බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, September 8, 2015

මඩ සුවඳ ඉපනැල්ල හා බුසල .....

ඉතිං ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ගමේ ඉස්කෝලෙට ගියේ පයිං. සීතලේ ගැහි ගැහී. ඔහොම පාරේ ගාටනකොට පාරේ යන වාහන වල සයිලන්සර්(දුම් බටේ) තියෙන පැත්තට සුටුස් ගාලා මාරු වෙනවා. ඇයි අර සීතලෙන් තාවකාලිකව හරි මිදෙන්න උණුසුම් දුම් ටිකක් වද්දගෙන.. ඔය දැනුත් දැනෙනවා ඒ දුම් ගඳ.... ඉතිං ඉස්කෝලේ ගිහිං ඇවිත් බඩට මොනා හරි දාගෙන දුවන්නේ ගොයම් කපලා ඉපනැලි වෙලා මී ලගට කුඹුර කොටන්න වතුර බැඳලා ලියැදි පිරිච්ච උණුහුම් වතුර පාගන්න. ඔය ඉපනැල්ල කියලා කියන්නේ ගොයම් කපලා ආයේ උඩට ඇදිච්ච ගොයම් ගස් තියෙන කුඹුරට. ඉතිං හැන්දෑ වෙනකන් ඔය ඉපනැල්ලේ දවල් කාලේ අව් කාශ්ටකේට රත් වෙච්ච වතුරේ උඩහටයි පහලටයි දුවනවා.. වතුරට පයින් ගහනවා..අනිත් උන්ගේ ඇග තෙතබරියං වෙන්න. උක්කුවා..සමීර..මම..ලොක්කයියා හරි හරියට.. ඉතිං තිලකේ මමා ගාව තිබුණා සෑහෙන්න පරණ වී බුසලක් ...වී බුසලට කිලෝ 20-25 අතර ප්‍රමාණයක් අල්ලනවා. අගල් 14 උසයි ..14 දිගයි..14ක් පලලයි.. දැන්නම් ඕවා ඇන්ටික් වලටත් විකුණනවා. ඉතිං හවස් වෙද්දි ඉපනැල්ල මඩ වෙලා මඩ ඇවිස්සිලා ඇදුම් මඩ වෙලා මඩ ගඳ නාස්පුඩු වලට තවම දැනෙනවා ... ඔන්න අද බුසලයි මඩයි ඉපනැල්ලයි කතා කලා... ආයේ ලිපියකින් හම්බ වෙමු ... ගොයමට කැපිලා අතපය කසනවා මතක් වුනා.... මට සිහියට එන විදියට ලිපි ලියනවා .. පස්සේ පිළිවෙලට හදාගමු...ගිහිං එන්නන්.

No comments:

Post a Comment