(සබාවෙන් අවසරයි..
මුලින්ම දැන් රත්නපුරේ
පැවැත්තෙන බ්ලොග් වසන්තයට සුබපැතුම් එක්කරනවා)
ඔය ඈත අතීතේ බදුල්ලේ
මීගහකිවුලෙමුත් ඈත හද්ද පිටිසර ගමක එක ගෙදරක අම්මයි පුතයි පුතාගේ පවුලයි සහයෝගයෙන්
ජීවත් වුනාලු. ලේලිට මැහුම් කර්මාන්තේ ගැන දැනුමක් තිබ්බලු. ඉතිං පුතන්ඩියයි
යේලියි කතිකා කරගත්තලු මහන මැෂිමක් ගේන්න බදුල්ලේ ටවුමට ගිහිං. ඒ කාලේ ඔය අහල ගම්
හතකවත් මහන මැෂිමක් තිබ්බේ නැල්ලු. පුතාටයි යේලිටයි තමන්ගේ අම්මව පුදුම කරවන්නත්
ඕනිලු. ඉතිං අම්මා මීගහකිවුල පොලේ වෙළඳාම් ගිය දවසක තමන් හම්බුකරන් ඉතිරිකරගත්
මුදල් වලින් බදුල්ලෙන් මහන මැෂිමක් අරං ඇවිත් ඉස්තෝප්පුවේ තියලා තිබ්බලු අම්මව පුදුම
කරන්න.
ඉතිං පොල ඉවර වෙලා
ගෙදර ආපු අම්මා ජීවිතේට මහන මැෂිමක් දැකලා තිබ්බ එකක්යැ.
උන්දැ ඇහුවලු
“ආ උඹලා මේකේ නැගලද
ආවේ” කියලා.
ඇයි මැෂිමේ රෝද
කාරියත් තියෙනවනේ.. හැක් ....
(යලට මහට ලියවෙන
මේනකයාගේ ගොඩේ කතා)
**********************************************************
දැන් ඉතිං මේ ගමේ
ඇටෙන් පොත්තෙන් එළියට එන එවුන් ගැන මට ලියන්ඩ අමතක වුනාවද්දෝ මංදා. ඒ කියන්නේ මේ
අපි සයිස් ගැටයෝ නෙවෙයි ගැටිස්සියෝ ගැන.
ඉතිං කෙල්ලෝ ඇටෙන්
පොත්තෙන් එළියට එනවා කියන්නේ ලොකු වෙනවට. නැත්තන් මල්වර වෙනවට. ඇස්ටෝන් වෙනවට.
කොටහුල් වෙනවට. නැත්තන් අපි කියන විදියට ජම්බු ගහෙන් වැටෙනවට. ඉතිං ඕක වුනාට පස්සේ
කෙල්ලන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ පහල වෙනවා. තිසර යුගවන් ලැමද ... පුලුලු උකුල ..
සිහිනිඟ සුඟ.. සුනිල දෙතොල ..දිගු නෙතු යුග ..
ඒ කෙල්ලන්ගේ...
කොල්ලන්ගේ ඉතිං කටහඬ
ගොරහැඬි වෙනවා .. දැලි රැවුල වැවෙනවා.. විලි ලැජ්ජයි...
ඉතිං දැන් කෙල්ලන්ට
කොල්ලන්ගේ ඇල්ම බැල්ම වැටෙන්ඩ ගන්නවා. අපිවනම් ගනන් ගන්නෙවත් නෑ ඉතිං . හොයන්නෙම
ලොකු ලොකු අය තමයි.. ඇයි අපි පොඩියිනේ ...
බස් කොන්දොස්සර්ලා..
බස් ඩැයිවර්ලා .. හාලි ඇල්ලේ ත්‍රීවීල් කාරයෝ.. හාලි ඇල්ලේ මුස්ලිම් කොල්ලෝ..
ඩෝසර් කාරයෝ..
අපිත් ගොඩාක් වෙලාවට
බස් කොන්දෙක් එක්ක ගමේ කෙල්ලෙක් යාලු වුනොත් ඒ කෙල්ලගේ ආවතේවකරු හෙවත් පියුන්
හෙවත් කොට්ටෝරුවා බවට පත්වෙනවා. ආය කටේ කෙල බිංදුවක් හලන්නෑ. ඒකට ප්‍රති උපකාර
විදියට කොන්දගෙන් අපිට ලැබෙන්නේ නොමිලේ ට්‍රාන්ස්පෝට් සහ පාරේ දැක්කම ලැබෙන
සැලියුට් පාර. අපිත් ඉතිං සැලියුට් කන්න තරම් උසස් පොඩි එවුන් තමයි ඒ දවස්වල. අදාල
කොන්දාගේ කෙල්ලගෙනුත් අපිට එක එක කප්පම් ලැබෙනව ඉතිං. ඔය කෙල්ලෝ බස් ඩැයිවරටත් වඩා
මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියටත් වඩා බදුල්ලේ පැයිවට් බස් ස්ටෑන්එකේ ටයිම්
කීපර්ටත් වඩා හොඳට බස් ධාවන කාලසටහන දන්නවා. බස් එක එන වෙලාවට කොන්දොස්තර ඉන්න
පැත්තෙන් කලගෙඩියකුත් උස්සගෙන උඩහ හේල්ලන්දේ පීල්ලට යනවා වතුර ගේන්ඩ. කොන්දොස්තර
බස් එක යන ගමන් වඳුරෙක් වගේ පොල්ලේ එල්ලිලා කෙල්ල දිහා බලාගෙන විරිත්තගෙන ඔහොම
යනවා. ඉතිං දෙන්නම සෙනික ආස්වාදයක් ලබාගන්නේ එහෙමයි.
පංති යනවනේ.. යන්නේ
බස්සෙකේනේ... ඉතිං කොන්දොස්සරලාගේ ඇල්ම බැල්ම වැටෙනවා. පංති ඇරෙනවනේ.. බස්සෙක
එනකන් බලන් ඉන්නවනේ.. බස් හොල්ටෙක ගාව ත්‍රීවීල් පාක් එකනේ.. ඉතිං ත්‍රීවීල්
අංකල්ලගේ ඇල්ම බැල්මත් වැටෙනවා..මොකුත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ.. ඌ දරුපවුල්
කාරයෙක්ද වැදගත් නෑ .. වයස කීයද වැදගත් නෑ... මඟ දිගට තව ගෑණු ඉන්නවද වැදගත් නෑ ..
“හා”
ඉතිං මොන සාපෙද...
ඉතිං මොන උපෙද ...
යං කිව්ව ගමන් පැනලා
“හා”
ඉතිං ගොඩාක් කෙල්ලො ත්‍රීවීල්
සරණ.. කොන්දොස්සර සරණ යන්නේ ඔහොම තමයි.
හැබැයි ගමේ වසලා හමාර
වෙන්නේ මුස්ලිම් තඩියෙක් එක්ක පැනලා ගියාම තමයි. ඒක තරම් අවනම්බුවක් ආය නෑ.. ආය
කවදාවත් උන්වනම් ගෙවල් වලට වැද්ද නොගත්තත් ඕවගේ සිද්දි මේ ගමේ අවුරුදු ගානක්
කටගැස්මක් වෙනවා.
“හැබිචෝල් කමට හැදිලා
ඇටෙන් පොත්තෙන් එළියට එන්ඩ කලින් ඕකුන්ට මගුල් විසේ... අපේ අම්මා මුත්තා කාලෙවත්
වුනාද ඕවගේ වැඩ..ඉස්සරත් ඔය අපේ ගම්වලට මුස්ලිම් වෙළෙන්දෝ කොච්චර ආවා ගියාද? අපි
ලැජ්ජාවට බයට හැදුනේ... දැන් එවුන් ඒකට .. එක අතකට යසයි මහ එකීගේ කටේ පුරාජේරුව
යන්ඩත්තෙක්ක දුව කොනකපාලයෙක් එක්ක පැනල ගිය එක”
අපේ ආච්චි මුස්ලිම් සරණ ගිය කෙල්ලන්ට දෙස්ස කපන්නේ ඔහොම
තමයි..
දැන් ඉතිං ඔය කියන සුබ නැකත එනවා. ආයෙත්
රතිඤ්ඤා හඬින් මුළු ගම්මානෙම ගිගුම් දෙනවා. අපිත් මෙච්චර දවස් විටින් විට හොරෙන්
ඇඟලාමින් හැඩ බලපු අළුත් ඇඳුම් දඩි බිඩි ගාලා ඇඳගෙන ගිහින් අම්මට වඳිනවා. අම්මා
කිරිබතුයි කෙහෙල් ගෙඩියකුයි පොඩිකරපු ගුලියක් අපේ කටේ ඔබලා බුලත් කොලේක ඔතපු
රුපියල් පහක් දෙනවා.
රුපියල් පහෙන් මක් කොරන්නද? කමන්නෑ .. අම්මා
අතේ සල්ලිත් නැතුන් ඇතිනේ.
දැන් ඉතිං ඊගාවට ආච්චි. ආච්චි ඉස්සරහ බිම
වැතිරිලා වඳින්නේ ආය.
ආච්චි ගොඩාක් වෙලා මගේ ඔළුව බදාගෙන මොනාදෝ
කියවන් කියවන් යනවා. පස්සේ බුලත් කොලේක ඔතපු රුපියල් විස්සක් දෙනවා.
යකෝ රුපියල් විස්සද? ඕකෙන් මක් කරන්නද? ආය
ආච්චිගේ තඩි ඇහිඳින්නෙත් නෑ .. පුවක් පැහිලද බලන්නෙත් නෑ .. දන්සිරි අයියට කියවලා
කඩවනවා පුවක් ටික හොරෙන්... රෙද්ද..
ඊට පස්සේ තමයි මගේ වැදගත්ම අති උත්තම
දන්සිරි අයියා ගාවට ගිහිං දෝත් මුදුන් දී වැඳ වැටෙන්නේ. දන්සිරි අයියා බුලත් කොලේක
ඔතලා රුපියල් එකසිය පනහක් දෙනවා..
අහා .....මගේ හිත් පොඩ්ඩ ප්‍රීතියෙන් ඔද
වැඩෙනවා.. ඇඟ ඇතුලේ රතිඥ්ඥා පත්තු වෙන්ඩ ගන්නවා .. මම වෙනම ලෝකෙකට ඇදි ඇදී යනවා
වගේ හැඟීමක් ඇති වෙනවා. මම ස්තීරවම දන්සිරි අයියගේ කොට්ටෝරුවා බවට පත්වෙනවා.
පොලීසි සීයක නෙවෙයි දෙසීයක ගියත් කමන්නෑ.. සොහොන් කන්දේ කසිප්පු කෙරුවාවට එකෙන්ම
බකප්පෙක දෙනවා.
“උඹ මට ගොඩක් උදව් කරානේ ඕකෙන් මොනා හරි
ගනින්”
දැන් සෙනිකව මා එක් කරගත් වත්කම රුපියල්
එකසිය හැත්ත පහක්.
දැන් ඔන්න ගමේ එකා දෙන්නා එනවා සුදු
රෙද්දකින් වහගත්තු කැවිලි පාර්සල් එහෙම උස්සන්. ඕකට කියන්නේ නෑයින් බලන්න යනවා
කියලා. ගල්ලත්තේ ආච්චියි බංඩෙසීයලා ආච්චියි පඩිපෙල බැහැගෙන එනවා .. රබං ගහන්ඩ.
උඩාරුමානෙන් ගෙනාපු රබාන මිදුලේ මැද ලිපක්
හදලා ඒකට පොල්කටු අඟුරු දාලා ඒක උඩින් රබාන තියලා තියනවා රත්වෙන්න.
දැන් ගෙදෙට්ට එන එන හැම කෙනාටම වඳින්න ඕනි.
කොන්ද කැඩෙනකන්. වැන්දම සල්ලි දෙන එකක්යැ. ඔය කීයක්හරි දෙන්නේ අපි එහෙට්ට නෑයින්
බලන්න ගියාම තමයි. සල්ලි දෙනවනම් වැඳවැටිලා හරි ඉන්ඩ බැරියැයි.
දන්සිරි අයියා කොල්ලෝ රංචුවත් එක්කරගෙන
තිලකේ මාමලාගේ පැල දිහාට රූටනවා. ඇයි එතනනේ වෙලේ බාර්රෙක.
“උඩපල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩපල ගත්තත් බිම පලගත්තත්
පුංචි පුංචි ගෙඩි වට්ටක්කා..
උඩින් උඩින් වර පෙත්තපුපු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්ඩ වර පෙත්තප්පු”
අපේ ආච්චියි බංඩෙ සීයලා ආච්චියි ගල්ලත්තේ
ආච්චියි උදලුවත්තේ ආච්චියි රබන් ගහන්නේ එහෙමයි. අතින් විතරක්නම් මැදැයි.
වැලමිටෙමුත් ගහනවා.
රබන්හඬ මැද්දේ ගෙදෙට්ට ආපු කට්ටිය සතුටු
සාමිචි කතාබහේ ගිලෙනවා.
“නංගි අද රෑ කෑමට අපේ ගෙදර වරෙන්”
“අනේ අක්කේ අදනන් බෑ. අද රෑ ලන්ච්චෙකට
පැල්ලැහැ පුතාලගේ ගෙදෙට්ට එන්ඩ කිව්වා”
“ආ එහෙමද”
ඔව්වගේ භාෂා වලේ දැමීමුත් සිද්ද වෙනවා.. R.I.P
. English ...හැක්..
අපි ඉතිං ඔය ගමේ සම වයස් කෙල්ලෝ කොල්ලෝ එකතු
කරගන්නවා. වෙන මොකටද ඉතිං ... සූදුවට ... පංචා කෙලිල්ලට.. පංචා කෙලිල්ල වත්මන්
පරම්පරාවෙන් ගිලිහී ගොස් ඇති නිසා කෙටියෙන් ග්‍රන්ථාරූඪ කිරීමට සිතමි.
පංචා කූට්ටමේ බෙල්ලෝ හය දෙනෙක් ඉන්නවා. ඔය
හය දෙනා අතට අරන් සල්ලි දානවා. දෙන්නෙක් අතර තමයි ඔය ගනුදෙනුව කෙරෙන්නේ. ඕකට
කියන්නේ තැන්තුව කියලා. උදාහරණයක් විදියට මායි උක්කුවයි රුපියල් දෙක බැගින් බිමින්
තියනවා. දැන් පංචා කෙළිය සිද්ද වෙන්නේ මායි උක්කුවයි අතර. ඒ අතරේ වටේ ඉන්න එවුන්
ඔට්ටු අල්ලනවා. මේ දෙක චූටියා දිනුම්. මේ දෙක ඔත්තේ. මේ දෙක රෙට්ටේ ආදී වශයෙන්.
ඒත් ඔය වටේ ඉන්න ජෝඩු අතර තමයි ගණුදෙනුව සිද්ද වෙන්නේ. මටත් ඕන්නම් ඔට්ටුවක්
අල්ලන්න පුලුවන් මම දිනුම් කියලා. ඉතිං ඔය ඔට්ටු දැමිල්ලත් සිද්ද වෙනකන් අපි පංචා
නොගහ බලාගෙන ඉන්න ඕනි.
හරි දැන් ඔට්ටු දාලා ඉවර වුනාම ගහන්න
පටන්ගන්නවා. ගහනවා කියන්නේ පංචි කූට්ටම එක අතින් හරි අත් දෙකෙන්ම හරි අල්ලලා හොඳට
හොල්ලලා හොල්ලලා බිමට දානවා. ඉතිං පංචි බෙල්ලෝ ඔක්කොම ඔලුවෙන් හිටගත්තත් මුනින්
අතට හිටගත්තත් චූටියට ඉතිං පරාජය තමයි. ඕකට කියන්නේ බොක්කේ කියලා. බෙල්ලෝ පහක්
ඔලුවෙන් හිටගෙන එක බෙල්ලෙක් මුනින් අතට හිටගත්තොත් චූටියා දිනුම්. ඕකෙම අනිත්
පැත්ත වුනත් චූටියා දිනුම්. ඒවා දිනුම් ඔත්තේ.ඔය එකක්කත් වුනේ නැත්තං කුට්ටම
උක්කුවා අතට යනවා. ඔත්තේ කියන්නේ ඔත්තේ සංඛ්‍යාත්මකව බෙල්ලන් හිටගැනීම. රෙට්ටේ
කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාත්මකව බෙල්ලන් හිටගැනීම. ඉතිං ඔය ඔට්ටු අල්ලපු එවුන් චරාස්
ගාලා සල්ලි ඇදලා ගන්නවා. දිනනවා පරදිනවා. සූදුවේ හැටි ඔහොමයි. ඕක අවුරුද්දත් ඉවර
වෙලා දවස් පහක් හයක් ඇදිලා යනවා. සමහර වෙලාවට හොරට ගැහුවා කියලා කෙහෙවලු පටලවා
ගැනීම් හොම්බ රිවට් කිරීම් වාර්තා වෙනවා.
යකෝ මගේ අතේ තිබ්බ එකසිය හැත්තෑවෙන් අනූවකටම
කෙලවෙලා කියහන්කෝ. ආය පංචි ගහන්නෑ . රෙද්ද ....
දැන් ඉතිං ඔය පිනෑන්ස්සෙකෙන් ත්‍රීවීල්
බේරගත්තු ඈයෝ මහ සද්දෙන් එවුවයේ බෆල් දාගෙන පාරේ උඩහ පහල යනවා.
“ජිම්..ජිජිම්..ඩිම්..ඩුඩුන්..බංග්...බංග්..බැංග්..බැංග්...
ජිම්..ජිජිම්..ඩිම්..ඩුඩුන්”
දැන් ඉතිං බේබදු නඩේ සෙට් එකට හොඳටම
වැඩිවෙලා පාරේ උඩහ පහල යනවා සිංදු කිය කිය. ආය නවතිනවා. ආය බොනවා. ආය සිංදු
කියනවා. ආය නටනවා. ආය බොනවා.
“යකෝ ඇති මුංගේ පපු කැවුතු ඉතුරුවෙලා
තියෙනවා.”
පංචි කෙලිල්ල ඉවර වෙලා පැල්ලැහැ කෝපි ගහේ
බැඳලා තියෙන ඔන්චිල්ලාවට යනවා.
“ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ඩ බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ”
“යකෝ හිමීට තල්ලු දාපිය වැටුනොත් මගේ අතපය
කැඩෙයි”
දවල් ලංච්චෙකට අම්මා කතා කරනවා. ඉතිං අපි
දුව්වලා දුව්වලා දුව්වලා යනවා. දූවිලි පෙරාගෙන.
“පලයව් ඇලට ගිහිං අතපය හෝදන් වරෙල්ලා.
බලපව්කෝ නාවර පෙරාගෙන.”
ඉතිං අපි ඇලට ගිහින් ඔහේ උඩින් පල්ලෙන් වතුර
ටිකක් ගාගෙන එනවා. අම්මව රවට්ටන්න.
වෙනදට අම්මා කිරලා බෙදලා දෙන බත් එක වංගෙඩිය
උඩ හරි හිරමනේ උඩ හරි බංකුවක් උඩ හරි ඉඳගෙන කන අපි අද ප්‍රොපෙසනල් විදියට මේසේ
බෙදාගෙන කන්න ලැහැත්තිය. ඕකට තමයි අවුරුද්ද කියන්නේ.
කන්ඩ ඉස්සෙල්ලා තිලකේ මාමලගේ පැල පැත්තේ
රවුමක් ගහලා එන්ඩ තිබ්බනම්... මුද්‍රික පානය... එක්කෝ රෑ වෙලා මොනා හරි කරනවා. රෑ
වෙද්දි ඉතුරු වෙයිද? බේබදු නඩේ බොන බීමට.
දැන් ඉතිං කාලෙකින් ගංකුකුල් මස්... කැප්ටන්
ටින් මාලු..අච්චාරු.. පපඩම්.. අල තෙල් දාලා.. පපඩං බැදලා... පරිප්පු.. මංනන්
පරිප්පු කන්නෑ..
අපිට අසීමිතව බෙදාගෙන බඩ පැලෙන්න කන්න
පුලුවන්..
“කෝ මේ දන්සිරියා”
ආච්චි ඉතිං කන්නේ දන්සිරි අයියා ආවම. ඒ
කියන්නේ ආච්චිට අද ලංච්චෙක නෑ.. ඩිනර්රෙක තමයි.
“අම්මා කන්ඩ. ඔවුන් බීගෙන ගිහිල්ලා බීලා
දැන් කොහේ හරි වැටිලා බුදි ඇති.”
“මම ඕකට කියව්වා කොහේ ගියත් දවල්ට කන්ඩ
වරෙන් කියලා. දැන් එනවා ඇති.”
“බලන් ඉන්ඩ එයි රෑට”
දැන් තව කට්ටියක් ඉන්නවා කාඩ් පැක්කෙක් අරං
අප්පුහාමි මාමලගේ ගෙදෙට්ට සේන්දු වෙන. ඒ කට්ටිය මධ්‍යම ප්‍රතිපදා කාරයෝ. බොනවා
තමයි. ගානකට. බූරුවා ගහන්ඩ සිහියක් පතක් තියෙන්ඩත් එපැයි.
බූරුවා ගැහිල්ල ගැන මරණ ගෙදරදි ග්‍රන්ථාරූඪ
කර ඇති බැවින් වැඩිමනක් සටහන් නොකරමි. අප්පුහාමි මාමලගේ ගෙදර බූරු කෙලියද බේබදු
නඩේ අරක්කු කෙලිය මෙන් බිං කරුවල වැටෙන තෙක් ඇදි ඇදී ඇදි ඇදී යයි.
දැන් නෑයින් බලන්න යාම හෙවත් නෑයින්ගෙන්
කීයක් හරි කඩාගෙන ඒමට අම්මා පසු පස යාම සඳහා අපි අපි අතර සටනක් ආරම්බ වෙයි.
“මමයි යන්නේ කන්දෙගෙදර අයියලා ගෙදර”
“මමත් යනවා”
“දැන් එකෙක්කත් එක්කන් යන්නෑ. ඔක්කොම
හිටපියව් ගෙදර”
අපි එකිනෙකා අතර සටන් විරාම ගිවිසුමක්
අත්සන් කරනවා. ඒ අනුව එක එක නෑ ගෙවල් වල යාම එක එක අතර බෙදාහදා ගන්නවා. වැඩියෙන්
ගණු දෙනු ලැබෙන ගෙයක් සහ සෙසු ගෙවල් වශයෙන් බෙදාගන්නවා. දැන් අම්මා පස්සේ එක එකා
නෑයින් බලන්ඩ යනවා.
ආය වැරදිලාවත් ඔය එක ගෙදරකින් හරි අපි එක්ක
ගණුදෙනු නොකරොත් ඉතිං ආපහු ගෙදෙට්ට එනකං හිතිං කුණුහර්පෙන් බැන බැන තමයි එන්නේ.
දැන් ඔය කොලඹ පැත්තේ පැට්ටේරි වල වගේ
ඩැයිවිං කරන එවුන් අවුරුද්දට ගමේ එන්නේ ඒ ඒ අදාල ආයතන වල වාහන ඉල්ලගෙන. ගමට
ඇවිල්ලා ඉතිං තමන්ගේ වාහනේ වගේ රඟපාන්නේ. උඩහට යනවා. පහලට යනවා. හොන් ගහනවා.
හරවනවා. ලයිට් ගහනවා.
ඔය දැන් හාලි ඇල්ලට යන්න කවුරු හරි පාරේ
හිටියොත් උඩහට යන ගමන් කාර්රෙක නවත්තනවා.
“නැගපං”
“බෑ හාලි ඇල්ලට යන්නේ බැංකුවට”
“නැගපං..නැගපං”
“බෑ බං පැල්ලැහැට යන්නේ”
පස්සේ බැහැලා නැගපං නැගපං කියලා කාර්රෙකට
ඔබාගෙන උඩහ පාලමට ගිහිං අරූට රට බීම බොන්ඩ දීලා උගේ පට්ටන්තරේ දිග ඇරලා කාර්රෙකේ
තියෙන එව්වා මෙව්වා ගැන කියා දීලා ගෙනැල්ලා දානවා. දැන් මූ හිතන්නේ තමන්ගේ කාර් එක
ගැන අරූ බඩු පිට පාරම්බායි කියලා. දැන් ඉතිං පැට්‍රෝල් ටික ඉවර වෙනකං උඩහට පහලට
යනවා.
දැන් ඉතිං බිං කලුවර වැටෙනවා. මම හිමීට
හිමීට අලුත් අවුරුද්දේ අන්තිම හරිය සමරන්න තිලකේ මාමලාගේ පැල දිහාවට සේන්දු වෙනවා.
යනවා පැල ඇතුලට. අත දානවා යූරියා බෑක්කෙකට. පුෂ්ඨිමත්ව තිබ්බ යූරියා බෑක්එක කෘශ
වෙලා. බෝතල් දහය පහලවක් තිබ්බ යූරියා බෑක් එකටම බෝතල් දෙක තුනක් ඉතුරු වෙලා.
“යකෝ මුන් බිව්වද නෑවද?”
මට එවුවයෙන් වැඩක් නෑ. වරෙන් මගේ කොටහ.
“ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්..
ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්..
ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්..
ග්ලබ්...ග්ලබ්.. ග්ලබ්...ග්ලබ්..”
බාගයක් අමුවෙන්. කුඹුරේ බඩවැටියේ තියෙන
මිරිස් ගහෙන් අමු මිරිස් කරලක් කටේ ඔබාගෙන මම ගෙදෙට්ට යන්නේ මත්වතුර මගේ ඇඟේ ක්‍රියාත්මක
වෙන්ඩ ඉස්සෙල්ලා..
ගිහින් ඇඳේ ඇල වෙනවා. හිටගෙන හිටියොත් ඉතිං
අතේ මාට්ටුනේ.. ටික වෙලාවකින් ඇඳ මාවත් අරගෙන මල් මල් ගමනක් යනවා.. අහා සර්ව
සුබවාදී සිතිවිලි මගේ හිතේ ජනිත වෙනවා. මාව ගත්ත ඇඳ දන්සිරි අයියගේ කිතුල උඩිමුත්
යනවා.
“යකෝ ඇලවෙන්ඩ එපා වැටෙයි...”
ඇඳ කෙලින් යන්නේ නෑ දැන්.. මට බයයි.. මම ඇස්
තදේට පියාගන්නවා. ඇස්වලින් කඳුලු පනින සැරක් එනවා.. අමාරුවෙන් ආය ඇස් පියාගන්නවා.
“චූටියා නැගිටපං එලි වෙලා.. කට හෝදගෙන තේ
බීපං තේ එක නිමෙනවා.”
“යකෝ එලි වෙලාද?”
තාම ආමිකාරයන්ගේ ගෙවල් වල බෆල් සද්දේ ගම
දෙවනත් කරනවා. උදේට බොදු බැති ගී.. දවල්ට ප්‍රින්ස්ගේ අසංක ප්‍රියමන්තගේ සිංදු ..
හවසට බයිලා රෑ එළි වෙනකල්. එකම වට්ටෝරුව තමයි දවස් ගානක්.
දැන් ඉතිං ඊයේ දවසම බීලා බීලා මූණු
බෙරිකරගත්ත ඇස් රතු කරගත්ත බේබදු සෙට් එකේ එකා දෙන්නා විවිධ තැන් වලින් මතුවෙලා
එකට එකතු වෙලා ඊයේ බීපු හැටි සහ ඒ ආශ්‍රිත සිද්ධි ගැන සමාලෝචනයක් කරනවා.
“මන්තිරියගේ මැල්පෝට්ටෙකයි දන්සිරියගේ බඩුයි
කලවම් වුනානේ. ඒ අස්සේ සුමනයා මැන්ඩිස්සෙක්කුත් ගෙනාවනේ. උතුර දකුණ නෑ ආය. කෑවෙත්
නැද්ද කොහෙද? ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ.තැඹිලි ගෙඩියක්කත් නෑනේ..”
“දන්සිරියා ගාව ඉතුරු ඇති තව පහක් හයක්..
යංද?”
ඔන්න ඉතිං අදත් පටන්ගන්නවා. ඕක ඉතිං දවස්
හතරක් පහක් සාක්කුවේ අන්තිම තඹ සතේට හිඳෙනකන් ඇදි ඇදී යනවා. පවුල් සංස්ථාවක්
දරුවෙක් මල්ලෙක් පේන්නෑ.. බොනවා..බුදියනවා...බොනවා.. බුදියනවා...
ගෑණු වෙන මිනිස්සු එක්ක බුදියන එක අහන්ඩත්
දෙයක්ද?
ඔන්න ඉතිං දවස් පහ හයකින් පස්සේ ලෙල්ලටම
හිඳිච්ච එවුනට දැන් තමයි තම තමන්ගේ රස්සා මතක් වෙන්නේ. අනුන්ගේ කාර් අරං ඇවිත් ගමේ
රඟපපා හිටපු උදවිය කලින්ම මාරු වෙලා යනවා.
හමුදාවල ඉන්න එවුමුත් තමන්ගේ නිවාඩුව ඉවර බව
දැනගෙන තමන්ගේ පසුම්බි පරීක්ෂා කරනවා.
“යකෝ සතයක්කත් නෑනේ”
වෙරිත් හිඳිලා... පසුම්බියත් හිඳිලා..
“අම්මේ.. අම්මේ.. හෙට වැඩට යන්ඩ ඕනි.. සතයක්කත්
නෑ..නැද්ද පොලියටවත් කීයක්කත් හොයාගන්ඩ තැනක්”
“සතයක් ඉතුරු වෙයි ඇයි බීපු බීමට.. මම
කොච්චරවත් කියලා තියෙනවා ආවම ගමේ එවුන් එක්ක රස්තියාදුවේ යන්න එපා ගෙදෙට්ට වෙලා
හිටපං කියලා. දැන් ඔය බීපු එකෙක්ගෙන්වත් කීයක්කත් ඉල්ලපංකෝ වැඩට යන්න තියෙනවා
කියලා දෙයිද බලන්ඩ.. කාගෙන්වත් පොලියට ගන්ඩ ඕන්නෑ .. මේන් උඹ අවුරුද්දට දීපු හයසීය
තියෙනවා. අරං වැඩට පලයං”
හමුදාවේ ඔක්කොමත් වැඩට යනවා.ආපු ආපු
ඔක්කොමත් වැඩට යනවා. කැසට් බැසට් එක පාරම නවතිනවා. මහා නිහැඬියාවක් ගමේ රජ කරනවා.
“ආය අවුරුද්දක් බලන් ඉන්ඩ එපැයි.”
අපි ඊගාව අවුරුද්ද එනකන් ඇඟිලි ගනිනවා.
Ado mama ekada, sinhala kotanda ba ban, jayaveva..
ReplyDeleteතැන්කිව්
Deleteහැක්
ReplyDeleteමරු කතා ටික.
ReplyDelete"කොනකපාලයෙක් එක්ක පැනල ගිය එක" මේ නම් ඇහුවමයි. හා හා
තුන්කාලයා කියලත් කියනවා
Deleteඉස් සර අපේ බැච් එකේ හිටිය අක්කරෙයිපත්තු වලින් ආපු අයට කාඩ් දාල තිබුණේ .. කොනකපාල 1, කොනකපාල 2 ආදී වශයෙන්
Deleteඅපොයි
Deleteමම දවල් ලන්ච් එක ගන්න ගමන් මේක බැලුවේ ....
ReplyDeletehek
Deleteතම්බියෙක් බැඳලා ඒකා ලව්වා ගෙවල් දොරවල් හදෝගෙන පස්සෙ කාලෙක ඒකාව අතෑරලා ගමේ පොදු කාන්තාවක් බවට පත්වුණු කෙනෙක් නම් මමත් දන්නවා.
ReplyDeleteඇත්තටම කියතොත් උඹ මේක ලීවෙත් අකුරු වෙන්වෙලා පේන ගානට හැනපියර් වඩියක් ගිලදාල නේද?
ටයිගර් බියර්රෙකක් ගැහුවා හැක්
Deleteඑහෙනං එහෙමයි බෝතල් අවුරුද්ද ගෙවුනෙ.
ReplyDeleteඅන්තිමට නටපු පලුවකුත් නෑ බෙරේ නැටුමකුත් නෑ වගේ තමයි නෙහ්.
ඔව් වොව් හැක්
Deleteසුරංචියගෙ තොරණ අපිට බලන්න වෙන්නෙ මෛත්‍රී බෝධිසත්වයෝ උපදින කාලෙට, එතකං කිසි කම්මැලිකමක් නැතිව කියවන්න පුළුවං බොගක් හම්බ උනා :-)
ReplyDeleteඑතකොට ඒකත් ඉවරයි
ReplyDelete