බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, May 13, 2018

පෙරහැර 01

කතා ලියලා පබ්ලික් කරලා උඩ වහල දිහා බලන් ඉන්නකොට තමයි මේ කතාවට මේකත් දාන්ඩ තිබ්බනේ යකෝ අරක අතනට ඔබන්ඩ අමතක වුනානේ වගේ දේවල් හිතෙන්නේ..
" ඒ මගුල් ගෙදර වගේ මගුල් ගෙයක් මගේ ජීවිතේට දැක්කෙ නෑ බං.. කෑම බුකේ දාලා තිබුනේ"
"බුකේ?"
"ඔව් බුකේ. "
"බුකේ නෙවෙයි නැන්දේ බුපේ.."
"හරි හරි බං කෝකත් එකයිනේ"
###################################################
"නංගී ඔයා ෆේස්බුක් ඉන්නවද?"
"නෑ අයියේ... ලඟදි ෆේස්බුක් එකක් ගන්ඩ තමයි ඉන්නේ."
####################################################
දවසක් කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා ඒකිගේ පෝන්නෙකේ බැට්ටි බැහැලා කියලා මේන් මෙහෙම...

"Mage pake bat bahala"

####################################################
මේ කතා කියවපු අපේ ගමේ එකෙක් ඇහුවා "උඹට අපේ ගම ගැන ලියන්න එක හොඳක්කත් නැද්ද?" කියලා.
තියෙනවා. මෙහෙ (ගම්පහ) මිනිස්සු පාරේ 🐕 බල්ලෙක්
වාහනෙකට යට කරන් ගියොත් නගර සබාවෙන් එනකන් ඉන්නවා. ඉතිං නගර සබාවෙන් ආවේ නැත්තං අර බල්ලා ඉදිමිලා..පුපුරලා.. ඕජස් ගලලා මුලු පලාතම ගඳ ගහනවා. ඊට පස්සෙ මිනිස්සු නහයවල් වහගෙන දුක් විඳිනවා. භේදයක් නැතුං උදැල්ලක් අරං අර බල්ලව වලේ දැම්මනම්ඉවරනේ.. ඒකට අපේ ගමේ එවුන්.. වාහනේ වැදිලා ඌෂ්ණෙ යන්ඩත් කලින් ඕනි එකෙක් සුවෙච්චාවෙන් ඇවිත් දඩ බඩ ගාලා වලේ දානවා.. ඒ එක හොඳක්..
අනික මල ගෙයක් උනොත්... වලියක් ගියොත් මුලු ගමම මීමැසි පොදියක් වගේ එකතු වෙනවා.. ඒ සාමූහිකත්වය වෙන කොහේවත් මම දැකලා නෑ.. ඒ අනික්හොඳේ..
අනික මේ ගමේ එක පිරිමියෙක්කත් අරක්කු පොදක් රා බිඳක්
අඩු ගානේ සුරුට්ටුවක් නොබී පස් පවින් වැලකී දැහැමින් කාලය ගත කරනවා. ගෑණු තම පතිවුර්තාවය රකිමින් දහම් ශ්‍රවණය කරමින් නවගුණ වැල ගණිමින් බොහෝ ධර්මානුකූලව ජීවත් වෙනවා...

"අනේ පලයන් බං යන්න.. අපි නොදන්න මොණරතැන්න.. කට කැපුවත් බොරු ලියන්නැති කෙලින් මිනිහෙක් මේ චූටියා...පාංශුකූලෙදි මැරුණු එකාගේ නැති හොඳත් කියන හාන්දුරුවෝ වෙන්නද උඹ මට කියන්නේ?"
ගමේ පිරිමින්ගේ වග හාලිඇල්ල ප්‍රියන්තයාගේ බාර් එකට ගොස් විමසීමෙන්ද... ගමේ ගෑණුන්ගේ වග උඩුවර ගෙස්ට් එකේ පොත චෙක් කිරීමෙන්ද වටහාගත හැක.
---------------------------------------------------------------------------------

"ඈයූබෝවන්.. මේ ඔබ අමතන්නේ.................... විහාරස්ථානයේ ප්‍රචාරක අංශයයි. .................. විහාරස්ථානය මගින් දහවෙනි වරටත් පවත්වන පොසොන් මහා පෙරහැර මෙවරත් 28 වෙනි පොසොන් පොහොය දින වීථි සංචාරය කෙරේ. ඊට සමගාමීව 24/25/26/27 දිනවල රාත්‍රී සල්පිලක්ද සල්පිල අවසානයේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රදර්ශනය කරන චිත්‍රපට සංදර්ශනයක්ද පැවැත්වේ. ඔබේ නිවසට දැන් පැමිණෙන අප දායක මණ්ඩලයට ඔබේ නොමසුරු ආධාරය කරන්න.. ඉස්දූදියි.. තෙරුවන් සරණයි.."
පෙරහැර එන බව අපිට කනින් කොනින් ආරංචි වී තිබුණද එය නිල වශයෙන් කියන්නේ ඔය යකඩ කටින් එහෙම නැත්තං ලව්ස්පීකරෙන්‍ ය. (සල්පිල ගැන මීට පෙර වෙනම බොගග් පලකර ඇති බැවින් සල්පිල අතහැර පෙරහර අලලා ලිවීමට සිතමි. සල්පිල මෙතැනින්.. )
දැන් ඉතිං ලොකු හාන්දුරුවන්ගේ අනුසාසකත්තෙන් ගමේ මිනිස්සුන්ගේ සහ දහම් පාසල් සිසුන් වන අපේ
දායකත්වෙන් වත්තේ සෙම්බු මුදලාලිගෙන් සහන මිලට හම්බෙන 🚚 ලොරියේ ඉස්පීකරයක් බැඳගෙන සාමනේර හාංදුරු කෙනෙකුත් පටෝගෙන ගම්නියම් ගම් වල ධර්ම චාරිකාවේ... ආ වැරදුනා ගම් නියම් ගම්වල පෙරහැරට ආධාර එකතු කරන්න මුදල් පිණ්ඩපාතේ චාරිකා කොරනවා.

ඔය ලොකු ෂාදුත්තෙක්ක ඒ දවස්වල ඉඳං මගේ ලොකු ඇරියස්සෙකක් තියෙනවා.
අපේ දහම් පාසල තියෙන්නේ ධර්ම ශාලාවේ. ධර්මශාලාව සිංහල උලු හෙවිල්ලපු අර අටපට්ටමක් වගේ වහලක් තියෙන පරණ බිල්ඩිමක්. ඔය බිල්ඩිමේ දිග මේස සහ බංකු දාලා තමයි දහම් පාසල පවත්තගෙන ගියේ. ගුරුවරුන්ට ගොඩක් හිටියේ සාමනේර හාංදුරුවො. පාඩං කියල දෙද්දි සාමනේර හාංදුරුවො දිහා කෙල්ලො බලනවා. පොත් ඇස්සෙන්.. සාමනේර හාන්දුරුවොත් අරින්නෑ ආය..
එක ලස්සන කෙල්ලෙග්ගේ ඇස් හැම වෙලේම සාමනේර හාන්දුරුවන්ගේ ඇස්වල ගැටෙනවා. හාන්දුරුවන්ගේ ඇසුත් අර කෙල්ලගේ ඇස් වල ගැටෙනවා. සිල් බිඳෙනවා. කෙල්ලන්ටත් යකෝ මේ අපි මෙච්චර ඉන්නවා වේලි වේලී.. අපි දිහා බලපව්කෝ... රෙද්ද...
දැන් ඉතිං කෙල්ලොත් එකාට එකා ඉරිසියයිනේ ආය... උන්
තමයි අර සාමනේර හාන්දුරුවෝ 🐓 කුකුළය.. අරයත්තෙක්ක මොකක් හරි තියනවය.. මාව ගණන් ගන්නේ නැතිය කියලා පද.. ගම වටේ ටිකින් ටික ජනගත කරන්නේ.
ඉතිං දවසක් සාමනේර හාංදුරු කෙනෙක් උගන්න උගන්න ඉද්දි
දයානන්දයට නැගිටලා පාඩම කියවන්ඩ කිව්වා. දයානන්දයා හිටියෙ මට එහායින්. මැටි ගොඩ. ඉස්කෝලෙදි ඌ ඔක්කම කොප්පෙ ගහන්නේ මගෙං. ඕකා දැන් පාඩම කියෝලා ඉඳගන්න නිසා මගේ පෑන ඌ ඉඳගන්න නියමිත තැන කෙලින් හිටෝගෙන මේන් මෙහෙම වැරෙන් අල්ලගෙන ඉන්නවා. ඕකා ඉඳගත්තම පුක පසාරු කරගෙන යන්න. ඕකා ඉස්කෝලෙදි පුටුව ඇදලා මාව බිම වට්ටපු එකට රිටන්නෙක. අරූ ගොත ගහලා ගහලා පාඩම කියෝලා ඉඳ ගනිපි. ඉඳගත්තු ස්පීඩ්ඩෙකට පෑන දයානන්දයගෙ පුක පසාර් කරගෙන දෙකට කැඩිලා කූර ඈතට විසි වෙලා ගියා.

"අයියෝඕඕඕඕ"
කොහේ සේප් කරගන්ඩද අරූ මහ හයියෙන් විලාප තියපි. දයානන්දයගෙ පස්සෙන් ලේ ගලපි. වැඩේ කිරිමිනල්..
"මොකෝ ඔය?"

"ෂාදු මූ පෑන තිබ්බා"

දයානන්දයාව ප්‍රතමාධාර සඳහා උපුලා එක්ක පිටත් කල අතර
පොඩි හාන්දුරුවෝ මාවත් එක්කං ආවාස ගේ පැත්තට යනවා. මරන්ඩ ගෙනියන හරකෙක් වගේ බයේ ගැහි ගැහී තමයි මං ආවාස ගෙට ගියේ.
වරදකරුලොකු හාන්දුරුවන් ඉදිරියට පමුණනවා.

"ඔය ආවේ..මට ආරංචි වුනා වැඩේ"
ඒ දවස්වල සී.සී.ටී.වී කැමරාත් නොතිබ්බ යුගේ මෙච්චර
ඉප්පන්ට ආරංචි වුනාද?
ලොකු හාංදුරුවො ගිහිං පත වේවැලක් අරං ආවා.
"අල්ලනවා අත.."
"චටාස්...පටාස්..චටාස්..පටාස්..
චටාස්..පටාස්"
"අල්ලනවා අනිත් අත"
"චටාස්...පටාස්..චටාස්..පටාස්..
චටාස්..පටාස්"
"දැන් යනවා පංතියට.."

අත් දෙක ගැලවිලා බිම වැටෙන්ඩ වගේ.. ඒ අස්සේ එන ගමන් පිට හරහාත් එකක් දුන්නා. මම ඉකිගගහා ගෙදර ගියා. ආය මොන දහම්
පාසල්ද?

ඒ කාලේ මානව හිමිකම් තිබ්බනම් යනවා එකෙම්ම.
"හිටපංකො ගණයට හොඳ වැඩක් කරන්නම්. එදා  ......... අක්කත්තෙක්ක මුකුලු කර කර හිටිය එක මුලු ගමේම පතුරනවා.."

ඕක තමයි ලොකු ෂාදුත්තෙක්ක මට තිබිච්ච ඇරියස්සෙක.


(දෙවෙනි කොටහින් හම්බෙමු)

23 comments:

  1. //මෙහෙ (ගම්පහ) මිනිස්සු පාරේ 🐕 බල්ලෙක්//

    ගම්පහ කොහෙද බොළ ?

    ReplyDelete
    Replies
    1. ටවුමේ තමා.... සම්පකාර හොස්පිටැල් එක පස්සේ

      Delete
  2. ඔය ගමේ ගෑණුන්ගේ වැඩේම එක එකා එක්ක පඳුරු තලන එකයි ගෙස්ට් ගානේ ඇවිදින එකමද? උඹලාගේ අම්මලා අක්කලා අාච්චිලා. නැන්දලා , කුඩම්මලා, ලොකු අම්මලාත් ඒ විදිහද? නැත්න්ම ඒ අය හැර අනෙක් ගෑණු විතරද?

    ReplyDelete
  3. මම හිතුවා කවුරුහරි ඔය පුස්නේ අහයි කියලා. මම ගමේ නැත. අවාරෙට එහෙම් මෙහෙන් අවසෝසනය කරගන්නා එවුවය.අනික ඕවගේ විජ්ජුම්බර ලිවීමෙන් කතාවට ලකයක් ගෙන ආ හැකිය.

    ReplyDelete
    Replies
    1. ඇත්තද එහෙනම් DNA චෙක් කර ගන්න.

      Delete
    2. මෙව්වා කතාය... අතිෂෝක්තියය.. ගණන් ගත යුතු නැත...

      Delete
  4. මදි මදි දිගමදි

    ReplyDelete
    Replies
    1. වෙලා මදි උනා.. ඕක පෝස්ට් කොරලා මම හැටන් ආවා

      Delete
  5. බොලා මේකෙ අකුරු ලොකු කළේ ලියල තියෙන්නෙ ගොඩක් කියල පෙන්නන්නද. අපිව රවට්ටන්න බෑ ගොයියො. හැක්..

    ReplyDelete
    Replies
    1. මොකද්ද ටෙක්නිකල් ප්‍රොබ්ලම්මෙක්කින් අකුරු ලොකු වුනේ. මක් කොරලවත් හදන්ඩ බෑ..

      Delete
  6. සල්පිලට මෙතනිං යන්න බෑ. පාර වහල.

    අරූගෙ පුකට මොකද උනේ කියල හොයල බැලුවෙ නැද්ද ඊට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක පේස්ට් වුනෙත් නෑ බං... ලොකු හාන්දුරුවො බොග ගල් කොරලද කවුද්දා

      Delete
  7. ඔබා මාමගේ ලිවිල්ල වගෙයි. පට්ටයි රහයි.
    http://observer-nireekshaka-observer.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ලින්ක්කෙක එබෙන්නෑනේ...

      Delete
    2. ඒක ඔබන්න බෑ. හයිලයිට් කරල රයිට් ක්ලික් කරහං.

      Delete
    3. ඔබන ලිංක් දාන්න මතක නෑ බං

      Delete
  8. ඈ බං පටන් ගන්න හැඳින්වීම කියද්දීම ඉවරවෙලානෙ. වෙනද වගේ ටිකක් හරිහෙ ලියපංකො.

    ReplyDelete
  9. මම නම් ජීවිතේට දහම් පාසලකට ගිහින් නෑ .හැබැයි සිල් ගන්න,පංසලේ තියෙන සල්පිල් මල්වට්ටි වෙන්දේසි වගේ ඒවට යන්න අමතක කරන්නේ නෑ

    ReplyDelete
  10. පව් යකෝ දොස්තරය අරූගෙ පුකට මැහුම් දාල බඩ යන්න බෙහෙත් දුන්නද දන්නෙ නෑ ... උඹල වගේ නොසන්ඩාලයෝ :0

    එහෙම උනානං එදායින් පස්සෙ දහම් පාසල් ආවට ධර්මයේ (හැසි)රෙන්ඩත් බෑ ;-D

    ReplyDelete