බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Wednesday, January 27, 2016

මරණ ගෙදර 03 කොටහ


දැන් ඉතිං ටිකක් වෙලා යනකොට කට්ටියගේ අර හවස හාලි ඇල්ලේ බාර්රෙකෙන් බීලා ආපු අරක්කු වල පවර්රෙක බහිනවා. දැන් ඉතිං ඔය එන ගමන් ඉනේ ගහන් ආපු කාලවල් බූරු කෙළිය යන අතර එලියට එනවා. “කරස්“ ගාලා මූඩිය ඇරලා “ගුඩුස්..ගුඩුස්“ කියලා අමුවෙම්ම කටේ හලාගන්නවා.

“ඒයි මටත් ටිකක්...“

“අඩේ මේකා තනියෙන් ගහනවා“

“වටේ එවපං“

“අඩෝ නැද්ද බං තව ඇබින්දක්වත්“

එක එකා මේක දැකල එක එක දේවල් කියෝනවා. ඒත් ඔය කාල වටේට තුන්දෙනෙක් ගාවට ගියාම කම්මුතුයි. තව එකෙක් ඉනේ ගහගත්තු කාලක් ඇදලා ගන්නවා. කොහොමත් ඕවා සාධාරණව බෙදිලා යන්නේ නෑ. දෙතුන් දෙනෙක්ට බඩු මදි වෙනවා. එතකොට උන්ට යකා වැහෙනවා.

“ඇයි අපිට නැද්ද? ආය නැද්ද බං...ඒයි සොට්ටෙකක්වත් නැද්ද?“

“කොහේ තියෙන්නද අරුන් උගුඩුවො වගේනේ ගැහුවේ“

“වරෙල්ලකෝ හෙට මා ගාවට කිතුල් රා හොයාගෙන තොපිට දෙන්නේ හුජ්ජ“

ඔය වගේ නෝක්කඩු බොන්ඩ නොලැබිච්ච එවුන් පැය ගණන් කියවනවා.ඔය අතරේ ගෙනාපු සිකරැටුත් ඉවර වෙනවා. සිකරැට් ගේන්න ගුණතිලක මාමා කඩේ අරින්නැති නිසා සිකරැට් බීමේ ආශාව අත ඇරලා ඉලත්තට්ටු වල තියෙන බීඩි ටික පත්තු කරගෙන කට්ටියම දුම් පිට කරනවා. බීඩි ගඳින් බූරු පොල පිරිල ඉතිරිලා යනවා.

ඔය අතරේ දන්සිරි අයියයි තව දෙතුන් දෙනෙකුයි පුටු තුන හතරක් මේස කෑල්ලක් ගාවින් තියාගෙන භාරදූර වැඩක් කරනවා. අපිට ඔය අහලකටවත් යන්න දෙන්නෑ. අපේ ආච්චි කියන ගංජා සුරුට්ටු එතිල්ල තමයි ඔතන වෙන්නේ.ඕකට එක එක වචන ගමේ ගොඩේ පාවිච්චි වෙනවා.

“මල් ඔතනවා“

“සූස්ති ඔතනවා“

“ගංජා සුරුට්ටු ඔතනවා“

“ජොයින්ට් ඔතනවා“

“ත්‍රෛයිලෝක පත්‍ර ඔතනවා“

ඔය වගේ වචන ව්‍යවහාරයේ තියෙනවා. මම ඉස්සෙල්ලාම ගංජා ගහක් දැක්කේ ගඟේදි. හැමදාම හවසට මාත්තෙක්ක ගඟට යන දන්සිරි අයියා හබරල කොලේකට වතුර එකක් පුරවගෙන ඇපල පඳුරු අස්සට නොපෙනී යනවා. එක දවසක් මමත් හොරෙන්ම දන්සිරි අයියා පස්සෙන් ගෑටුවා. මම දැක්කා එඬරු කොල වගේ කොල හැදිච්ච දන්සිරි අයියා විතර උසට හැදිච්ච ගහක්. මිනිහා ඒකට ගිහිං චොරෝස් ගාලා වතුර ටික හැලුවා. ඒ ගහ ගංජා කියලා දැනගත්තේ සමීරයගෙන්. ඔය ගංජා කොල මස් උයද්දි මස් එකට දැමීමක් ගැනත් මං අහල තියෙනවා.


ඉතිං ඔය ගංජා ඔතන හැටි අපිට බලන්න තහනම් වුනත් මිනිය තියෙන කාමරේ ජනෙල් පියන් උඩින් අපි හොරෙන් ඕක බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලම පාවට්ටා (ආඩතෝඩ) කොලයක් අරං අතින් හොඳට පිරිමැදලා පත්තර කෑල්ලක් අරං ඒකට ගිනිකූරක් ගහලා අර බත් බඳින්න කෙහෙල් කොල තවනවා වගේ පාවට්ටා කොලේ තවාගන්නවා. ඒකොල්ලා ගංජා කට්ටේ ඒ කියන්නේ ගංජා පැකට්ටෙක කඩලා කඩදාසියක් උඩට දාලා ඒකේ තියෙන ඇටයි කඳන් කෑලි ඒ කියන්නේ රොඩු ටික අහක්කරලා සිකරට් බාගෙක දුංකොල කඩලා ඒකට කලවම් කරනවා. දැන් ඒ මිශ්රනේ අර පාවට්ටා කොලේ උඩ තියලා කිටි කිටියේ තද කරලා කකුලේ තට්ටමකට තියලා රෝල් කරගන්නවා.පස්සේ බීඩියක් අරං ඒකේ ලේබලේ හීන් සීරුවේ උරුට්ටුව නොකැඩෙන්න ගලවගෙන බීඩියේ නූල් කෑල්ලත් ගලවගන්නවා. ඒකොල්ලා නූල් කෑල්ලෙන් ගංජා සුරුට්ටුවේ උඩින් ගැටයක් දාලා අර ලේබල් සිලින්ඩරේ උඩින් (බොන තැනින්) ටිකක් පහලට බස්සනවා. දැන් ගින්දර ගහලා පත්තු කරලා ඒක උරන ගමන් අර බූරු පොලට ගිහිං බොන බොන එකාගේ අතින් අතට යවනවා. හැම එකාම සොට්ටෙක ගානේ අදිනවා. තව රවුමක් ... තව රවුමක් වශයෙන් ඉවර වෙනකන් සුරුට්ටුව සංසරණය වෙනවා. සුරුට්ටුවේ මිශ්‍රණය දැල් වෙවී ගියත් අර පාවට්ටා කොලේ පත්තු වෙන්නෙ නෑ. 

බීඩි ගඳ යට කරගෙන ගංජා සුවඳ මුලු මරණ ගෙදර පුරාම පැතිරෙද්දි මුලු ගම්මානෙම නින්දට ගිහිං. බූරු නඩයයි..ඔට්ටු පෝලිමයි ... හිටගෙන නිදි කිරන අපියි ඇරුණාම...ඔය පාවට්ටා කොලේ හොයාගන්න බැරි වුනොත් බීඩියක් ගලවලා ඒකට පුරවලත් බොනවා. නැත්තන් බ්‍රිස්ටල් පැකැට්ටෙකේ ඊයම් කොලේ ගලවලා ඒකේ සුදු කොලෙත් ඕක ඔතනවා මම දැකලා තියෙනවා. ඕවා ඔතන්නත් හැමොටම බෑ. ඒකටත් පළපුරුද්ද තියෙන්ඩෝනි.ඔය වටේට සහයෝගෙන් යන නිසා මේකට ජොයින්ට් කියනවා වෙන්ඩත් පුලුවන්.  

ඕක බීලා විනාඩි දහයකින් පහලවකින් එක එකාගේ විකාර කියවිලි සමහර උන් තනියෙන් හිනාවිලි සමහර උන් එකම දෙයක් දිහා දිගටම බලා ඉඳිලි වගේ එක එක මනෝ විකාරයයන් දැකගන්න පුලුවන්. චූටප්පයියනම් කරන්නේ බූරු පොලේ උන්ට හිනා යන්න කතා සැපයීම. අන්න අහනවනන් රියල් විහිලු තියෙන්නේ චූටප්පගේ විහිලු වල. ඩිංගිරිබංඩෙ අයියගේ විහිලු මොනාද කියල හිතෙනවා එවුවා ඇහුවම.


දැන් මැදියම් රෑත් පහු වෙන වෙලාවට ගොඩාක් අය පැරදිලා මූණු ඇඹුල් කරගෙන සමහර එවුන් හූල්ල හූල්ල බූරු පොලෙන් නැගිටලා ගිහින් සමහර එවුන් ඔළුවට අත තියන් කල්පනා කරමින් ඉද්දි බූරු පොලේ සල්ලි දෙතුන් දෙනෙක් ලඟ ස්ථානගත වෙනවා.


“බරගානක් පැරදි බං“

“හෙට පොලී ගෙවන්ඩ තිබ්බ සල්ලිත් ඉවරයි.“

“ඔල්ලෝසුවත් උගස් තිබ්බා“

“හෙට වැඩත් නෑ. ගෙදෙට්ට කන්න දෙන්නේ කොහොමද?“

ඔය ඔය ආදී වශයෙන් එක එක ප්‍රශ්ණ මතක් වෙන්නේ ඔක්කොම සල්ලි ටික බූරු පොලට පූජා කෙරුවට පස්සේ තමයි.ඔය දිනන අයට තමන්ගාව තියෙන වටින බඩු භාණ්ඩ උගස් තියලත් ආය බූරු ගහන එවුමුත් ඉන්නවා. සමහරු ඉන්නවා දිනපු එවුන්ට කන්නලවු කරමින් සල්ලි හිඟාකමින් ආයෙත් බූරු ගහන්න හදන අය.


“මේක හොඳ සිටිසන් වොච්චෙකක්. ගල් උඩ මැෂිම දුවන්නේ. මේක අරන් කීයක් හරි දීපං. හෙට බේරගන්නම්“

“අනේ ඕක තියාගෙන හිටහං බං දැන් මැදැයි බූරු ගැහුවා“

දැන් දිනලා ඉන්න දෙතුන්දෙනා කැමති නෑ ආයෙත් බූරු කෙළිය දිග්ගස්සගෙන යන්න. බැරිම තැන කීයක් හරි දීලා ඒ ගානත් පරද්දලා බූරු පිටිය අහවර කරනකොට පාන්දර දෙක විතර වෙනවා.දැන් යන්න බස්සෙක්කුත් නැති නිසා දුර පැති වලින් ආපු බූරු කාරයෝ ඔය පැදුරු උඩටම වැටිලා බුදියගන්නවා. ලඟපාත එවුන් හිමින් හිමින් ගෙවල් වලට යනවා. දිනපු එකෙක් ඉන්නවනම් බුදියගන්නෑ. රෑ එළි වෙනකන් ඇහැරිලා සල්ලි සාක්කුව එක අතකින් වහගෙන විමසිල්ලෙන් ඉන්නවා. පහුවදා උදේ පාන්දර පැදුරටත් නොකියා කට්ටියම මාරු වෙලා යනවා.


පහුවදා ඉතින් ගෙදර ගෑණු බලද්දි සමහර එවුන්ගේ ඔරලෝසු නෑ. සමහර එවුන්ගේ මාල නෑ. සමහර එවුන්ගේ බ්‍රේස්ලට් නෑ. ඉතිං ගෑණු ආවේශ වෙනවා.

“කෝ ඔල්ලෝසුව“

“තිබ්බා“

“බූරු පොලේද? නොදකින් මම දැනගත්තා රෑ වෙනකොට බූරු පොලට රිංගලා ඇති කියලා. යකෝ ඔයිට වඩා නරකද ඔය සරමත් උගස් තියලා හෙලුවැල්ලෙන් ආවනම්. සල්ලිත් ඉවරෙටම ඉවර ඇති. දැන් අද පොලී එක්කහු කරන්න ආවම මට වෙන්නේ උන් එක්ක බුදියන්න. කාලකන්නි මිනිස්සු“

පැරදිලා ආවම ඔය ආකාරෙට තම මනුස්සයාට බැන වදින ගෑණුම හදිසියේ දිනලා ආවොත් බොහෝම කරුණාවෙන් දයාවෙන් චාටුවෙන් තම ස්වාමියාට සලකලා සාක්කුවෙන් සැලකිය යුතු කොටසක් අවශෝෂණය කරගෙන ටවුන් යනවා.. එතකොට බූරු ගැසීම නරකක් ලෙස ඒ ගෑණු දකින්නේ නෑ.පැරදිච්ච එවුන් කරන්නේ ඉර මුදුන් වෙනකන් බුදියගන්න එක තමයි.

පහුවෙන්දා උදේට ගමේම ගෑණු උදවිය පෝලිමට මළගෙදෙට්ට යනවා. ඒකට කියන්නේ

“මේ උයන්ඩ යනවා“ 

කියලා. පහුවදා තමයි ඔය එක එක දුර පළාත් වල ඉන්න නෑයෝ..නොනෑයෝ.. ගම්මු...පිටගම්මු  ඔක්කොම එන දවස. ඉතිං එදාට මළගෙදර තදබදේ ගොඩාක් වැඩියි. 

ඔය එන ඔක්කොටොම සංග්‍රහ කරන්නත් කන්න බොන්න උයන්නත් ගෑණු උදවිය කොච්චර හිටියත් මදි. මැරිච්ච කෙනා හරි පවුලේ උදවිය හරි ගමේ ජීවත්වුනේ සමාජශීලිවනම් අත් උදව්වට සෙනඟ ඕනි පදං. ඉතිං මිනිහෙක් ගමක ජීවත්වෙච්ච විදිය දැනගන්න පුලුවන් මරණ ගෙදෙට්ට එන සෙනඟෙන්.

“ඔවුන්ගේ මරනෙකට බල්ලෙක්වත් නැතිවෙනවා. බලපල්ලකෝ...“

ගමේ මුලුතැන්ගැන්විලා ජීවත්වෙන මිනිස්සුන්ට අපේ ආච්චි විතරක් නෙවෙයි අම්මත් ඔහොම කියනවා මම අහන් ඉඳලා තියෙනවා.දැන් කුස්සියෙයි කුස්සියට අල්ලලා ගහපු හට්ටෙකෙයි ගෑණු උදවිය පිරෙනවා. කට්ටියක් පොල් ගානවා...කට්ටියක් හාල් ගරනවා. කට්ටියක් ළූණු සුද්ද කරනවා.. කට්ටියක් කරවල කපනවා..කට්ටියක් එළවළු කපනවා...කට්ටියක් ලිපට පිඹිනවා... ඩිංගිරිබංඩෙ අයියත් කුස්සියට රිංගගෙන කතාවක් දෙකක් කියලා ඒකේ ඉන්න ගෑණු හිනස්සලා ආයේ හට් කෑල්ලට ගිහිං ඒකේ ඉන්න ගෑණුන්ටත් හිනාවෙන්න ඔය මොකක් හරි කියනවා.ගෑණූ බක බක ගාලා හිනාවෙනවා.

“යකෝ මරණ ගෙදරක් ... හිමීට හිනාවෙයල්ලා...පිට මිනිස්සුත් ඇවිල්ලා ඉන්නේ“

තව ගෑණියක් ඔහොම කිව්වට එවෙලෙට සද්දෙ අඩු වුනාට ආයේ ටික වෙලාවකින් කැකිරි පැලිල්ල පටන්ගන්නවා.උදේ අට නමය වෙද්දි සෙනඟ එන්න පටන් ගන්නවා. දැන් ආයෙත් බාරොන් මාමලා නැන්දා ඇන්ජිම ස්ටාට් කරනවා.

“හයියෝ ඇයි මාව දාලා ගියේ...මාවත් අරං යන්ඩ එපැයි“ 

ආදී වසයෙන් කියමින් අඬා වැලපෙනවා.

දැන් ඔය එන මිනිස්සු හිස් අතින් එන්නෑ. මාරි පෙට්ටි...සීනි ..තේකොල..එළවළු..බුලත්...කෝඩියල් බෝතල් වගේ මළ ගෙදරකට අවශ්‍ය දේවල් අරං ඇවිල්ලා බාරොන් මාමලා නැන්දට වැඳලා උන්දැව අවුස්සලා ඔය ඒ අහල පහල ඉන්න පාර්සල් බාර ගන්න කෙනාට පාර්සලේ දීලා මිනියට වැඳලා එළියට ගිහිං ඉඳගෙන ඉලත්තට්ටුවට කුරුමානම් අල්ලනවා. පාර්සලේ ගත්ත කෙනා ඒ අහලම තියෙන පාර්සල් දාන්න වෙන් කරලා තියෙන කාමරෙන් ඕක තියලා එනවා. ඒ එනකොට තව පාර්සලයක්..ආය එනකොට තව පාර්සලයක්...ආය..ආය..ආය... කාමරේ මේස අල්මාරි පුටු ආදිය මදි වුනොත් යූරියා බෑක් එලලා බිමත් පාර්සල් අඩුක් කරනවා.

අපි ඔය එන කට්ටියට මාරි ඇල්ලීම කොඩියල් ඇල්ලීම ඉලත්තට්ටුවේ අඩුපාඩු බැලීම වගේ වැඩ සුවෙච්චාවෙන්ම බාරගන්නවා. ඕවා අල්ලන ගමන් කෝඩියල් වීදුරු තුන හතරක් ගුඩුස්..ගුඩුස් කියලා කටේ හලාගැනීමත් මාරි බිස්කට් අහුරු තුන හතරක් සාක්කුවේ ඔබාගැනීමත් අපේ සම්ප්‍රදායක්.ඔය අතරේ මඩුකොටන් අරාවේ නෑදෑ වෙන මහතුන් අයියා එනවා.එළවළු යූරියා බෑක්කෙක කුස්සියට දීලා අනික් බෑක්කෙක අරං කාමරේකට වැදෙනවා.  ටිලිං..ටිලිං..සද්දේ බෑක් වලින් ඇහෙනවා. ඒ කියන්නේ අරන් එන අරක්කු බෝතල් එකිනෙක ගැටෙන සද්දේ.

(මේ කතාවත් මරණයක් වගේ ඇදෙනවා. අන්තිම දවස ඒ කියන්නේ හෙට දවස ගැනත් ලියවෙන අන්තිම කොටහෙන් හම්බුවෙමු.) 

26 comments:

  1. යකෝ එම්බාම් එක නරක් වෙයි බොල.. ඉක්මනට පාංසකූලෙට ගනින්...
    නියමයි මචෝ.. උඹයි සුරංගයයි දෙන්නම එකයි.

    ReplyDelete
    Replies
    1. බූරු කාරයෝ වැඩේ පරක්කු කරන්න කුමන්ත්‍රණ කරනවා

      Delete
  2. යකෝ මෙහෙම මලගෙවල් අදිනකොට එම්බාං එකට මල් කාරය වැඩි ගානක් ගන්න එක අහන්න දෙයක්යැ.

    අර එතිල්ලට මොකවත් නැති උනොත් පත්තර කොළත් ගන්නව.
    උඹල දංසිරි අයියගෙ මල් ගහ සුද්ද කළා කියල ඒ දවස්වල ආරංචියක් තිබ්බ නේද?

    ReplyDelete
    Replies
    1. මරන ගෙවල්/රදන් පෙරහැර වගේ එවුවා බලලා යන්න එන්ඩ ඕනි මේ පැත්තේ

      Delete
  3. රවී අයියගෙ ලාංපු සංවේගය උදෙසා මෙයට එක කොමෙන්ටුවක් පමණක් දැමූ බව කාරුනිකව සලකන්න.

    - වලවෙට්ටුා® -

    ReplyDelete
  4. සුපිරි ලිවිල්ල, මලේ මරණේ ඉවර කරලා ඊළගට ගමේ සුබ කටයුත්තක් ගැනලියමු.

    ReplyDelete
  5. මළ ගෙයක් ඉවර වුණාම මාර පාලුගතියක් දැනෙන්නේ ඒක වෙන්ටෑ.............

    ReplyDelete
  6. මචෝ මලගෙදර බූරු ගහපුවාම තෝම මලගෙදරට දෙන්න ඕන නේද? දිනපු උනුත් කීයක් හරි දෙන සීන් එකක් නැද්ද?
    එලටම තියෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වෙලාවට තෝම එකතු කරන්නේ මළගෙදර ඥාතීන්ට සම්බන්ධ අය ... ඒ කියන්නේ මල ගෙදෙට්ට ... පිට පිට තුනක් ගැහුවම තමයි ගෙවන්නේ...

      Delete
    2. ගොඩාක් වෙලාවට තෝම එකතු කරන්නේ මළගෙදර ඥාතීන්ට සම්බන්ධ අය ... ඒ කියන්නේ මල ගෙදෙට්ට ... පිට පිට තුනක් ගැහුවම තමයි ගෙවන්නේ...

      Delete
  7. හිටින් මේක මුල ඉඳල කියෝගෙන එනකල්... මේ ටිකේ හිටියෙ නෑ...

    ReplyDelete
  8. ආයෙ කොහේ ඉපදුනත් බදුල්ල පැත්තෙ නම් මැරෙන්න එපා කියලා මං උදේ හවා ප්‍රාර්ථනා කොරනවා. මැරුණත් මෙහෙම දුක් විඳින්න පුළුවන්ද?

    ReplyDelete
  9. මේක මරන ගෙයක්ම නෙවෙන්නං. යකෝ ඔයහැටි ජාති ජාති බීල මැරියං. එතකොට හරි. නියම මරන ගෙදර.

    ReplyDelete
  10. මං ඒත් කල්පනා කළේ මළගෙදරක් උනහම පැට්ටො ඔතන්නැද්ද කියල.

    ReplyDelete
  11. ඔය ගේන පාර්සල් වලට පිල්ලි අරින එක ගැනත් ලියහං...

    ReplyDelete
  12. අපි පුංචි කාලෙ නං එම්බාම් කළේ ගෙදරමයි. මල් ශාලාවෙ උං දෙන්නෙක් විතර එනව මරණ ගෙදරට. උන්ට පොඩි පගාවක් විදිහට අරක්කු බාගෙයක් දෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. තාමත් මේ ගම්වල ඒවගේ දේවලුත් තියෙනවා

      Delete
  13. Kiyewwa.. api me e peththe wedakata yana gaman.. baye be yannath. .

    ReplyDelete
  14. ඉස්සර නං මමත් ඔය එතිල්ලට කප් ගහපු එකෙක් තමා...

    ReplyDelete
  15. ගොඩක් පහුවෙලා තමයි මේ පැත්තේ එන්න උනේ...

    ReplyDelete
  16. ටිකක් පහුවෙලා ආවේ, කලින් කොටසත් මිස් වෙලා තිබුනේ...
    දෙකම එක පාර කියවලා ඉවර කලා...
    මළ ගෙයක් උනත් ලස්සනට ලියල තියෙනවා, අපේ පැත්තෙත් ගොඩක් ගෙවල් වල මළ ගෙදරට සමගාමිව බුරු ගැසීම ජයටම යනවා. නමුත් ගෙදර අය අකමැති නම් ගහන්නේ නැහැ...
    බුරු ගැසිල්ල කොහොම වෙතත් බෝතල් නම් සෑහෙන ප්‍රමාණයක් එක රැයකදී හිස් වෙනවා...

    ReplyDelete
  17. ඔබතුමාගේ අඩවියට පය තිබ්බේ පලමුවතාවට. කොහොමද බූරු ගහනකොට කස්ටියට බීඩ් ඕනි වෙන හැටි.

    ReplyDelete
  18. අනිත් කොටස ලියන්ඩ කාලෙ හරි මේනක...

    ReplyDelete
  19. එක්දහස් නවසිය අනූ තුනේ අපේ මාම මැරිච්චි වේලේ ගමේ ඉන්න චන්ඩි පහේ එවුන් මල ගෙදර අපි එපා කියද්දී බලෙන් බූරු ගැහුවා කියහන්කෝ.. අපේ ගමේ නෙවෙයි ගාල්ල කිට්ටුව ගමක තමා මළගෙදර තිබ්බේ.. බූරු පිටිය ඉවර වෙලා තෝන් ගතපු චන්ඩියා තෝන් සල්ලි වලින් ගෙනාව පාන්, බනිස් ගෝනියක් මල ගෙදර එවුන්ට කන්න. අපේ අනික් මාම ඒ පාන් ගෙනාපු චන්ඩි මල්ලිත් එක්කම ගිංතොට පාල උඩට එක්කන් ගිහින් පාන් ගොනියම ගින් ගඟට හැලුව කියහන්කෝ.. තැනින් පහු මරණේ වැඩකරන දවස වෙනකල්ම උන් ආවේ නෑ බූරු ගහන්න..

    අද කාලෙනම් අපේ පැතිවල මරණයක් උනා කියන්නේ ජීවත්ව ඉන්න එවුන්ට බෙල්ලේ වැලදාගන්න වෙනවා යන වියදමේ හැටියට..

    ReplyDelete