බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, January 10, 2016

පැන්සොන් 02


“සෝටීස් ගේන්න“

ලොකුඅම්මා ඇනවුම දෙනවා. ආච්චිත් මේසේ උඩ ලිවුම් කවරේ බාගෙට දිග ඇරගෙන ඒකේ තියෙන සල්ලි කොල දිහා හොරෙන් හොරෙන් බලනවා. සීයා නැගිටලා ටැප්පෙක ඇරලා ඒකෙන් වතුර ටිකක් අතට අරං විසිකරලා සීරුවට කොණ්ඩේ ගාගන්නවා. එයිට පස්සේ ආය ඇවිත් ඉඳගන්නවා.සෝටීස් ප්ලේට්ටෙක දුම් දාගෙන මේසේ උඩට එනවා. මං ලොකු මාළුපාන් ගෙඩියක් ඩැහැගෙන කෑල්ලක් ගිලිනවා.
උගුර ගිණියම් වේගෙන මාළුපාන් කෑල්ල බඩට බහින හැටි මට තේරෙනවා. මම උගුර එක අතකින් අල්ලගන්නවා.
“හිමීට කාපන් බඩ පපුව පිච්චෙයි. යකෝ මූ මාස ගානක් සාගින්නේ ඉඳලා වගේනේ“
ලොකු අම්මා ආයෙත් ආඩපාලි පටන්ගන්නවා.
ඔන්න අර ගෙනාපු පිඟානෙම හිස්කරලා අපි සල්ගාදු හෝටලේට සමුදෙනවා. ආච්චී ලිවුම් කවරේ ඇදලා ඒකෙන් ගානක් ඇදලා සීයට දීලා ලොකු අම්මත්තෙක්ක මාකට් එකේ එළවළු කඩ දිහාට යනවා. මායි සීයයි කෙලින්ම යන්නේ මාර්කට් එකේ තියෙන මස් කඩේට.
“මම දන්නවා තැන.. මම හැමදාම යන්නේ එතෙන්ට“

සීයත්තෙක්ක මස් කඩේට යද්දි මට හැමදාකම ඔය ඒ දවස්වල ටීවී එකේ ගිය ඇඩ්ඩෙක මතක් වෙනවා.දැන් ඉතිං සීයා පැය ගානක් මස් තෝරනවා. මස් කඩේ අයත් හැමදාම එන සීයව අඳුරන හින්දා ඇතුලෙන් හොඳ මස් ගෙනැල්ලා දෙනවා. වෙන වෙනම මස්..පෙනහළු..බාබත්...කිරි බොකු .. සුප් කටු... බිංගා ඒ කියන්නේ සීයා ඇතිකරන බල්ලට මස්කටු ...... බල්ලටත් මස් කටු වෙනම ගන්නකොට මට ගෙදර අම්මලාව මතක් වෙනවා ... මම මෙහෙම කෑවට අපේ අම්මලා අද බඩගින්නෙද දන්නෑ කියලා...

“අයිසේ මේක තියාගෙන මෙතනම ඉන්නවා“

කියලා සීයා මට මස් බෑග්ගෙක දීලා ඌව වයින් ස්ටෝර්ස් එක දිහාවට ගාටනවා. මම මස් කඩේ මුදලාලිලා පිහිය මුවහත් තියන හැටි... මස් ගාත් කොක්කේ එල්ලන හැටි... ඒවා කොටේ තියලා ඩාං..ඩාං ගාලා කපන හැටි බල බල මස්කඩේ ගාවට වෙලා ඉන්නවා.අර ඉස්සෙල්ලා ලියද්දි මම හතරැස් බෝතල් කියලා ලිව්වනේ. ඒක ලියවුනේ ප්‍රමාද දෝෂයකින්. ඒ කියන්නේ මේ පලාතේ ඔය සංස්ථා කියන අරක්කු වර්ගය නෑ. තියෙන්නේ මේ පලාතෙම හදන ඉගිලෙන අස්පයකුගේ පිංතූරයක් තියෙන කොල ලේබලෙන් එන “ඌව ග්ලේන්“ කියන රවුම් බෝතලේ එන අරක්කු තමයි. මේ පලාතට පිටින් එන අයනම් කියන්නේ ඕක සැරයි කියලා. ඉතිං පිටපළාත් වල අයට ඕවා බොන්න බැරි වුනොත් බණ්ඩාරවෙල කාගිල්ස් එකට යන්න ඕනි හතරැස් බෝතල් හොයන්න.
ඉතිං සීයා රවුම් බෝතල් දෙක්කුත් උස්සගෙන බොහෝම තෙහෙට්ටු ගතියකින් දාඩිය පෙරාගෙන එනවා. මම හිතන්නේ තෙහෙට්ටුව නැති වෙන්න එන ගමන් බාර්රෙකෙන් සිල්ලර ෂොට් එක්කුත් දාලයි සීයා එන්නේ.කලින් කතා කොරගත්තු විදියට සීයයි මමයි සියඹලා ගහ ඉස්සරහට වෙලා ඉන්නවා. ආච්චියි ලොකු අම්මයි තවුෆි නානගේ ඩෙලිකා වෑන්නෙකෙන් ඇවිල්ලා අපිවත් අහුලගෙන යනවා. සීයා මගදි දෙතුන් විඩ වාහනේ නවත්තනවා. අමතක වෙච්ච දේවල් ගන්න.
“හෝව් .. වෝව්.... බැට්රි කෑලි හතක් ගන්ඩෝනි. රේඩියෝ එකටයි ... ටෝච් එකටයි“
තව ටිකක් දුර ගියාම
“හෝව් ... වෝව්.. පර්මාෂාප් තල පැකට්ටෙක ගන්න අමතක වුනා“
කියලා සීයා බැහැලා විහාරගොඩ කඩවල්වලට දුවගෙන යනවා.
“මේ මිනිහා බීලද? ඈ මේලකයෝ“

ආච්චි පිටිපස්සෙ ඉඳන් අහනවා.
ඔන්න අපි ආච්චිලාගේ ගෙදෙට්ට ලංවෙනකකොට නමුණුකුල කන්දෙන් ඉර හැංගෙන්න මාන බල බල ඉන්නවා. ඉතිං තවුෆි නානා වෑන්නෙක නවත්තලා බඩු බාගන්න උදව් කරලා ගියාට පස්සේ අපි ඔය බඩු ටික කන්දේ උඩ තියෙන ආච්චිලගේ ගෙදෙට්ට අදින්න ඕනි. ශ්‍රීකාන්ත මාමත් ඇවිල්ලා උදව් කරනවා.ඔන්න ගෙදෙට්ට බඩු ටික ඇද්දට පස්සේ සීයා චිමිනි ලාම්පුවේ චිමිනිය ගලවලා ඒක දිස්නේ දෙනකන් දෙතුන් විඩේ පිහදානවා. ඒකට ලාම්පුතෙල් පුරවලා කුප්පි ලාම්පුවලටත්  ලාම්පුතෙල් පුරවනවා. ලොකු අම්මා කුස්සියේ ආච්චිත් එක්ක පරණ ණය හිලව් බේරුම් කරනවා.
“ඔක්කොම හාල් හුංඩු විසි පහයි“
“විසි පහක් නෙවෙයි විසි එකයි. මේලකයා ලියලා ඇති. මම අද උදේ අහද්දි විසි එකයි.“
“විසි එකක් කොහෙද ? අන්තිමට ඊයේ හවස මේනකයා ඇවිල්ලා හතරක් අරං ගියේ“
“මේලකයෝ අර පොත අරං ඇවිල්ලා බලහං“
මම පොතත් උස්සගෙන එනවා.

“හාල් හුණ්ඩු විසි එකයි“
“මෙහෙ දියං ඔය පොත...“ ලොකුඅම්මා පොත උදුරගන්නවා.
“ආ මේ පෝය දවසේ හවස ගෙනිච්ච හතර ලකුණු කරලා නෑ“
“පෝය දවසේ හවස ගෙනාවේ නෑනේ“
“හා...හා විසි පහ ගනින්කෝ“ බැරිම තැන ආච්චී කියනවා. විසිපහට අමතරව තවත් හුණ්ඩු අටක් නමයක් වැඩිපුරත් ලොකු අම්මට හම්බුවෙනවා.
ඊට අමතරව සීනි පොල් ගිණිපෙට්ටි තේකොල ආදියත් මං ලකුණු කරපු ගනන් වලට වඩා ලොකු අම්මට ලැබෙනවා.ඊට අමතරව මස් කිරිපිටි එක්ක ලොකු තාත්තට අරක්කු බාගයකුත් ලැබෙනවා. ඕක ලැබුන්නැත්තන් ලොකු තාත්තා එළියට බැහැලා සීයාට බනිනවා. මහ හයියෙන්. ගම දෙවනත් වෙන්න. ඒ බයට අර බඩු නැතත් අරක්කු බාගෙනම් අනිවාර්යෙන් ලොකුතාත්තට ලැබෙනවා.
දවසක් ඔය බාගේ දෙන්න අමතක වෙලා පහුවදා ලොකු තාත්තා වැඩ ඇරිලා බීලා ඇවිල්ලා පල්ලෙහා ගෙදර මිදුලට වෙලා
“අඩෝ .. නාකි බුඩා...තොගේ අරක්කු තෝ තියාගන්... මම බීලා ඩෝ ආවේ...“ කියලා ගමටම ඇහෙන්න කෑගැහුවා.
එදා ඉඳන් ලොකුතාත්තගේ අරක්කු බාගෙනම් වරදින්නෑ.ඉතිං ගෙනාපු බෝතල් දෙකෙන් බාගයක් ගියාම එකහමාරක් සීයට ඉතුරු වෙනවා. ඕකත් ඉතිං සීයයි..ආච්චියි...ශ්‍රීකාන්ත මාමයි....මායි අතරේ (ඈ යකෝ උඹත් බිව්වද? නෑ අර පණුවොන්ට හොරෙන් දාගත්තු ෂොට් එක) බෙදෙන්න එපැයි.සීයා පරණ යුනික් රේඩුවෙකේ පරණ බැට්ටි අයින් කරලා අලුත් බැට්ටි දාලා කරකවනවා.
“සෝස්........සොරෝස් ...සෝස්...“
ඒ කාලේ ඔය එෆ් එම් තරංග තිබ්බෙ නෑනේ. කෙටි තරංග හා මධ්‍යම තරංග. ඕවා ගොඩාක් දුරුවලයි.
“ඇන් ඇම්ට පුළුවන්ද? ඇම් බෙට්ට පෙරලන්න.... ඇන් ඇම්ට පුළුවන්ද? ඇම් බෙට්ට පෙරලන්න.... ඇන් ඇම්ට පුළුවන්ද? ඇම් බෙට්ට පෙරලන්න....“

ප්‍රවෘත්ති තේමා වාදනයේ හැංගිලා තියෙන්නේ ඕක.

“ටීක්...ටීක්...ටීක්.....ටූක්.... වේලාව සවස හයයි. මේ ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවයි ...මෙන්න ප්‍රවෘත්ති“
ඉතිං සීයා ප්‍රවෘත්ති අහනවා. ඔය අතරේ ආච්චි මස් කපලා සීයට බොන්න කටගැස්මක් හදනවා.ප්‍රවෘත්ති ඉවරවෙලා චිමිනි ලාම්පුව එහෙම පත්තු කරලා ඉවරවුනාම කටගැස්ම මේසේ උඩට එනවා. සීයා අර බාගේ මේසේ උඩින් තියලා ඒක දිහා බලාගෙන ඉඳලා වීදුරුවක් අරං අරක්කු ටිකක් ඒකට දාන් ගුඩුස් ..ගුඩුස්..ගාලා බොනවා. පස්සේ මස් කෑල්ලක් අරං කටේ ඔබාගන්නවා.

තව ටික්කින් තව සොට්ටෙකක් වීදුරුවට හලාගෙන කුස්සියට යනවා. ඒ ආච්චිට දෙන්න කියලා මම සක්සුදක් සේ දන්නවා.
ආයෙත් ඇවිල්ලා තව සොට්ටෙකක් හලාගෙන සීයා එළියට යනවා. ඒ ශ්‍රීකාන්ත මාමට බොන්න ඉඩකඩ හදලා දෙන්න. ශ්‍රීකාන්ත මාමා බොනවා කියලා සීයා දැනන් හිටියත් දෙන්නා කවදාවත් එකට බීලානම් නෑ. ඉතිං ශ්‍රීකාන්ත මාමත් මේ තමාගේ වාරය කියලා දැනගෙන කාමරෙන් එළියට ඇවිල්ලා ගුඩුස් ගුඩුස් ගාලා ෂොට් දෙක තුනක් දාගෙන යනවා.

දැන් ආච්චි එන්නෙත් නෑ සීයා එන්නෙත් නෑ කියලා සක්සුදක් සේ දන්න මාත් ඒ අවසරයෙන් මේසේ ගාවට ගිහින් සොට්ටෙකක් බෝතලෙන්ම හලාගන්නවා. පපුව පත්තුවෙලා යනවා වගේ දැනෙනවා. මස් කෑල්ලකුත් කටේ ඔබාගෙන මං කාමරේට වදිනවා. ඒ බඩේ ඉන්න පණුවන්ට දාගත්තු සොට්ටෙක.
සීයා එළියේ ඉඳන් තව අමුත්තෙකුත් එක්කරගෙන එනවා. ඒ තමයි වෙදමහත්තයා. සීයට හත වදින දවසට වෙද මහත්තයත් බොන්න අරං එනවනේ. දැන් ඉතිං දෙන්නා රෑ අට නමය වෙනකන් බොනවා....බොනවා...බොනවා...
ඔය අතරේ ආච්චිට යන පංගුව ... ශ්‍රීකාන්ත මාමගේ විරාමය .. මගේ පණු අමාරුවට ගන්න සොට්ටෙකත් වෙන් වෙන් වසයෙන් ඇදි ඇදී යනවා.

ඉතිං වෙදමහත්තයත් ගියාම අරවත් ඉවරවුනාම අපි රෑට කාලා බුදියගන්න යනවා. මම නිදාගන්නේ ආච්චිගේ කාමරේ ආච්චිත් එක්ක. උන්දැට මගේ අරක්කු ගඳ දැනෙයි කියලා කොට්ටෙ හොස්ස ඔබාගෙන බුදියගන්නවා. ආච්චිගේ කටින් විස්තාපනය වෙන ඇල්කොහොල් ගඳ මටනම් දැනෙනවා.ඔන්න ටික වෙලාවකින් ආච්චි සීයට බනින්න පටන්ගන්නේ අර පරණ මතකයකුත් ඇදගෙන. මොණරාගල ප්‍රශ්නේ. ඉතිං ආච්චි හයියෙන් මගෙත් එක්ක කිය කිය සීයටත් ඇහෙන්න සීයට බනිනවා.
“ඕකා මේලකයෝ හොඳ බඩුවක් නෙවෙයි. මොණරාගල ඉන්න කාලේ ගෑණියෙක් ලෑස්ති කරගෙන ඉඳලා ඒක මහ ලොකුවට මිනිස්සුන්ටත් කියනවා. තුක් නොදකින්“
සීයත් දැන්නම් ආච්චිට බයේ ඉන්නෑ. ඇඳෙන් නැගිටලා ඇවිල්ලා

“මොනාද බොල කිව්වේ “
 කියලා චටස් පටස් ගාලා ආච්චිගේ කම්මුල් රත් කරනවා.
මටත් දෙකක් වදින්න කලින් මම ඇඳෙන් බැහැලා ශ්‍රීකාන්ත මාමගේ කාමරේට දුවනවා.
“ශ්‍රීකාන්තයෝ මෙන්න මිනී මරනෝ“

ආච්චි මහ හයියෙන් කෑ ගැහුවම කරුවලේ ටෝච්චෙකක් ගහගෙන ලොකු අම්මත් ඇවිල්ලා තමයි ඔය රණ්ඩුව බේරන්නේ.

(මම ගමේ යන්න තීරණය කලා. මීට වඩා හොඳට එහෙදි ලියන්න ඇහැක් වෙයි. ඒත් ඔව්වා පෝස්ට් කරන්න ඇටම්පිටියට හරි හාලිඇලට හරි යන්න වෙන්නේ ගමේ සිග්නල් නැති නිසා. එතකොට කොමෙන්ට් වලට රිප්ලයි කරන්නත් සහෝදර බ්ලොග් වලට කොමෙන්ට් කරන්නත් මට බැරි වෙයි. එවුවට තරහ අවසර.)

23 comments:

  1. අඩේ මේක මේලකයගෙ කිරිමේල් කේස්සෙකක්නෙ. සේරම හොඳට අඩිය දාන්නො.

    ReplyDelete
    Replies
    1. නොතේරුං කමට ... දැන් එහෙම නෑ ...

      Delete
  2. අඩේ මේක මේලකයගෙ කිරිමේල් කේස්සෙකක්නෙ. සේරම හොඳට අඩිය දාන්නො.

    ReplyDelete
    Replies
    1. හරි. බොටත් ලෙඩේ බෝ වෙලා.

      Delete
  3. යකෝ බොලා පණුවන්ට ෂොට් කීයක් දුන්නද? සුරංගය කියල තියෙනව වගේ කට්ටියම හොඳ හැදිච්ච දරුවො වගෙයි. හැක්..

    මොනව උණත් ඒ කාලෙ ප්‍රවෘත්ති පටං ගන්න ඉස්සෙල්ල තිබ්බ ඔය වාදනේ වගේ එකක්නං ඊට පස්සෙ අහන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. පණුවන්ට හොඳයි කියලා කිව්වේ අපේ මාමා

      Delete
  4. දැනුත් පණුවන්ට සොට් එකක් දානවැයි.???

    ReplyDelete
    Replies
    1. දාපු කාලයක් මතක නෑ

      Delete
  5. //“ටීක්...ටීක්...ටීක්.....ටූක්.... වේලාව සවස හයයි. මේ ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවයි ...මෙන්න ප්‍රවෘත්ති“//

    අනේ බං මේක තාම මතකයි.... අැහුණ ගමන් ම මතක් වෙන්නේ අම්මලාගේ මහගෙදර...... අත්තම්මයි පප්පයි (අම්මලා පප්පා කිව්ව නිසා අපිත් කිව්වේ ඒකමයි) ඒ ගෙදර ඉන්න විදිහ මැවිලා පේනවා බං..

    ReplyDelete
  6. ඇයි බං ඔක්කොම බොට මේලකයා කියන්නෙ. මේනකයා කියන්න බැරි න යන්න කියැවෙන්නෙ නැද්ද බදුල්ලේ කස්ටියට?

    ReplyDelete
  7. අපි පොඩි කාලේ පණු අමාරුවට මුඩියෙන් එකක් දුන්නා..... ඒත් දැන් ඒක වෙනස් වෙලා....

    ReplyDelete
    Replies
    1. දැං පණුවන්ගෙ කට්ට ගෙවිල.

      Delete
  8. මොනවද බන් බාබත්, කිරිබොකු කියන්නේ දන්න එකෙක් කියපල්ලා.

    ReplyDelete
  9. හිතෙන් අතීතෙට ගියා,
    අර රේඩියෝ එකේ නියුස් වලට කලින් යන තේමා වාදනය අපිට ඇහුණේ
    සුදු නංගි මෙහෙ එන්න
    දන් ගහට පිට දෙන්න
    මල් ගවුම උස්සන්න...

    ReplyDelete
    Replies
    1. අපිට ඇහුනෙ නං මෙහෙමයි,

      විල්මොං ට පුළුවං ද
      උගෙ පවුල මට දෙන්ඩ
      විල්මොංට පුළුවං ද
      උගෙ පවුල මට දෙන්ඩ උගෙ පවුල මට දෙන්ඩ

      විල්මොං ට පුළුවං ද
      උගෙ පවුල මට දෙන්ඩ
      විල්මොංට පුළුවං ද
      උගෙ පවුල මට දෙන්ඩ උගෙ පවුල මට දෙන්ඩ

      දඩ බඩ - දඩ බඩ - දඩ බඩ - දබොඃ (විල්මොං ගායකයාට තඩිබාන හඬ අනුසාරයෙන් සකස් කර ඇති බෙර හඬ)

      Delete
  10. ඔය කොයි කාලෙද සංස්ථා නොතිබුනේ?
    මෙන්ඩිස්?

    ReplyDelete
  11. කථාව ලස්සනයි, හැබැයි දුක හිතෙනව... පුංචි කාලෙ මතක් වුනා.. ඒකාලෙ අපේ ජීවිත වල තිබිච්ච දුක් ගැහැට, ලස්සන තැන් මැවිල පෙනෙන ගත්තා.

    ReplyDelete
  12. ඈ බන් මේලකයෝ ... බොලෑ ආච්චිත් බිව්වද බන්... ඒක කියවල මටත් වෙරි වෙරි වගේ...

    ReplyDelete