බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, September 8, 2015

බෝල අත්ත සහ උකුණු දැත්ත ....

ඔය අපේ ගම තිබ්බේ බදුල්ල හාලිඇල ඉඳං නුවරඑළියට ගාටනකොට කියල මම කියලා ඇති. පාරට පහලින් අපේ ගෙවල්. අපේ ගෙට පහලින් ඇල. ඇලට පහලින් වෙල. වෙලට පහලින් ගග. ආයෙත් කන්ද... ඉතිං අපේ ගෙට පහලින් තියෙන්නේ තිලකෙ මාමලාගේ කුඹුර ... වී කුරුණි දෙක තුනක් වපුරනවා. හෙල් මලූ ක්රමයටනේ එහේ වගාව... වින්ඩෝස් 8 දාගෙන ඉස්පිලි සංඤක ඇලපිලි කොහේද මංදා .. ඉතිං ඔය අද කාලේ අය බෝල අත්ත දන්නේ නැහැ නොව ... ටෙනිස් බෝල වගේ ඒවා දැනගත්තට ... දැන් කාලේ අය උකුණු දැත්ත දන්නෙත් නෑ..උකුණෝ ගලවන දැත්ත නෙවෙයි උකුණු දැත්ත කියන්නේ ඕං...මේ ලගදි අගනුවර පැත්තේ ඉස්කෝලෙක ළමයෙක්ගෙන් සර් කෙනෙක් ඇහුවලූ මැටි ගන්නේ කොහෙන්ද කියලා .. ළමයා කිව්වලූ කඩෙන් කියලා .. ඇත්තනේ අපිනේ ඒ කාලේ පොලොවෙන් ගත්තේ... හා හා කයිවාරු ඕනි නෑ .. ඉතිං තිලකේ මාමලාගේ කුඹුරේ ගොයම් මැඩවෙන කාලෙට ඉස්කෝලේ ගිහිං ආපු වෙලේ ඉදං රූ වෙනකම් අපි මී හරක් පස්සේ ... ඉතිං ඔය උකුණු දැත්ත ගන්නේ කමතේ ගොයම් කොලෙන් මැඩවුමට දාන ගොයම් පෑගෙද්දි බේරන්නයි ... අන්තිමට වී ටික කාටුවත් පිදුරුත් යවලා වෙන් කරගන්න..බෝල අත්ත ගන්නේ සුලූ කාටුවත් එක්ක තියෙන වී අතුගාලා බේරලා ගොඩගහගන්න .. ඔය බෝල අත්ත හදන්නේ ගොයම් කපන්න මාස දෙකකට විතර කලින් ඇල අයිනේ තියෙන බොර ගහේ අතුවලින්.. බොර අතු නැතිවුනොත් බැබිල වලිනුත් බෝල අත්ත හදනවා.. ඔය බොර කෝට්ට පුදුම හයියයි නොවැ..අපි උණබට තුවක්කුවේ කූරට දැම්මෙත් බොර...යන්නම් ආයේ ලිපියකින් එන්නම් ...

1 comment:

  1. මට මතක් වුනේ අපේ තත්තා බෝලාතු හදපු විදිය, මම ඒ කාලෙ උකුණු දැත්තෙන් මැඩවුනු ගොයම් අයින් කළ විදියත් මතක් වුනා.

    ReplyDelete