බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, January 6, 2016

අපේ පිංකම..............................

බ්ලොග් කළාව අතපත ගාන්ඩ පටන්ගත්තු මට යාන්හෑල්ල ලියන සුරංගයා කිව්වා මෙන්න මෙහෙම මෙව්වා එකක් කරන්න යනවා උඹටත් ඇහැකිනං සම්මාදන් වෙයන් කියලා. මෙව්වා එක තමයි අග හිඟකම් ඉහවහා ගිය බදුල්ල දිස්තිරිකේ (ඇමතිවරු දුසිමක් විතර ඉන්න දිස්තිරික්කයක් නොවැ) දුප්පත් ඉස්කෝලෙක ළමයිට ශක්තියක් වෙන්න අධ්‍යාපන උපකරණ බෙදා දීමක් කරනවා කල්‍යාන මිත්තරයට කතා කොරහං කියලා. කල්‍යාන මිත්තරයා කියන්නේ නෙළුම්යාය බ්ලොග් සංසදයේ නිලදරුවෙක් කියලත් කියව්වා. ඉතිං කල්‍යාණ මිත්තරයා එකවුන්ට් නම්බරේ දුන්නා. අනික් එවුන් එක්ක බලද්දි මගේ හූණු බිජ්ජක් විතර වෙච්ච ආධාරේ මම අර ගිණුමට බැර කලා. මම ගම්පහ හිටියත් මගේ ගමේ වෙන මේ කර්තව්‍යයට යාමේ මහා දොළදුකක් මට ඇතිවුනා. ඒ අනුව මම‍ කෝච්චියේ අළුත් අවුරුද්ද සමරමින් ගෙදෙට්ට ලං වෙද්දි පලවෙනිදා උදේ 8-9 විතර වුනා. වැස්ස හින්දා ගෙදෙට්ටම වැදිලා ඉඳලා 04 වෙනිදා පාන්දර සුරංගයාගේ ගෙදෙට්ට යද්දි සුරංගයා..භාග්‍යා නංගී..සුරංගගේ ප්‍රිය බිරින්දෑයි ඔක්කොම පාසල් උපකරණ පැක් කොරලා වෙන වෙනම තියලා තිබ්බා. 


පස්සේ කළ්‍යාණ මිත්තරෙත් ඇවිල්ලා අපිවයි අර පාසල් බඩු ටිකයි අහුලගෙන අර අපේ බදුල්ලේ ආච්චිලැයි ගෙවල් පැත්තෙන් ස්ප්‍රීංවැල්ල කඳනේ තේ වත්තක් පාමුල තියෙන ඉස්කෝලෙට ගියා. වාහනේ ඉස්කෝලෙටම දාන්න බැරි නිසා ඉතුරු හරිය පයින් ගෑටුවා. 

ඉස්කෝලෙට යන තැනම බෝඩ්ඩෙකක් දාලා තිබ්බා ගිය අවුරුද්දේ සිස්සත්වෙන් එක ළමයෙක් ලකුණු 171 සහ අනික් ළමයා ලකුණු 169 ගත්තා කියලා. පින්සිබල් අපිව ආදරෙන් පිළිගත්තා. ඒකොල්ලා අපිව ඔපිස් කාමරේට එක්කන් ගියා. පිළිගන්නවනම් පිළිගන්න නැත්තන් නිකන් ඉන්න මේ ඉස්කෝලෙ ළමයි 67යි. ගුරුවරු 20යි. කංකරු 02යි. මුරකරු 01. තව පුස්තකාල සහායකයකුයි විද්‍යාගාර සහායකයකුයි අඩුයි. (මොකුත් කියන්නෑ හිතන්න)
ඉතිං ළමයි අම්මලා ගුරුවරු මුරකරු සහ කංකරුවෝ අපිව සාදරෙන් පිළිගත්තා. විදුහල්පතිතුමා කල්‍යාණ මිත්තරේ හරබර කතාවන් කලා. හැබැයි ඔය ඉස්කෝලේ ටීචලා...ළමයි..විදුහල්පති..මුරකරු..කන්කරු ...මවුපිය කවුරුවත් ඔය බොග් කෙරුවාව ගැන දැනන් හිටියේ නෑ.. අපි ඒ ගැන කිව්වත් තේරුණා කියලනම් මම හිතන්නේ නෑ.



ඒත් අපි අපේ වැඩේ කොරානේ ඒ ඇති. පාසල් උපකරණ ගද්දි පොඩි එවුන්ගෙයි මවු පියන්ගෙයි මුවගේ ඇඳිච්ච හිනාවට ලොකු සර් අපිට කල සංග්‍රහයට වඩා හිතයි බඩයි පිරුණා කියලයි මට තේරුනේ. අර හෙන්දිරික්(එන්රික්) අයියගේ තිසරපට සංදර්සනේට පැයට තිස්පන්දහක් වියදම් කරපු කොළඹ ඇන්ටිලාට කරනවනම් ඕන් වැඩ.


මේකට බොක්කෙන්ම හිටගත්තු නෙළුම් යායටත්.. කල්‍යාන මිත්තරයටත්...සුරන් ගොයියටත්..ප්‍රිය බිරිඳටත්...භාග්‍යා නංගිටත් එකී මෙකී නොකී හැමෝටමත් මහත්ඵල මහානිසංස ලැබේවා.තව එකක් අපි හැමෝම දෑහැට දැක්කෙත් එදා. ඉතිං සයිබරේටත් පිං අපිව එක්කහු කලාට.

මගේ අනික් කතාව ඔන්ද වේ....................

21 comments:

  1. එල! ආපහු ගම්පහ ආවද? 3 නෙවෙයි 4 දවස වෙන්නොනේ.

    ReplyDelete
    Replies
    1. ඉන්ටවීව් මංගල්ලෙකට යන්න ආවා

      Delete
  2. චූටි මැණිකේ මේනක ගැන කියූ කතාව:-
    “ඒ අයියා ලියන තරං කතා කරන්නේ නෑනෙ.“

    ReplyDelete
    Replies
    1. මාව හම්බවෙච්ච දවසක උඹ කියන්නෙත් ඕක තමයි. හැක්..

      Delete
    2. ප්‍රසා, හැමදාම කන්නෙ පිට්ටු කියල තමයි මට හිතුනෙ.

      Delete
    3. ඕක ඒ කාලේ ඉඳන්ම මට තිබ්බ ලෙඩක්...හිමින් කතා කිරීම සහ අරපිරිමැස්මෙන් කතා කිරීම.......ඒකෙන් මට ගොඩාක් අයව සහ දේවල් නැති වුනා....

      Delete
  3. සුරංගයගෙන් පිංතූර ටික බැලුව කවිය ගෙන් කතාවක් තියෙව්ව
    බොලාගෙන්
    හරි හරි ඒ මුකුත් නෑ හිහි
    ඇත්තටම සන්තෝසයි මචෝ හිත පිරෙනව දැක්කම
    කිරි ඉතිරෙන්න ඕන

    ReplyDelete
  4. නියමයි මේනක. බොලා කට්ටිය එකතුවෙලා කරපු වැඩේ සෑහෙන වටිනව.

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම සෙට් වෙලා අපේ ගමේ ඉස්කෝලෙට දෙමු ඊගාව දොහේ

      Delete
    2. මේනකයො, ගම්පහ වැඩක් නං මං එකපයිං... මේලක් දාහං. drackey@gmail.com

      Delete
  5. ඒ ඉස්කෝලෙ බුදු මැදුර හදන වැඩේත් කරන්න බලමු.
    මේනක දැන් ගම්පහද ඉන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව් වොව් ගමේ හිටියනම් බොගට එන්න වෙන්නෑ සිග්නල් නෑ

      Delete
    2. බුදු මැදුරේ වැඩේ නම් ඕනි නෑ කියලයි මගේ පුද්ගලික අදහස... හිතේ ශ්‍රද්ධාවෙන් වඳිනවනම් බුදු මැදුරු ඕනි නෑ .... අපි ඉස්සර වැන්දේ බුදු හාමුදුරුවෝ හිතේ මවාගෙන ... ඒක අපූරුයි ...

      Delete
    3. කම්මො,
      බුදුමැදුරට කලිං හදපියව් එ් ඉස්කෝලෙට යන පාර...!!! එහෙම නැත්තං ළමයි හොඳ බෞද්ධයො කරන්න උදව් වෙන විදිහෙ පොත් ටිකක් අරං දෙමු ඒ ඉස්කෝලෙ පුස්තකාලෙට. ඒ නැතුව මැටි බුදුන් හරි කොන්ක්‍රීට් බුදුන් හරි වීදුරු කූඩුවක දාල ප්‍රදර්ශනය කරන කුටියක් හදල ඒ ඉස්කෝලෙ ළමයිගෙ අනාගතේ වෙනුවෙන් කොරන්ඩ පුළුවං දෙයක් නෑ...

      Delete
    4. ඩ්‍රැකිය කියන දේත් එක්ක මාත් එකඟයි.

      Delete
    5. මේ වයසෙදි උඹල අපි රැඩිකල් තමයි. මම පොඩිකාලෙ ආසයි බුදුහාමුදුරුවන්ට උදේම ගිහින් මලක් පූජ කරන්න ඒත් ඉස්කෝලෙ බුදුමැදුර හැමදාම වහල.

      Delete
  6. ඔය පොත් පාර්සලය ඔය දරුවන්ට මහ මෙරක් වගේ වටිනවා.පේනව නේද මුහුණුවල තියන සතුට.

    ReplyDelete
  7. උඹලට ගොඩක් පිං...
    පුංචි එව්වන්ගේ හිත් සතුටු කරනවා කියන එක ලොකු පිණක්...
    වඩා වටින්නේ ඒ පින තමන්ටම දැකබලා ගන්න ලැබෙන එක...

    අපි 2009 නකල්ස් වියලි පැත්තේ තියෙන රඹුක්ඔළුව ගමේ ඉස්කෝලෙකට මේ වගේම ආධාර අරගෙන ගියා...
    ඉස්කෝලේ ඉන්න ළමයි ගාන දැන් මතක නැහැ, ඉස්කෝලේ ඉන්නේ එක ගුරුතුමයි, එයා නිදා ගන්නෙත් ඔෆිස් එක වගේ තියෙන කොටසෙමයි...
    හුළං සැරට වහලේ ටකරන් හුළඟට යනවට බිමට තියල කේබල් දාල ගැට ගහල තියෙන්නේ...
    ගමේ මිනිස්සු ළමයි දුප්පත් වගේම හරිම අව්‍යාජයි...
    පරිසරය මීමුරේ වගේ, ඒ කාලේ ඒ ගම මීමුරේට වඩා දුෂ්කරයි...
    අපි එහෙ දවස් දෙකක් නතර වෙලා ඉඳලා තෑගී එහෙම දීලා ආවා...

    උඹල හැමෝටම හොඳක්ම වේවා...

    ReplyDelete
  8. සතුටුයි මේනක....... කවුරු කොහේ කොතැන කරත් මේවා තමා අගේ අැති වැඩ.... පහුගිය දවස් ටිකේ බ්ලොග් ලිවිල්ලෙන් ගිය කෙනෙක් මේ වැඩ වලට මහා චෝදනාවක් කරා මතකයි.... ඒත් මෙහෙම වැඩකට ඒකතු වුණානං කවදාවත් ඔහු මේ විදිහ දේවල් වලට චෝදනා කරන්නේ නැහැ..... මෙයින් ලැබූ සතුට කොච්චරක් ද කියලා ඔබ දන්නවා අැති. අපේ සුභ පැතුම්........

    ReplyDelete
  9. බොහොම ස්තූතියි. මේනක එච්චර ඈත ඉඳන් ගිහිල්ල වැඩේට සම්මාදම් වුනාට.

    ReplyDelete