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ඔද වැඩී යනවා. පංසලටත් දවසින් දවස එන අමුත්තන් සහ ලැබෙන ආධාර ඉහළ යමින් පවතිනවා.
අද සල්පිලේ අන්තිම දවස. ඒ කියන්නේ හෙට මහ පෙරහැර. අද තමයි අපි බළාපොරොත්තුවෙන් ඉන්න අලි ඇත්තු ඉස්කෝලේ පිට්ටනියට ඇරං එන දවස.

“අලින්ට කන්න කිතුල් ගස් ටිකක් දෙනවා කිව්වා සෙම්බු මුදලාලි. කට්ටියම ගිහිං ලොරියෙ පටවගෙන එන්න වෙයි.”
“අලි කීයද හාන්දුරුවනේ”
“එක අලියයි”
“මලා අපි ආධාර එකතු කරද්දි මිනිස්සුන්ට කිව්වේ අලි දහයක් කියලා”

අපි ලොකු හාන්දුරුවන්ට සල්ලි එකතු කරලා දුන්නේ අලි දහයකට. දැන් එක අලියෙක් ගෙනැල්ලා ලොකු හාන්දුරුවෝ අපිට කියාදෙන්නේ අල්පේච්ඡතාවයද අරපිරිමැස්මද? ඒ කාලේ එෆ්.සී.අයි.ඩී. තිබ්බනම් ඉස්සෙල්ලාම මම යන්නේ ඕකට.

අපි ඉතිං ලොරියේ පිටිපස්සෙ නැගලා අලින්ට වැරදුනා අලියට කිතුල් කොට ගේන්න සැන්ජේමිස් වත්තේ යනවා. ලොරියේ පිටිපස්සෙ යද්දි කෙල්ලන්ට මුලිච්චි වෙයි කියලා මේන් මෙහෙම මූණු හංගගෙන යන්නේ.

සෙම්බු මුදලාලිගේ වත්තේ පල්ලැහැ කපලා දාපු කිතුල් කොට ලණු දාලා අදින්න ඕනි. පේමෙලා ගුණේලා ලණු දාලා අදිද්දි අපි තල්ලු කරනවා.
පණ යනවා ඉතිං. අන්තිමේට නම යන්නේ සෙම්බු මුදලාලිගේ.
දැන් ඉතිං කිතුල් කොටයි අතුයි සේරම පටෝගෙන එව්වයේ උඩ නැගලා අපි ලොරියෙන් සැන්ජේමිස් පල්ලම හිමීට හිමීට බහිනවා.

“හයියෙන් අල්ලගනිල්ලා...”

ඉතිං අපි ඇවිල්ලා පිට්ටනියේ කෙලවරක කිතුල් කොට ටික බාන්නත් ඕනි. කිතුල් බූවට මුලු ඇඟම කසන්ඩ ගන්නවා. හාන්දුරුවන්ටනම් මොකෝ. අපිනෙ නැහෙන්නේ.

දහම් පාසලේ ටීචලාගේ නැටුම් කණ්ඩායම්.. බක්කි ගීත කණ්ඩායම් ලහි ලහියේ තම අවසන් පුහුණුවීම්වල යෙදෙනවා.
උංගි පොලු නැටුම් කණ්ඩායමේ ඉන්නේ. ඔව් ඉතිං පොලු නැටුම් නටලා පුරුදුයිනේ ඇටෙන් පොත්තෙන් එළියට එන්ඩත් ඉස්සර.
දැන් ඉතිං ඔය පිට දහම් පාසල් වලින් එන එක එක නැටුම් කණ්ඩායම් හිමීට හිමීට පංසලට සේන්දු වෙනවා. මුතියංගනෙන් බෙරවා සෙට්ටෙක එනවා. ඔය ගිනි බෝල... කස .. පෙරදිග නැටුම් කණ්ඩායම් තමයි ඔය රාගම පැත්තෙන් එන්නේ. ඒ එන එක එක නඩ වලට සංග්‍රහ කිරීම ගමේ එක එක කණ්ඩායම් වලට පවරලා තියෙනවා. ගිය පාර පෙරහැරේදි ඔය සංග්‍රහයකට ගිහිං ආගන්තුක සත්කාර වැඩි වෙලා තමයි සෙම්බු මුදලාලිගේ පොඩි කෙල්ල බෙරවායෙක් එක්ක පැනලා ගියේ. ඕක ගිය අවුරුද්දේ ගමේ ඕප-නායකලට මාස ගානක කටගැස්මක් වුනා. ඇයි අපේ ආච්චිට? මෙදා පාර බෙරවායෙක්කෙක්ක උංගි පැනලා යයිද මංදා. ඒ තරමට විසෑදිය.

කාවඩි කණ්ඩායම එන්නේ සැන්ජේමිස්සෙකෙන්. දන්සිරි අයියලයි.. නිමල් අයියලයි .. කාවඩි නටන්ඩ ලෑස්ති වෙලා ඉන්නවා. දෙමලුත් එක්ක මොන කාවඩිද? උන් එක්ක හැරෙන්ඩවත් බෑ අපේ එවුන්ට.

“අලියා ගෙනල්ලලු..”

අපි සෙනඟ අතරින් දූදූවගෙන යනවා ඉස්කෝලේ දිහාට. අලි බැලිල්ල එපා වෙන්නෑනේ කවදාවත්.
අපි ඔක්කොම වට වෙලා අලියා දිහා බලන් ඉද්දි අලියා ඇඟ පද්ද පද්ද කිතුල් අතු ගිලිනවා. ඇත් ගොව්වා මහේශාක්‍ය ලීලාවෙන් බලාගෙන ඉන්නවා.

“ඒ අලියට කකුල් පහයි”

දයානන්දයා තමයි ඉතිං ඔව්වගේ කට කැඩිච්ච කතා කියන්නේ.

“දන්සිරි අයියට මාලු ඇන්ටිගේ දුව හා කියලලු”
පෙරහැරේ අතුරු කතා කරළියට එන්නේ එහෙම.
“නෑ..”
“ඔව්..”
“ආච්චිනං ඕකට කොහෙත්ම කැමති වෙන්නෑ. එදත් කියෝ කියෝ හිටියේ බෙන්තර ගඟෙන් එහා එවුන් කියලා.”
ආච්චි විතරක් නෙවෙයි අපිත් කැමති නෑ. ඒකෙමුත් කෙලවෙන්නේ අපේ බඩට. ඇයි ඉතිං අපේ පුස්නාම්බු.. බුල්ටෝ .. කෝටා එක නැතිවෙයි. දන්සිරියා ඔක්කම මාලු ඇනටිලාගේ ගෙදෙට්ට අදියි.
“මංගලිකා රාගම නැටුං කණ්ඩායමේ කොල්ලෙක්කෙක්ක යාලු වෙලාලු”
විනාඩියෙන් දෙකෙන් සෙට් වෙන සෙනික ලව් එෆෙයාර්.
“නෑහ්”
උන් කොහේද? නම මොකද්ද? වයස කීයද? උන් බැඳලා ළමයි ඉන්න එවුන්ද? බෙර ගහලා නටලා ජීවත්වෙන්ඩ පුලුවන්ද?
ගමේ කෙල්ලෝ ඔව්වා බලන්නෑ. ඌ පිටගංකාරයෙක්නං ඇහුවද?
“හා”
ගෑණුත් එහෙම්ම තමයි ආය.
අපිත් පිටගමකට ගිහිං අමුතුවෙන් එන්ඩ ඕනි.
මහ එවුන් විතරක් නෙවෙයි පොඩි එවුමුත් චීත්ත තමයි ආය. චූටියා ඇර.

ඉතිං බිං කලුවර කඳු වලල්ල දිගේ ඇවිදලා ගමට පතබෑවෙනවා. පංසලේ ඉස්පීකරේ උදේ හිටං බෙග් මාස්ටර්ගෙ සිංදු එපා කරවලා එක පාර නිහඬ වෙනවා.
ලොකු හාංදුරුවෝ හෝස් හෝස් ගාලා මයික්කෙකට පිඹිනවා. මංගලිකයි නැට්ටුක්කාරයයි පංසලේ පිළිකන්නේ පෙම් කෙළිනවා.
“වාසනාවන්ත පිංවතුනි .. පිංවතියනි.. ඔබගේ සහයෝගයෙන් ඒ වර්ෂයක් පාසා පැවැත්තෙන පෙරහර මංගල්‍යයට පෙර අද සල්පිලේ අවසාන දවස. ඉතිං පිංකැමති ඔබ සැවොම පංසල කරා පැමිණ ඒ සල්පිලටත් මල්වට්ටි වෙන්දේසියටත් අවසානයේ පැවැත්තෙන චිත්‍රපටියටත් සහභාගි වන මෙන් ඉල්ලා සිටිනවා. අද සල්පිල තව පැයකින් පමණ විවෘත වන්නේ සත්ගුණවත් හාලිඇල සුමිතුරු ව්‍යාපාරයේ අධිපති සුමිතුරු මහතාගේ අතින්. තෙරුවන් සරණයි..”

සුමිතුරු මුදලාලි එනකන් ආය බෙග් මාස්ටර්ව මරණවා.
අපි නොදන්න සත්ගුණවත් සුමිතුරු මුදලාලි. ජාතියාල කාලේ බදුල්ලේ දෙමල මිනිස්සුන්ගේ දේපොල වස්තුව කොල්ලකාලා හැදිච්චි එවුන්. ලොකු හාන්දුරුවොත් කුට්ටියට යටයි. කුට්ටියක් දුන්නොත් හොරෙක් වුනත් සත්ගුණවත්.
දැන් ඉතිං සල්පිල ඇදි ඇදී යනවා.
(කලින් ලියපු සල්පිල බලන්න ඕන්නම් මෙතන කොටහන්  http://godekatha.blogspot.com/2015/12/blog-post_19.html)

යපිලා පුන පුනා බලා ෂිටි යේ ෂොඳුරු දවෂ යෙලඹෙනවා.

මුලු පරිසරයම අමුතු උද්යෝගයකින් පිරිලා. වෙනදාට වඩා හාත්පස අමුතු දිස්නයකින් ලෙලෙනවා . අම්මේ..සීතල.. කුරුලු පංතින්ගේ නින්නාදයෙන් පරිසරය හැඩකාරී වෙලා.
පෙරහැර අද... අපේ සිතේ සතුට දෝරේ ගල ගලා ගල ගලා යනවා.
මංගලිකා නැට්ටුවා එක්ක පැනලා ගිහිංද? පේමෙයයි අනුලක්කගෙයි අනියං සම්බන්දෙට මොකද වුනේ? උංගි පොලු නැටුම නැටුවද? දන්සිරි අයියා මාලු ඇන්ටිගෙ දුව බඳියිද?

මෙච්චර වැදගත් දවසෙත් අපිට හිතෙන්නේ ඔව්වා.

ඕං උදේ අට වෙද්දි පංසලේ ඉස්පීකරේ ආය බෙග් මාස්ටර්ව මරන්න පටන්ගන්නවා. සිරසේ බ්‍රේකිං නිව්ස් වගේ විටිං විට ලොකු හාන්දුරුවෝ නිවේදන නිකුත් කරනවා.
පිටිං ඇවිල්ලා ඉන්න නැටුම් කණ්ඩායං වලට අදාල නිවාස වලින් කන්ඩ ඇරං එන්න වගේ විශේෂ බ්‍රේකිං නිව්ස්.
ඉතිං අපිත් උදේ නමය දහය වෙද්දි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ඔද වැඩී පංසල දිහාට ගාටනවා. පංසලට යන්න කලින් ඉස්කෝලෙට ගිහිං අරුම පුදුම කකුල් පහේ අලියවත් බලලා තමයි එන්නේ. සෙරෙප්පු ගලවලා පංසලට ඇතුල් වෙන්ඩත් කලින් ලොකු හාන්දුරුවෝ මොකක් හරි වැඩක් පවරනවා. අපේ නම නොගියට පෙරහැරට ගොඩාක් කල් ඉඳං අපේ හම තමයි ගියේ ඉතිං.
පංසලේ කුස්සියට වැදිලා අපිත් දානේ පාර බඩට දාගන්නවා. එතකොට දානේ කන්ඩත් හොඳ නෑ නේද? දානෙත් සාංඝිකයිනේ.

“මෙන්න විශේෂ නිවේදනයක්. පෙරහැර සංවිධායක මණ්ඩලය ලෙස පේමරත්න මහතා. සුබරත්න මහතා.. ඩිංගිරි බංඩේ මහතා.. අප්පුහාමි මහතා..ගුණරත්න මහතා.. එච්.ඇම් ඉන්දසිරි මහතා.. අනුලා මහත්මිය.. සීලා මහත්මිය.. කලු අප්පා මහතා .. සුදුබණ්ඩේ මහතා පත්කර ඇත. කරුණාකර ඒ මහත්වරු කාර්යාලයට පැමිණ ලාංඡන පැලඳගන්න”

දැන් ඔය සෙට්ටෙක කැබිනට් ඇමති කමක් ගන්ඩ යනවා වගේ මෙහෙක් කරගෙන පපුව පුම්බගෙන මෙන්න මෙහෙම ඔෆිස්සෙකට යනවා.
සිංහාසනයෙන් බැස රාජසභාවට යන රජ නිරිඳෙක් සේ මෙන්න මෙහෙම උජාරුවෙන් ලාංඡන හෙවත් බැජ් සාක්කු වල ගහගෙන ඔපීසියෙන් එළියට බසින ප්‍රේමේ අපිටත් රැස්පොට් දානවා. මහා ලොකු තානාන්තරයක් ලැබිලා වගේ.

“ඒයි මෙහෙ වරෙන්. අර තීන්ත බෝතලෙත් අරං පාරේ ඉරි අඳින්න යන්න”

පේමෙයා අපිට නියෝග නිකුත් කරන්නේ එහෙම.

පැල්ලැහැ මහ පාරේ ඉඳං පංසල වෙනකන් ඉරි ගහලා .. කස..මල් බයික්.. සේසත්.. කොඩි.. පොලු නැටුම්.. කිය කිය පෙරහැරේ එක එක කණ්ඩායම් ස්ථානගත කරන තැන් මාක් කරන්ඩ ඕනි.

ඉර අවරට යනවා. දැන් කට්ටිය යුහුසුලුව වැඩ කරනවා.  කලබල වැඩියි. එක එක ගම්වලින්..  පිට පංසල් වලින්.. ඉස්කෝල වලින්.. කට්ටිය ඇවිල්ලා පංසලේ පිරෙනවා. පෙරහැර හාලිඇල ටවුමට යනකන් යනවා. ලොකු හාන්දුරුවොත් කාර්යාලෙට වෙලා එන ආරාධිත අමුත්තන්ව පිළිගන්නවා. හම්බෙන ලිවුම් කවර අඳනේ ඇස්සේ ගහගන්නවා. අල්පේච්ඡතාවය.

කරඬුව තැම්පත් කරන්න එන්නේ ඌව මහ ඇමති පර්සි සමරවීර. ඇයි සමරවීර වීරවන්නිත් එනවලු. උන් එන්නේ පැජරෝ එකේ. අපි ඉතිං උන්දලා එනකන් පංසලේ ඉතුරුවෙලා තියෙන තව සුලු සුලු වැඩ ටික කරනවා. දැන්නම් හැරෙන්ඩවත් ඉඩ නෑ.

“චූටියාට පන්දම් අල්ලන්ඩ හරි පන්දම් වලට කලු තෙල් වක්කරන්න හරි යන්ඩ වෙයි”

ඔව් ඉතිං පන්දම් අල්ලලා නැති එකෙද්ද මේ චූටියා. උංගිගේ ලව් සීන් වලටම ලන්තෑරුම් අල්ලලා කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද?

“කලු තෙල්නම් වක්කරන්ඩ බෑ.ඕන්නම් පන්දම් අල්ලන්නම්.”

“නැට්ටුක්කාරයා චෛත්‍යය පිටිපස්සේ මංගලිකාව ඉම්බලු”

“නෑහ්”

ඔව්වගේ බ්‍රේකිං නිව්ස් වලට තමයි ඉතිං ඉහලම ඉල්ලුම තියෙන්නේ.

“නෙද්දකිං ඔවුන් පංසලත් මඟුල් මඩුවක් කොරගෙනද? ඔව්වා වෙනකං ලොකු හාන්දුරුවෝ බුදිද බං”

ඒ අපේ ආච්චි.
බොරු කකුල් කාරයෝ උඩ අහසට වෙලා පුරුදු වීම් වල යෙදෙනවා. ඔය අස්සෙත් මිනිස්සු එහේ මෙහේ රිංගනවා. දැන්නම් පංසලයි පාරයි එකම හිස් ගොඩක්.
ලයිට් දාගෙන පිඹගෙන හෝන් ගහගෙන මහ ඇමති පංසලට සම්ප්‍රාප්ත වෙනවා.

“අයින් වෙයල්ලා මහ ඇමතිතුමා එනවා” 
පේමේ ඇතුලු සංවිධායක මණ්ඩලය මිනිස්සු එහා මෙහා කරලා ඉඩ හදලා දෙනවා.
ලොකු හාංදුරුවෝ මහ ඇමතිතුමා පිළිගන්න ඉදිරියට එනවා.

ඉස්කෝලේ දිගේලි කරලා තිබ්බ අලියාත් පංසලට එක්කරගෙන එනවා. යකෝ අලියට වඩා අලි ගොව්වගේ ලොකුකං බලන්ඩ උනානේ.
දැන් ඉතිං මහ ඇමති පිළිගැනීමේ කතාව නැම්බර් මාමාගෙන්.. මහ ඇමතිගේ කතාව.. ලොකු හාන්දුරුවන්ගේ ස්තුති කතාව.. ඔව්වා ඔක්කම ඉවර වෙනකං පැල්ලැහැ පාරේ පෙරහැර සංවිධාන කටයුතුත් වෙනවා.

“ඔහොම නෙවෙයි මෙහෙම”
“එතන නෙවෙයි මෙතන”
“ඔයා නෙවෙයි අරයා”
“මෙතන නෙවෙයි ඔයාලා අතන්ට යන්න”
“ඔන්න කොඩිය ඇකිලිලා”

සංවිධායකකම් ලැබිච්චි එවුන් උන් උන්ගේ බලය තහවුරු කරගනිමින් ලොකු හාන්දුරුවන්ගෙන් ලකුණු දෙක තුනක් ලබා ගැනීමේ අරගලයක නිරත වෙනවා.
හැම පැත්තෙන්ම තැලෙන්නේ අපි තමයි.

මහ ඇමති සහ නැම්බර් මාමාගෙන් පස්සේ වැදගත්ම කතාව තමයි ලොකු හාන්දුරුවෝ පවත්තන ස්තුති කතාව.ඒකෙන් කෙරෙන්නේ පෙරහැරට උදව් කරපු පාර්ශ්ව වලට ස්තුති කරන එක. අපිත් කට ඇරං බලාගෙන ඉන්නවා පෙරහැරට මාස දෙක තුනක ඉඳං නැහිච්ච අපි ගැනත් ලොකු හාන්දුරුවන්ගේ කටින් වදාරයි කියලා. ඉස්සෙල්ලාම ලොකු මොණර මිටි දීපු අයගෙන් පටන්ගෙන ලොකු හාන්දුරුවන්ගේ ස්තුතිය පල්ලම් බැහැගෙන බැහැගෙන යනවා. රුපියල් පන්දාහෙන් උඩ සල්ලි දීපු එවුන් තමයි මේ පෙරහැර කොරලා තියෙන්නේ මයේ හිතේ. අන්තිමට තෙරුවන් සරණයි කියනවා. මම මාස ගානක් මොනාවත් කරලා නෑ. මගේ නාම මාත්‍රයක්කත් ඒ ස්තුති කතාවෙ නෑ. මගේ පපුව දිගේ අකුණු ගහනවා වගේ වේදනාවක් ඇදීගෙන යනවා.

“මැදැයි ඉස්පීකරෙන් චූටියගේ නම කියනකන් හිටියා. ගෙරි ගණයට අපි මොකුත් කරලා නෑනේ. අපරාදේ සල්ලි එකතු කරන්න යද්දි තව ටිකක් මාටියා ගහන්ඩ තිබ්බා.”

දැන් අපි අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. දැන් ඕනිවට එපාවට වැඩ.

“චූටි පන්දම ගෙනෙන්”

“මං අල්ලන පන්දමක් නෑ. අර ලිස්ට්ටෙකේ උන්ටම කියහං පන්දම අල්ලන්න කියලා”

අලියා කරඬුව තැන්පත් කරගෙන පෝලිමට එකතු වෙනවා. නැටුම් කණ්ඩායම් නැකත එනකන් සීරුවෙන් ඉන්නවා. පේමෙලා (සංවිධායකයෝ) බොරු කලබලයක් මවාගෙන එහෙට මෙහෙට දුවනවා.
මම හැකි උපරිම වේගෙන් ගෙදෙට්ට දූදූවගෙන ගිහිං ඇඳට පැනලා පොරෝගෙන ලොකු හාන්දුරුවන්ට දෙස් තිය තිය බුදියගන්නවා.

“ඉතිං පෙරහැර ඉවරවෙන්න ඇති..මට මොකො..රෙද්ද?”


Sunday, July 8, 2018

පෙරහැර 02

(කොන්දේ කැක්කුමක් කරන කොටගෙන ජූනි මාසයේ ගම්පහ හොස්පිටලයේ ඇඩ්මිට් වන්නට සිදු වූ නිසා ජූනි මාසයේ බ්ලොග් පෝස්ටුවක් නොවූ නිසා මෙවර නෙලුන් සම්මානයෙන් ඉවත් වීමට සිදු වූ බව ඉතා සන්තාපයෙන් දැනුම් දී සිටිමි) 

මගේ රස්සාවේ හැටියට මං මේ ලංකාවේ යාපනය වන්නිය හැර අනික් හතර 
දිබ්බාගෙම කරක්ගහල තියෙනවාවෙලාවකට හිතෙනවා මොකද්ද බං මේ 
අහිගුණ්ඨික ජීවිතේ කියලා කාලේ මං මිනුවන්ගොඩ බෝඩිමක මාස  
හය..හතක් කල් ගත කොරපු කාලේබෝඩිමේ ඇන්ටිගේ එකම පුතා එයාව 
දාලා ගිහිංමහත්තයා මැරිලා.



ඉතිං ඇන්ටි රෙදි මහන ගමන් දැහැමින් සෙමින් බෝඩිමක් පවත්තාගෙන යනවාහවසට මං එනකන් බලාගෙන ඉන්නේ එයාගේ දුක් කතන්දර මට කියන්න
මාත් ඉතිං අහන්නන්වාලේ පෝන්නෙකට ඇන ඇන ඔය කතා අහගෙන ඉන්නවාපාන්දර 5 නැගිටල බුදුන් වැඳලා රේඩුවෙකේ බණ දාගෙන මහනවාබෝධිපූජාවක්.. පිරිතක්.. පිංකමක් මඟ අරින්නෑහැම සඳුදම භාවනා වැඩසටහනකට 
නොවරදවා යනවාදඹදිව 13 වතාවක් වන්දනා කරලා තියෙනවාපෝයට 
සිල්ගන්න අනුරාධපුරේ යන්නේඅපිත්තෙක්ක වචන 100ක් කතා කරොත් වචන 50ක් බුදු බණ.



එක දවසක් උදේක ඇන්ටි කෑමොර දෙනවා.



"පුතේ මේනක ඉක්කන්ට එන්ඩකෝ"මාත් ඇඳෙන් පැනලා ඇන්ටි මහන 
තැනට 🏃 දුවනවා.

"ඇයි ඇන්ටි..."

"අනේ පුතේ මේ දොර මුල්ලට  සරපයෙක් රිංගුවාමේ ටෝච්චෙක ගහලා 

බලන්ඩ"



මාත් ඉතිං බයෙන් බයෙන් දෙකට නැමිලා ටෝච්චෙක ගහලා බලනවා.මේන් 
මේ සයිස් සරුපයා.මුල්ලේ ගුලි වෙලා බයේ වෙව්ල වෙව්ල ඉන්නවා.



"ඇන්ටි සරුපයා ඉන්නවා"

" මේක ගන්ඩ"



ඇන්ටි තඩි කිතුල් මෝල්ගහක් ගෙනැල්ලා මගේ අතට දෙනවා.මම අන්දුන් 

කුන්දුන් වෙනවා.



"ඕකව තලන්ඩ"



මම ඇන්ටිගේ මූණ දිහා බලනවා.



"ඕකව තලන්ඩ ළමයෝ"



බලලුන් ලවා කොස් ඇට බෑවීමක්.



"අනේ ඇන්ටි මදුරුවෙක් ඇර මේ වෙනකං මම කිසිම සතෙක් මරලා නෑමගේ 

බයික් එකට මේ අවුරුදු දහයට ගෙම්බෙක්වත් යට කරලා නෑමට බෑ මරන්ඩ"



"කෝ දෙනවා මෙන්න මෙහාට"



ඇන්ටි මගෙන් මෝල්ගහ උදුරගන්නවා.



"දඩස්...දඩස්..දඩස්.."



ඇන්ටි සරුපයාව තලලා කුඩු කරලා දානවා.නෙත් එෆ්.එම්එකේ බණ යනවා.

(තව බෝඩිං වල කතා බොහොමයි.. ටික ටික කියන්නම්)



දැන් ඔය පංසල්වල ලොකු හාන්දුරුවොත්තෙක්ක ගමේ ගෑණු පැටලෙන්නේ නිකං නෙවෙයි ආයපංසල කියන්නේ මුදල් ආකරයක්අපිට අල්පේච්ච ජීවිත 

ගතකරන්න කියාදෙන හාන්දුරුවෝ තමයි සුඛෝපභෝගී ජීවිත ගතකරන්නේ

අනික පිරිකර වලට ලැබෙන බිස්කට්..කේක්.. කිරිපිටි..ඇඳ ඇතිරිලි..තුවා.. 

කොට්ට මෙට්ට.. සබන්.. පුයර.. පෑන්..පැන්සල්..පොත් එකී මෙකී නොකී හැම දෙයක්ම... ඉතිං ගෑණු හාන්දුරුවොත්තෙක්ක ධාතු වඩම්මලා අර වස්තු 
සම්බාරයත් හූරගෙන ගිහිං පදේකුත් හදාගන්නවාඅපේ ලොකු හාන්දුරුවොත් 
ආය සෝවාන්..සකුර්දාගාමී.. අනාගාමී..අර්හත් වෙලා ඇයි ආය.. අංගජාතයේ 
සිනිඳු පේෂි අපූරුවට විස්තාරණය වෙනවා..ඇති .. මේකෙදි සම්පූර්ණෙන් වැරදි
ගෑණු... මම දෑහින් දැකපු දේ මෙතන ලියන්ඩ යන්නෑ.. මම දන්න මෙහේ 
(ගම්පහහාන්දුරු කෙනෙක් ඉන්නවා ගෑණියෙකුත් 
ඉන්නවා.. රෑට VX බාගෙකුයි හරක් මසුයි නැතුව වළඳන්නේ නෑ.. උපසම්පදා ලොකු හාන්දුරු නමක්..සෑසනේට ගිය කලක්..



ඉතිං දයානන්දයගේ කේස්සෙකෙන් පස්සේ මම සති දෙක තුනක් පංසල පැත්තේ තියා දහම් පාසලේවත් පස් පාගන්ඩ ගියේ නෑඕක හිංදා ගෙදර ගිහිං අම්මගෙනුත් ගුටි කන්ඩ සිද්ද වුනාදයානන්දයත්තෙක්ක මාසයක් විතර කතා නොකර හිටියාඒත් මොන.... කොපි ගහන්ඩ ෂේප් එකේ  මාත්තෙක්ක ආයෙත් යාලු වුනා.



දැන් ඉතිං ඉස්පීකරේ බැඳගත්තු සෙම්බු මුදලාලිගේ ටිපර්රෙක බදුල්ල 

දිස්තිරික්කයෙයි.. නුවරඑළිය දිස්තිරික්කෙයි.. මහනුවර දිස්තිරික්කෙයි.. 

මොනරාගල දිස්තිරික්කෙයි සීමා මායිම් වල ගම් නියම් ගම්වල සැරිසරනවා.
"අලි කීයද?"


පෙරහැරක් කිව්වම මිනිස්සු ඊගාවට අහන ප්රශ්ණෙ ඕක.


"දහයක්කත් ඉඳියි"


අපි දන්නවා අපේ පෙරහැරේ අඩුම ගානේ යන්නේ අලි දෙන්නයිඒත් අපේ 


පෙරහැරේ අගය වැඩි කරන්න "මුසාවාදාශික්ෂාපදය කඩලා සුණු විසුණු කරලා දානවා.

"කොහේද ඔය පංසල තියෙන්නේ"


බදුල්ල දිස්තිරික්කෙ විතරක්නම් මදෑ අධාර එකතු කරන්න අල්ලපු දිස්තිරික් වලට බැස්සම ඔය උභතෝකෝටික ප්රශ්ණයට මූණ දෙන්න වෙනවාඅපේ 


දිස්තිරික්කෙවත් එවුන් හරියට අපේ පංසල දන්නවා කියලයෑඕන් මුතියංගන.. 

මයියංගන කිව්වනම් දන්නවා කාලේ ගූගල් මැප්වත් තිබ්බනම් මේන් පංසල 

කියලා පෙන්නන්න තිබ්බා.



"ඔව්වගේ හොරුත් එනවාපංසල් වලට කියලා ආධාර එකතු කරන්න"

"අපිනං හොරු නෙවෙයි. 🚚 ලොරිය ඉස්සරා පොඩි හාන්දුරුවෝ කෙනෙක් ඉන්නේ.."

"ආපෝ..කාට බැරිද සිවුරක් පොරෝගන්න"



සමහර ගම්වල එවුන් අපිව පයිසෙකට මායිම් කරන්නෑ.ගම්නියම් ගම්වල ..    වන බූටෑවල්වල.. කඳු ශිඛර උඩ .. ඇල දොල ගංගා වල අපි සම්මාදමේ යනවා
ඔය කාලේ අපේ පංසලෙන් වාහන හතර පහක් ඉස්පීකර බැඳන් හතරදිබ්බාගෙම 

කරක් ගහනවාදහම් පාසල් සිසුන් වන අපිත් මාරුවෙන් මාරුවට ඔය ලොරි 

පිටිපස්සෙ නැගලා යනවාලොකු හාන්දුරුවො මාවයි දයානන්දයවයි 

හැමවෙලේම වාහන දෙකක නග්ගන්ඩ වගබලාගන්නවාදයානන්දයගෙයි මගෙයි ඇරියස්සෙක ආයෙ කොයි වෙලේක හරි පුපුරලා යනවා කියලා 
ලොකු හාන්දුරුවො දන්නවා.උඩහ පේමේ තමයි අපේ ටීම් ලීඩර්.
අපි එක එකා යන්නේ එක එක ගෙවල් වලට ගිහිං ඇවිත් ටිකට් නොම්බර 
පේමෙට පෙන්නලා අදාල 💰 මුදල බාර දෙන්ඩ ඕනිපේමෙගෙ සාක්කු පිරුනම 
ඒව්ව ලියාගත්තු පොත පෙන්නලා ලොරියෙ ඉන්න සාදුට බාරදෙන්න ඕනි
සාදුත් සල්ලි දැක්කම ප්රීතියෙන් ඉපිල ගිහිල්ලා තට්ටෙ අතගාලා මෙහෙක් කරලාදෑතින් බදාගෙන ලොරියේ මැද සීට්ටෙකට දාලා ගයිනවා.



හැන්දෑවට ලොකු සාදු බලාපොරොත්තු වෙන්නේ හෙන ලොකු පත සල්ලි පෝර උරයක්ඒක හින්දා ඔය එක එක ලොරියේ යන ටීම් ලීඩර්ලා තමන් ගෙනියන ගොඩ වැඩිකරගෙන ලොකු සාදුගෙන් ලකුණු දාගන්ඩ අපිව පීඩාවට පත් කරනවානගින්න බැරි මෙන්න මෙහෙක් කඳු උඩ පවා අපිව නග්ගනවාඅර ඈත පේන 

කන්දෙ පැලක් අටෝගෙන සම්බෝලයි බතුයි කාලා ඉමු කියපු එවුන් කඳු උඩ 

හුදකලා වෙලා ඉන්නවා නේදසමහර විට  කන්ද මුදුනටම එක ගෙයයි

එවුවයෙත් අපිව නංගනවනේ පේමෙයාසමහර වෙලාවට  නැගලත් හිස් අතින් එන්ඩ වුනාම පල්ලම් බහිද්දි පේමෙයගේ අම්මා විතරක් නෙවෙයි ලොකු 
හාන්දුරුවන්ගේ අම්මත් බැනුම් අහනවා.



ඔය අතරේ ඉතිං යම් යම් මූල් වංචාත් සිද්ද වෙනවා.



"අනේ ඕකට ටිකට් ඕන්නෑමේන් විස්සක් තියෙනවාපොඩි ළමයි විශ්වාසයිනේඕක ඇරං යන්ඩ."



ඕවගේ ඒවා පේමෙගවත් පොඩි සාදුගෙවත් ලොකු සාදුගෙවත් විගණනයකට 

ලක්වෙන්නේ නැති හිංදා මේන් මෙහෙම හීනියට උරුට්ටු කරලා මගේ ඉස්කෝල කයිසමේ හොර සාක්කුවේ ඔබාගන්නවාබැරිම උනොත් ලංකට්ටෙකේ ඉලාස්ටික් පටිය ඉනට සෙට්වෙන තැන තියනවාඊට පස්සේ මගදි චූ කරන්ඩ හරි කක්කා 

කරන්ඩ සෙට් වුනොත් බොහොම කල්පනාවෙන් ඉන්ඩ ඕනිඕක වැටිලා ගියොත් මහන්සියම වතුරේආච්චිනම් කියන්නේ ලංකට්ටෙක ඇන්දෙ නැති වුනොත් 

අපේ ලබ්බ බහිනවා කියලාඔය බයටම කොහේ ගියත් ලංකට්ටෙක දාන් යන්න අපි අමතක කරන්නෑඔය ලංකට්ටෙකත් ඉරිලා අර මාලු දැල වගේ වෙනකන් 
ඇඳලා තමයි අපි පස්ස බලන්නේඅරපිරිමැස්මලඟදි නුවර යද්දි පාර අයිනේ 
නයිලෝන් නූල් බෑක් වලින් එල්ලලා තිබ්බ ඕස්ට්රේලියන් පොඩි නාරං උර 
දැක්කමත් මට මගේ ලංකට්ටෙක මතක් වුනා

ඔව්වගේ මූල් වංචා ඉතිං දවසට තුන හතරක් කරගත්තම ගොඩ.



"පේමෙලාටනං හාන්දුරුවො පඩි දෙනවා ඇතිනේද චූටියෝපේමෙයත් ඉතිං 

යටිමඩි එහෙමත් ගහනවා ඇතිමංදන්නැද්ද ඕකුන්ගේ හැටිසාංගික දේපොල කොල්ලකන උන් අවීචි මහා නරකාදියේ වැටෙන්නේ"



ආච්චි පේමෙට කියන ඒවා නොදැනීම මටත් වදිනවා.



"ආච්චි ටිකට් කඩලා සල්ලි ගෙනැල්ලා ලොරියේ සාදුට දෙනකම් සාංගික 

වෙන්නෙ නෑනේ"



"මේ බලපංකො මුගේ පණ්ඩිතකන්"



"එතකොට අපි දවල් කෑවම පොඩි සාදු සල්ලි දෙන්නෙත් එකතු කරන සල්ලි 

වලින්නේ.ඒවාත් සාංගිකනේඑතකොට ඒකටත් අපි අවීචි මහා නරකාදියට 

යනවද?"



"ආවද මෙතන මහ එවුන් එක්ක පණ්ඩිතකම් කියොවන්ඩපලයං යන්ඩආච්චිව 

වන්ෂොට් වලින් නොකවුට් කරන්නෙ එහෙම.

හවස ගෙදර ආවම අපේ ආච්චිට මුලු දවසෙම වෙච්චි සන්තෑසි දිගාරින්ඩ ඕනි.අපිට හම්බෙන පඩියක් නැතඅන්තිමේ පෙරහැර ඉවරවෙලා ඉස්තුති කතාවේ 

ඉස්පීකරේ අපේ නමක්කත් කියවෙන්නේ නැතඅපේ හම යන්නේද වෙන උන්ගේ නම් යන්නේද එහෙමය.



"ඕන් උඩදාගෙන ගිහිං රෑ දවල් නැතුව කරා. ලොකු සාදු උඹලගෙ නමක්කත් 

කිව්වද?"



අම්මා අපිට බයින්නේ එහෙමය.



හුරිහෙලින් නැගී හිරු හොබරැල්ලෙන් බැස යන්නේය.පෙරහැර දවස ටික ටික 
ලං වෙන්නේය.



"පැල්ලැහැ ආරි මුදලාලි අලියෙක් බාර ඇරංලුමහා ලොකු ගානක් යනවා 

කියන්නේචූටියෝඋඹ අද සල්පිල බලන්ඩ යනවද.? යනවනම් ඔය පන්දමක් 

හදලා ගනින්."



පෙරහැරට දවස් හතරකට විතර කලින් පටන්ගන්න මල් පෙරහැර.. බෝධිපූජා හා සල්පිල ඇදි ඇදී යන්නේය.



මල් පෙරහැරවල් කරන්නේ එක එක ගම් වලින්‍ ගම් දෙක තුනක් එකතු වී එක මල් පෙරහැරක් හැන්දෑවට පංසලට ගෙවදින්නේය.උන්ගෙ ගමට වඩා හොඳට 

අපේ ගමේ එවුන් මල් පෙරහැර සංවිධානය කරන්නේයබෞද්ධ කොඩි 
මල් බයිසිකල් මල් වට්ටි බොරු කකුල් වලින් සන්නද්ධ  මල් පෙරහැරවල් 
පංසලට ඇදෙන්නේය.මාත් ඉතිං බෞද්ධ කොඩියක් උස්සන් පෙරහැරේ යනවා.
ආච්චි මල් වට්ටියක් උස්සන් පෙරහැරට එකතු වෙනවාදන්සිරි අයියා මල් 
බයිසිකලේ

පේමෙ තමයි පෙරහෑර එහෙට්ට මෙහෙට්ට වෙන්න දෙන්නැතුව සංවිදානය 

කරන්නේතව සංවිධායකයො ඉන්නවාඇයි නැම්බර් මාමා.



ආරි මුදලාලිගෙ කෙල්ල මිතිලා තමයි ඉතිං චූටියාගෙ ටාගට් එකඒකි දිහා වෙන එකෙක් බැලුවොත් ඌව කපනවා පෙති පෙතිඅඩෝව්.. කවුද ඩෝ .............. 

වලිකාරයෝඔව් ඒකි තමයි මගේ හීන කුමරියඒත් ඒකි ඒක දන්නෙ නෑ
අප්රකාශිත ආදරයක්.



කොල්ලෝ කෙල්ලන්ට ලයින් සීන් කරන්නත් තෝරගන්නෙ ඉතිං පංසල තමයිඑවුවගේම ඔය ගමේ ඇතිවෙච්චි අනියම් සම්බන්ධතාත් ගොඩාක් 
දලුලා වැඩෙන්නේ පංසලේ සල්පිලේ සහ තාවකාලික කඩ පෙලේ තමයි. දන්සිරි 

අයියත් ත්‍රෙයිලෝකපත්‍ර ඔතලා බීලා දන්සිරි අයියගේ හීන කුමරිය හෙවත් 
මාලු ඇන්ටිගේ පොඩි දුව පස්සේ ආදරේ ඉල්ලලා වැඳ වැඳ යනවා. ඒත් මොන.. ඒකි බලන්නෙවත් නෑ. දන්සිරි අයියත් උත්සහය අත අරින්නෙම නෑ. නොපසුබස්නා උත්සාහය. අර විසිනව වතාවක්ද කොහෙද පැරදිලා උත්සහය අත නොහැර තිස්වෙනි වතාවේ කොහේදෝ රටක කවුදෝ අගමැතිත් උනේ.



"පේමෙයා පැල්ලැහැ අනුලක්කට කඩල ගොට්ටක් අරං දුන්නා"



"නෑහ්එහෙනං ඒකත් හරි"



අනියං සම්බන්ධයක් ඇතත් නැතත් කඩල ගොට්ටක් අරං දීම නම් ක්රියාව 

දකින්නා තුල එවන් හැඟුමක් මෝදු කරවනවාඕක එක දෙක වෙලා කටකතා වෙලා තටු ඇවිල්ලා ඒකට අයිසිං එහෙම දාලා කනින් කනට දොරෙන් දොරට මෙන්න මෙහෙම ඉගිල්ලිලා යනවා.
“ඈ බොල වේස බැල්ලියේ තොට රට වටේ ඉන්න මිනිහලා මදි වෙලාද මගේ මිනිහවත් අල්ලගත්තේ”
“අනේ වැඩේමයි තොගේ මිනිහව අල්ලගන්න. මොකෑ ඌ රාජ කුමාරයානේ. ඌනේ බොල මා පස්සෙන් එන්නේ”
“මොකද්ද බොල තෝ කිව්වේ”
“ඩිෂුම්..ඩිෂුම්..බුෂා..බුෂා..”
අන්තිමට ඔව්වා කෙරවල වෙන්නේ පේමෙයාගේ ගෑණියි අනුලක්කයි පංසලේ 
පාරේ දෙනෝදහක් ඉස්සරහ කෙහෙවලු පටලවා ගැනීමෙන්.



මාත් ආරි මුදලාලියාගේ දුවට කඩල ගොට්ටක් අරං ඒක දීගන්ඩ නොවිඳපු 
දහදුකක් නෑඒත් අන්තිමේට ඒකි ඒක ගත්තේ නෑ.
නොලැබේනම් එය ආදරයයි.

රෙද්ද තමයි.මම තරහට කඩල ගොට්ටම එහෙම්ම මගේ කටේ හලාගත්තා
මගේ ගාව නෑනේ ඔය අනියංමං ගාව තියෙන්නෙ නියම සම්බන්ධකං
ආය සෙකන්ඩ් වෙයි මේ චූටියානැමෙන්නෑ එකෙට්ටවත්.