බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, May 15, 2016

අමුතු ගම - 2 කොටහ

මගේ බ්ලොග් කළාවේ බ්ලොග් ෆාදර් වන සුරංගයා කිව්වා සේ ගමේ ටැලිපෝන් කණුව ජනගත වූ පසු මගේ කතා අහල පහල එවුන්ගේ නෙත ගැටීමෙන් සිදුවන ව්‍යවසනයෙන් ගැලවීමට සියළුම නම් අන්වර්ත කිරීමට සිතුවෙමි. තැන්කිව් සුරං... බෝ ඉතිං දුරදිග බලනවා නොවැ.
ඔය අනියං සම්බන්ධකන් පටන්ගන්න ගෑණු ගොඩක් උස්සහ කරන්නේ පිටගං කාරයොත්තෙක්ක ඕවා පටන්ගන්න. ඒ මොකද ගමේ ඕවා පටන්ගත්තම ඕවා පද වෙලා ඒවට තටු ඇවිල්ලා එහා මෙහා ඉගිලිලා යන හින්දා. ඒත් පිට එවුන් එක්ක පටන්ගන්න අනියන් සම්බන්ධකන් ඊට වඩා වේගෙන් ප්‍රචාරය වෙනවා. පහුගිය කාලේ පාර හැදෙනකොට පාරේ සුළු සේවකයගේ ඉඳන් ඩෝසර් කාරයන් ඕවර්සියර්ලා දක්වා හැම මිනිහෙක්ම ගමෙන් වැඩක් කොරගත්තා. ඔය කාරයෝ ඉන්නවා නේද ඒ කියන්නේ ත්‍රීවීල් කාරයෝ..ලොරි කාරයෝ .. බස් කාරයෝ..ඩෝසර් කාරයෝ... ඔය වගේ කාරයෝ තදින් බීමට ඇබ්බැහි වෙලානෙ ඉන්නේ.බොනවනම් කමක් නෑ. ගංජා සුරුට්ටුත් උරනවනේ. ඉතිං පාර හදන කාලේ උන් ගමේ පිරිමිත් එක්ක එකතු වෙලා රෑට උන් එක්ක බොන ගමන් අර ඔක්කොම රස කර කර ගමේ එවුන් එක්ක කියවනවා. පහුවදා අර කතා වේගෙන් ගමේ ඉහල පහල යනවා. සමහරු ගෑණු එක්ක බුදියගත්ත කියලා අරක්කු ගෙනල්ලා පාටි පවා දාලා තිබ්බා. අර කවුද මන්තිරි කෙනෙක් සීයක්ද කොහෙද පැන්නුවා කියලා පාටියක් දැම්මා වගේ.ඉතිං ඔය විදියට බලනකොට ඒ දවස්වල ගමේ පාටි දෙසීයක් තුන්සීයක්කත් තියෙන්න ඇති. ඔය පාර හැදෙන කාලේ මම ගමේ හිටියේ නෑ. මම නිවාඩු ආවම එක එකාගෙන් අහන්න ලැබිචිච කතා අවශෝෂණය කරගෙන තමයි මේක ලිව්වේ. ඩෝසර් කාරයෝ ඕක අතිමුත් දාලනේ ගමේ එවුන්ට කියන්නේ. ගමේ එවුමුත් අතිමුත් දාලනේ ඕක මට කියන්නේ. මාත් අතිමුත් දාලනේ ඕක ලියන්නෙ. ඉතිං ඔය කතා වල අතිශෝක්තියකුත් ඇති.ඉතිං ඩෝසර් කාරයෝ ගමෙන් ගියා. ගෑණුන්ගේ මූණු වල ගෑවිච්ච දැළි තාම එහෙම්මයි. ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ කියන්නේ ඕකනේ.
ඕක ඒ කියන්නේ අනියන් සම්බන්ධකම් අපේ ගමේ අපේ පලාතට විතරක් නෙවෙයි මුලු ලංකාවටම විතරක් නෙවෙයි මුලු ලෝකෙම වසාගත්ත ව්‍යවසනයක්. ඕක ගැන අපූරු බණක් දඹර අමිල හාන්දුරුවෝ දවසක් පුංචි තිරේ දේශනා කලා. ලංකාවේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඕක 75% තියෙනවළු.
ඕක සිංහල රජ සමය දක්වාත් යනවා. ඕක ගැන රොබට් නොක්ස් එදා හෙළදිව පොතේ නියමෙට ලියලා තිබ්බා. රජ කාලේ ගැහැණුන් සිය සොර වල්ලභයා හමුවන්න තෝරගත්තේ කැලෑවළු. ගොඩාක් වෙලාවට කලින් කතිකා කොරගත්තු වෙලාවක දර කඩන්න කැලේට යන මුවාවෙන් කැලයට ගොස් තම සොර සැමියා සමඟ රිසි සේ හැසිරී ආපසු එන ගැහැණුන් ගැන ලියලා තිබ්බා. ඒ වගේම තම සැමියා හේන් රකින්නට රාත්‍රියට නිවසින් පිටවූ පසු සොර සැමියන් නිවසට ගෙන්වා ගන්නා ගැහැණුත් සොර සැමියා නිවසට පැමිණීමට පෙර තමා පැමිණි බව දර කෝටුවක් කැඩීමෙන් හෝ බුලත් කොලයක් ඉහලින් ගෙට දැමීමෙනුත් දන්වන ආකාරයත් සටහන් කොරලා තියෙනවා.ඒ කාලේ පෝන් තිබ්බ එකක්යැ. ආය ඒ කාලේ නීතියක් තිබ්බළු බිරියක් සොර සැමියා සමඟ සිට සැමියාට අහුවුනොත් ඉතිං සැමියා සොර සැමියාව ඇස්වලට දැක්කොත් ඔහුව එතැනම මරා දැමීමට සැමියාට පුලුවන් කියලා. ඉතිං මේකට උපක්‍රමයක් විදියට සොර සැමියා නිවසට ඇතුලු වූ පසු දොර අසල අළු කුල්ලක් තබාගැනීමට ගැහැණුන් පුරුදු වෙලා හිටියළු. හදිසියේවත් සිය සැමියා ආවොත් ඔහුට අළු කුල්ලෙන් දමා ගසා සොර සැමියා නිවසින් පිටත් කරන්නට කාන්තාවන් සූක්ෂම වෙලා හිටියළු. “අළු කුල්ලෙන් ගැසීම“ කියන්නේ ආන්න ඒකටළු. අළු කුල්ලෙන් මුහුණට ගැසීම නිසා සොර සැමියා හඳුනාගන්නට සැමියාට හැකි වෙන්නේ නැතිලු. ගැහැණුන් තම සැමියාට වඩා සොර වල්ලභයන්ට එක සිතින් ආදරය දැක්වුවාළු. ඔව්වා ගැන ලියවෙච්ච ජනකවිත් බොහෝමයි...ඒ රජකාලෙලු. මේ අබුද්දස්ස කාලෙලු.
 “අඩෝ ගමේ වැල ගමේ කපුටන්ට ... හරී...“
කොහොම වුනත් මාත් තීරණේකට බැස්සා.
“මාත් ලොකු වුනාම ඩෝසර් කාරයෙක් වෙනවා...“__________________________________________“කවුද බොලව් ඊයේ හවස මෙතන තිබ්බ පුවක් වල්ල කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. අම්මට හැ####. මම යනවා කාලි කෝවිලේ. කපනවා ඔවුන්ට පඬුරු. හැඳිගෑවිලාම යන්න.“
පුවක් ඉදෙන කාලෙට අපේ ආච්චි ආරූඪ වෙන්නේ ඔන්න ඔහොම.
ඔය දන්සිරි අයියා ඉන්නවා නේද? දන්සිරි අයියා කියන්නේ අපේ තාත්තගේ නංගිගේ එහෙමත් නැත්තං ආච්චිගේ දුවගේ පුතා.  පොඩි කාලේ කරපු දඩබ්බරකන් නිසා පංසලක මහණ කරන්න ගිය වෙලේ
“දියං මට පුලුවන් ඕකව හදන්න“
කියලා ආච්චි දන්සිරි අයියව අරන් ඇවිල්ලා හදලා තියෙන්නේ. දැන් ඉතිං කරදඬු උස් මහත් වෙලා. ඒත් අර දඩබ්බරකන් එහෙම්මයි.
ගමේ පුවක් ඉදෙන කාලෙට ගමේ මිනිස්සු පුවක් ගස් දිහාම ඇහැ ගහගෙන ඉන්නේ. ඒත් මොන... සමහර මිනිස්සු ගෙට ගිහිං ආපහු එළියට එන ඇසිල්ලෙන් සමහර පුවක් වලු අතුරුදහන් වෙනවා. හොරා හරි හොරු කාංඩේ හරි අල්ලන්න ගමේ මිනිස්සු කොච්චර උත්සහ කලත් ඒවා ඉතිං ගඟට කපපු ඉණි වගේ තමයි.
ඇයි ගල්ලත්තේ ආච්චිගේ තැඹිලි ගස් දෙකේ තැඹිලි වළු..රෑ එළි වෙනකන් ඇහැ ගහගෙන හිටියත් මොන පරිස්සම් කිරිල්ලක්ද?
“ගිය පාර මගේ තැඹිලි වළු දෙකම කඩන් ගියා. මට ඔය දන්සිරියා තමයි විශ්වාස නැත්තේ.“
ගල්ලත්තේ ආච්චි කියපු කතාවක් අපේ ආච්චිගේ කණේ වැටිලා අපේ ආච්චි කියල දුන්නලු ගල්ලත්තේ ආච්චිට කන් දෙකේ ඇඟිලි ගහගන්න.
“දන්සිරියා කොහේ හොර පොල් බාන්නද බං. ඕකා ගොම්මන් වෙනකොට මට එහායින් ඇඳේ හැමදාම බුදියගන්නේ. එළි වෙනකන් ගොරෝ ගොරෝ බුදි. උඹේ තැඹිලි බාපු එකෙක් පේනයක්කත් බලල හොයාගනින්. අහිංසක ඌ අල්ලන්නේ නැතුං.“
හතර පෝයටම සිල් ගන්න අපේ ආච්චි මුසාවාදා සික්ෂා පදය සුනු විසුනු කල්ලා දානවා. දන්සිරි අයියා එක රෑකවත් ගෙදර හිටියා මටනන් මතක නෑ. කොහේ හරි බොන්ඩ ගිහින් ගෙදර එනකොට රෑ දොලහ එක වෙනවා.
“ආච්චි...ආච්චී.. දොර අරින්ඩ“
“මොන මල වදයක්ද බං හැමදාම රෑ පාන්දර වෙනකන්.. මට නිවී සැනසිල්ලේ බුදියගන්නවත් දියං“
දන්සිරි අයියට බැන බැන ආච්චි හැමදාම දොර අරින්නේ එහෙම.
දන්සිරි අයියා ඉගෙනගත්තෙ නෑ. කැලෑ පැන්නා කියල තමයි ආච්චි කියන්නේ. ගමේ කුඹුරු කොටන කාලෙට කුඹුරු කොටනවා. ගොයම් කපන කාලෙට ගොයම් කපනවා. අල හදන්න බිඳින කාලෙට බිඳිනවා. ඔය මොකක්කත් නැති කාලෙට එම්.බී.බී.එස් (මේසෙන් බාස්ට බදාම සප්ලයි) කරනවා. (ඕක ඉතිං උසස්පෙල ඉවර වෙලා මාත් කරපු පලවෙනි ජොබ් එකනේ) කොටින්ම කුලී වැඩ කරනවා.එවුවගෙන් හම්බුවෙන සල්ලි වලින් ආච්චිට කීයක් හරි දීලා..ඉතුරුවගේ රා බොනවා..අරක්කු බොනවා...බ්‍රිස්ටල් බොනවා... කඩචෝරු කනවා.. චිත්‍රපටි බලන්න යනවා.. බදුල්ලේ රෙක්ස්..කිංස්..මොඩන්... ඒ මදි වුනොත් බණ්ඩාරවෙල සීගිරි..එත්විල් හෝල් වල පැල් බැඳගෙන පිචර් බලනවා. පැල්ලැහැ රේන්දපොලේ කඩෙන් පුස්නාම්බු..හුලං ඉස්කෝතු.. ඉස්කිරිඤ්ඤා .. කඩචෝරු කනවා.. ඔය මං ඉන්නවා නේද? මාත් ඉස්සෙල්ලම පිචර් එකක් බැලුවේ දන්සිරි අයියට පිංසිද්ද වෙන්න.. “රජ කෙල්ලෝ“ තමයි ඒ පිචර් එක. ඇයි ඉස්සෙල්ලම කිතුල් රා ටිකක් බිව්වෙත් දන්සිරි අයියට පිංසිද්ද වෙන්න. ඉස්සෙල්ලම සිකරට්ටෙකක් බිව්වෙත් දන්සිරි අයියට පිංසිද්ද වෙන්න. ඇයි දන්සිරි අයියා නැත්තන් අපි කොහොමද පුස්නාම්බුයි බුල්ටොයි කන්නේ.. ඇයි දොඩන්බික් සීනිබෝල..මං ඔය දන්සිරි අයියට විරුද්ධව එක වචනයක්කත් කියන්නැත්තේ ඒකයි.“චූටි පැල්ලැහැ කඩේට ගිහිං බිස්ටල් දෙකයි බීඩි රුපියල් දහයකයි අරං ඉතුරු එවුවගේ මොනා හරි කාපං... හැබැයි විජිත බීඩිම ගෙනෙන්“දන්සිරි අයියා මට ප්‍රවාහන ගාස්තු ගෙවන්නේ එහෙම.දැන් ලපටි ගැට මෝරාගෙන එන තැඹිලි ගස් දෙකේ පළදාව මේ පාරත් හොරුන්ගේ ග්‍රහණයෙන් මුදෝගන්න ගල්ලත්තේ ආච්චි උපක්‍රමයක් යොදනවා. කවුදෝ ගලවපු කටු කම්බි ගෙනැල්ලා ඉනිමගක් තියලා තැඹිලි ගහේ බාගයක් විතර උඩට නැගලා කටුකම්බි ගහේ උඩ ඉඳන් පහලට වෙලාගෙන වෙලාගෙන ඇවිල්ලා ගහ මුලට තව වැල් නිදිකුම්බා වැලුත් දානවා. ගස් දෙකටම මෙහෙම කරලා ආඩම්බරෙන් ගස් දෙක දිහා බලාගෙන ඉන්නවා. තව ඉතිං ගමේ ඇවිද ඇවිද තමන්ගේ උපක්‍රමය ගැන පුරසාරම් කියනවා. අපේ ගෙදර ඇවිල්ලා ආච්චිත් එක්කත්  කියවනවා.
“මේ පාරනන් හොර හැතිකරේට යස පාඩමක් ඉගැන්නුවා. ගිහිල්ලා බලපංකො තැඹිලි ගස් දෙකටම කටු කම්බි ගැහුවා. ආය මොන ජගතෙට්ටවත් බෑ හොරෙන් තැඹිලි බාන්න. අර කටුකම්බි ටිකක් ඇති. අරං ඇවිත් උඹේ පුවක් ගස් ටිකෙත් ගහ ගනින් ඕන්නන්“
ගොලෑ වීගෙන එන ආච්චිගේ පුවක් ගස් වල වලු දිහා බල බල ගල්ලත්තේ ආච්චි කියවනවා.
“ගිය පාර හොරු පුවක් කැඩුවට ලෙස වෙන්නෑ මේ පාර කැඩුවොත්... ඇත්තමයි යනවා කාලි කෝවිලේ..අල කොල මියන කොල වගේ හැඳිගාවනවා ඕකුන්ව..“(ඊලඟ කෑල්ලෙන් හම්බුවෙමු...) 

17 comments:

  1. අර පඪුරු කැපිල්ල කියන එක මොකද්ද බං? කම්බි කපන කතුරෙං අර පඪුරට බඳින කාසිය කපනවද? පඪුරු බැඳිල්ල නං මාත් දන්නව. මට දැං කොයි වෙලාවෙ හරි බොලෑ ගෙදර එන්න හිතෙනව ඔය දංසිරි අයිය හම්බෙලා අර රාජිත මහත්තැං අවසර දුන්නු පැලෑටියක් පානය කරන්න.

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් බොමු බොමු

      Delete
    2. ආ මේ රදං බලන්න වරෙන් හාලි ඇල්ලේ

      Delete
    3. ආ සුරංගම්ල්ර් ෆාදර්.අපෙත් බ්ලොග් පෝස්ට් එකක් වචනයක් නෑර කියවීමේ ෆාදර් කොහොමවෙතත් බාප්පවත් ඔබතුමා තමයි

      Delete
  2. හොර පොල් කාරයන්ට කරන්න හොද වැඩක් තියනවා බ්ලේඩ් තල කෑලි පොල් ගහේ කදේ පැලුම් වල ගහන එක. ආයි නගින්නෙ නෑ

    ReplyDelete
  3. යකෝ නොක්සුත් හොයලා තියෙන ජාති නේද??????? අළුකුල්ලේ කතාව සුපිරියි......

    ReplyDelete
    Replies
    1. ආයේ පටන් ගනීද මංදා අලු සෙල්ලම

      Delete
  4. එළ මචං...
    පොඩ්ඩ පොඩ්ඩ ලියන එකේ එක්කෝ ළඟ ළඟ පෝස්ට් දාහන්, නැත්නම් පෝස්ට් එක දික් කොරාපිය...

    ReplyDelete
    Replies
    1. ටවර්‍ එක තාම ටෙස්ටින්

      Delete
  5. ඔය ශ්‍රංගය කියන කියන ඒව කොරන්න ගිහිල්ල බොලා ලොකු අමාරුවක වැටෙනව කොයි වෙලාවක හරි සෙනිකවම.

    දැං ඔය ඩෝසර්කාරයෙක් වෙන්න බර වාහන එහෙම එලෝල පුරුදුවෙනව ඇති නෙහ්.

    ReplyDelete
    Replies
    1. ආයේ අහන්නෑ ඌ කියන එවුවා

      Delete
  6. පොල් ගස් වලට බ්ලේඩ් ගැහිල්ල,මඤ්ඤොක්කා ගස් වලට බ්ලේඩ් ගැහිල්ල,ඉඳිකටු ගැහිල්ල එහෙම දැං නිතර නිතර කරන වැඩ වෙලාද මංදා.. ඇයි බං රා කලේට වහ දාන එක? ඒක නං 'මගෙ ගස් වලින් එකකට වහ දාල තියෙන්නෙ.. හොරට බාන එවුන් මැරිලම යන්ට' කිව්වට වහ දාන්නෙනම් නෑ.. ඒත් බයට කවුරුත් බොන්නෑ.තරහට ඔක්කොම හලල දැම්මට... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දන්සිරි අයියත් රා පෙරනවා

      Delete
    2. ඔය රා කේස් නම් හරි දරුණුයි...වාද්දුවේ අපි සෙට් වෙන කාලේ අරක්කු මදිවුනාම හොරෙන් රා බානවා. පස්සේ කාලෙක මී පාසානම් දාලා තිබිලා දෙන්නෙකුට අමාරුවුනා.

      රා මදින අයගේ ඇතුලේ කචල් නිසා මිනීමැරුම් පවා වෙනවා. අතුරේ උඩ ලනුව බුරුල් කරනවා වගේ වැඩ හෙන මාරාන්තිකයි. මීයොත් ඔය අතුරෙ ලනු කපනවා.

      Delete
  7. //දඩබ්බරකන් නිසා පංසලක මහණ කරන්න ගිය වෙලේ//
    අඩේ අර බඩු බලේ ලොකු උන්නාසේ මතක් උනා කියාන්කෝ මේක කියවද්දී.

    ReplyDelete
  8. ගම නගරය කියල නෑ, පනින එකා කොහෙත් පනිනවා කොටු..

    ReplyDelete
  9. නියමයි.. පුංචි ගැටළුවක්? ඩොසර් කාරයා ළඟ ඉඳලා දන්සිරි අය්යා ලඟට පැන්නේ ඇයිද කියලා තේරුණේ නෑ...

    ReplyDelete