බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, September 8, 2015

එන්න කිතුලක් මැද ලක්ෂපතියෙක් වෙන්න.........


මේ ලිපිය දැක්කම මට හිතුනා බදුල්ලේ ගිහිං කිතුලක් මැදන් කාරිය හිටියනම් වගතුවක් වෙයි කියලා...වැඩේ තියෙන්නේ කිතුලේ නගින එකනේ... කකුල් වෙව්ලනවා... මේ ලිපියේ එකඟ නොවිය හැකි කාරනා වලට එකඟ නොවී යහපත් කාරනා ටික මනසට දාගෙන සාරභූමියේ කට්ටියම සෙට් වෙමුද....කිතුල් කර්මාන්තෙ නගා හිටුවන්ඩ....

ක්‍රි. පූ. 3 වැනි සියවස තරම් අතීතයක්‌ ඇති කිතුල් කර්මාන්තය එදා ශ්‍රී ලාංකික ජනතාවගේ සියලුම පැණිරස අවශ්‍යතා ඉෂ්ට කරනු ලැබීය. සිංහල රජ දවස මහා පරිමාණයෙන් සිදු කෙරුණු කිතුල් කර්මාන්තය සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ඉහළ මට්‌ටමක පැවතුණි.


මීට වසර 120 ක තරම් මෑත ඉතිහාසයේ පවා එනම් 1390 පමණ වන විටත් මෙරට ජනතාවගේ සියලු පැණිරස අවශ්‍යතා ඉටු කිරීමෙන් අනතුරුව මෙරටින් කිතුල් හකුරු ටොන් 19000 ක්‌ අපනයනය කළ බව සඳහන්ය.

කිතුල් පැණි සහ හකුරුවලට අමතරව මීපැණි, පොල් පැණි, තල් හකුරු ආදිය ද අපේ රටේ ජනතාව විවිධ අවස්‌ථාවල පැණිරස අවශ්‍යතාව සපුරා ගැනීමට භාවිත කරනු පෙනේ. කිතුල් යනු කැරියෝටා යුරේන්ස්‌ Caරහදඒ ඹරුබි යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකයයි. කිතුල් ශාකයේ මල් මැදීමෙන් ලබාගන්නා සාරය අනුසාරයෙන් කිතුල්පැණි සහ හකුරු නිපදවා ගනී.

කිතුල් පැණි සහ කිතුල් හකුරු වෙනුවට විවිධ ආදේශන පැමිණීමක්‌, මල් මැදීමේ තාක්‍ෂණය දියුණු නොවීම, නව පරපුර කිතුල් කර්මාන්තය සඳහා යොමු නොවීම, වැනි සාධක රාශියක්‌ නිසා කිතුල් කර්මාන්තය, කර්මාන්තයක්‌ ලෙස බොහෝ ප්‍රදේශවල සිදු වන බවක්‌ දක්‌නට නොලැබේ.

කිතුල් ශාකය පැණි සහ හකුරු නිෂ්පාදනයට පමණක්‌ නොව තවත් නිෂ්පාදන රැසක්‌ සඳහා උපයෝගි කරගත හැකි විශේෂ ශාකයකි. කිතුල් ශාකයෙන් නිපදවන කිතුල් පිටි රසවත් ආහාරයකි. මෙම කිතුල් පිටි යොදාගෙන විවිධ කෑම වර්ග සෑදීමට හැකිවීම විශේෂත්වයකි. විසිතුරු භාණ්‌ඩ නිපදවීමට හැකි ශක්‌තිමත් දැවයක්‌ ලෙස කිතුල් ලී භාවිත කළ හැකිය. කිතුල් රෑන්a ආකර්ෂණීය නිර්මාණ සඳහා යොදා ගත හැකිය. කිතුල් දැව උපයෝගී කොට ගෙන විවිධ ආභරණ නිපදවීම ද සුලබව දැකිය හැකිය. කිතුල් ලී ආශ්‍රිත එවැනි නිර්මාණ පිළිබඳ සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන කිතුලක වරුණ ප්‍රදර්ශනයේදී දැක ගත හැකි විය.

කිතුල් මල් මැදීම හොඳ ආදායමක්‌aa ලබාගත හැකි කර්මාන්තයකි. සාර්ථකව මැද ගන්නා එක්‌ කිතුල් මලකින් ලබන ආදායම තේ අක්‌කර භාගයකින් ලබන ආදායමට සමාන හෝ කිහිප ගුණයක්‌ වනු ඇත. එවැනි මලකින් මසකට ලබන ආදායම පොල් ගසකින් වසරකට ලබන ආදායම ඉක්‌මවනු ඇත. ඒ අනුව අද වනවිට කිතුල් යනු හොඳ ආදායම් මාර්ගයක්‌ ලෙස සලකනු ලැබේ.

එසේම සියයට සියයක්‌ ස්‌වාභාවික හා පෝෂණ ගුණයෙන් ද අනූන පැණි රස කාරකයකි.

කිතුල් පැණි සහ කිතුල් හකුරුවලට මෙරට හොඳ වෙළෙඳපොළක්‌ පවතින නිසා නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුවක්‌ නොමැත. ලෝක වෙළෙඳපොළේ තරගයකින් තොරව අධික මිලක්‌ අය කළ හැකි අපටම අනන්‍ය වූ නිෂ්පාදනයකි. ජාතික ආර්ථිකයට දැවැන්ත ශක්‌තියක්‌ ලබා දිය හැකි කර්මාන්තයක්‌ ලෙස රාජ්‍ය අනුග්‍රහය ඉහළ මට්‌ටමකින් ලබන ආර්ථික බෝගයක්‌ බවට කිතුල් කර්මාන්තය මේ වන විට පරිවර්තනය වෙමින් පවතී.

කිතුල් ශාකය අනෙකුත් ආහාර හා ආර්ථික බෝග සමග සැසඳීමේදී ආර්ථික සංවර්ධනය සඳහා ඉහළ දායකත්වයක්‌ ලබා ගැනීමේ හැකියාව ඇති ශාකයකි. දැනට පවතින 5% ක උපයෝජන මට්‌ටම තුළ පවා රටේ විශාල පිරිසකට ජීවනෝපාය සපයා ඇත. එසේම පැණි රස අවශ්‍යතාවයෙන් යම් කොටසකට දායක වේ.

ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 9 ක පමණ දායකත්වයක්‌ කිතුල් පැණි සහ හකුරු කර්මාන්තයෙන් ලැබේ. මෙම උපයෝජන මට්‌ටම 75% ක්‌ දක්‌වා ඉහළ නැංවුවහොත් ජාතික නිෂ්පාදනයට දක්‌වන දායකත්වය ඉහළ යනවා මෙන්ම සීනි ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ද පහළ යනු ඇත. එමෙන්ම මෙම මුදල් සම්භාරය ග්‍රාමීය ජනතාවගේ ආදායම වන බැවින් ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්‌ටම ඉහළ නැංවීමටද මෙමගින් හැකියාව ලැබේ.

අද වනවිට උක්‌ සීනි පරිභෝජනය ඉහළ ගොස්‌ ඇති අතර ඒ හේතුවෙන්ම ජනතාවගේ සෞඛ්‍යය කෙරේ ද අහිතකර බලපෑම් ඇති කර තිබේ. රසවත් මෙන්ම සෞඛ්‍යයට ද හිතකර කිතුල් පැණි හකුරු සඳහා පවතින ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක්‌ නොවීම දක්‌නට ලැබේ.

සාර්ථකව මැද ගත්ත කිතුල්මලකින් මසකට රු. 6,30,000/- ක්‌ ඉක්‌මවා ආදායමක්‌ ලබාගත හැකි අතර උක්‌ සීනිවලට හොඳ විකල්ප පැණි රස ලබාගත හැකි ද්‍රව්‍යයකි.

කිතුල් මල් මැදීමෙන් ලබාගන්නා තෙලිදිය වලින් පැණි සහ හකුරු නිපදවන එකම රට ලංකාවයි. රසායනික හෝ වෙනත් කිසිදු පොහොරක්‌ යෙදීම හෝ නඩත්තු කිරීමකින් තොරව ඉබේම වැඩෙන ශාකයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඖෂධයක්‌ වන අතර අවම ආයෝජනයකින් ආරම්භ කළහැකි ආර්ථික කටයුත්තකි. රටේ හැම දේශගුණික කලාපයකම කිතුල් ගස්‌ ව්‍යාප්තව පැවතීම තවත් සුවිශේෂී තත්ත්වයකි.

කිතුල් පැණි සහ හකුරු ඇතුළු නිෂ්පාදන කොතරම් වටිනා ස්‌වාභාවික සම්පතක්‌ වුවද භාවිතයට ගන්නා ප්‍රමාණය සහ නිෂ්පාදනයන් සිදුවන ප්‍රමාණය දිනෙන් දින අඩුවනු පෙනේ. වෙළෙඳපොළ ඉල්ලුම වැඩි වුවද සැපයුම අඩු වේ. මේ සඳහා බලපා ඇති කරුණු කීපයකි.

කිතුල් කර්මාන්තය කෙරේ නව පරපුර යොමු නොවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පොදුවේ දෑතේ කර්මාන්ත කෙරේ ඇති සමාජයීය පිළිගැනීම අඩුවීමයි. බොහෝ තරුණයන් වැඩිදුර අධ්‍යාපනයක්‌ නොලැබුවද දැතේ කර්මාන්තවලට වඩා ආයතනික රැකියාවලට ඇල්මක්‌ දක්‌වයි.

(ආයතනික රැකියාවට ආයිබොවං.....ඕං මම යනවා කිතුලට...කට්ටියම එමුකො බලන්න..)

No comments:

Post a Comment