බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Tuesday, May 3, 2016

අමුතු ගම ....

ඔන්න මම උඩහ රත්නායක බාප්පලගේ කඩේට ගිහින් පල්ලැහැට එද්දි අපේ ගෙවල් වලට උඩින් පාරේ කලුබංඩෙ බාප්පයි .. දන්සිරි අයියයි.. සුමනේ අයියයි.. මංතිරි අයියයි.. ටී.ඩී. සුමනයි..නීටා අක්කයි..නිලානීයි..වල් මහත්තයයි..පතන් බංඩෙයි කට්ටියම පාර අහුරගෙන හිටියා.


“ඈ බොල චූටියෝ තෝ නේද අපිව පාවා දීලා ඒ මදිවට ගමත් පාවලා දීලා ඉන්ටනේට්ටෙකට එක එක විකාර දාන්නේ... තෝ කාගෙන් අහලද ඔව්වා කරන්නේ.. හිටපිය තෝ එනකන් තමයි හිටියේ අල්ලගන්න “


කියපි. කලුබංඩෙ බාප්පගේ අතේ පොල්ලක්.. දන්සිරි අයියගේ අතේ ගලක්. අනිත් ගෑණූ අතේත් කොහු ඉදල් හට්ටි..මුට්ටි.. එනපොට හොඳ නෑ කියලා දැනගත්තු මං ආයෙත් හැරිලා පාරේ උඩහට පන කඩන් දුවද්දි කට්ටියම මාව පන්නගෙන ආවා. දන්සිරි අයියා අතේ තිබ්බ ගලක් අත ඇරපි. ගල ඇවිල්ලා තරු ගොඩාක් විසි කරලා මගේ ඔළුවට පත බෑ වුනා.


“බුදු අම්මෝ“


මං විලාප දීගෙන ඇහැරුණා. යකෝ ඒක හීනයක්ද?...


මේ කමියා කොහේ ගියාද? අපේ ඉස්කෝලේ පැත්තේ යන්න එනවා කිව්වා. එනකන් බලන් ඉන්නවා. මම පින්සිබොල්ට ඔත්තුව දීලා පණිවිඩ පිට පණිවිඩ එවනවා. ආ. එගොඩ ගුන්තිලක මාමලගේ කුඹුරේ ටවර්රෙකක් ගහනවා . ගමේ එවුන්නම් කියන්නේ සෙල්ටෙල් කනුවක් ගහනවා කියලා.සෙල්ටෙල් මැරිලා කොච්චර කල්ද? මොබිටෙල්ලෙකෙන් තමයි කණුව ගහන්නේ. එතකොට අවුලක් නෑ. ගෙදර හිටන්ම වැඩේ කරතෑකි. ඒ කියන්නේ ලියන වැඩේ කරතෑකි.(නැත්තං වෙන මොකක්කත් හිතයි) අනික් එවුන්ගේ බොග් බලන්නත් කොමෙන්ට් කොටන්ඩත් එතකොට පුලුවන්.


ඒක මහා විකාර ගමක්. අවුරුදු දහයක් පහලවක් සියනෑ කෝරළේ කරක්ගහපු මට ගම මහා විකාරයක් වෙලා. ගමේ ගැමිකම සිරියාව බල්ලට ගිහිල්ලා. තැන තැන පොෂ් වෙන්න මාන බලන මිනිස්සුත් අසීමිතව කොටු පයින ගෑණුත් තම තමන්ගේ තත්තේ ගැන පම්පෝරි ගහන මිනිස්සුත් තමයි දැන් ඔය ගමේ ඉතුරු වෙලා ඉන්නේ. ආණ්ඩුවේ රස්සා කරන එවුන් හරියට බිල් ගේට්ස් උන්නැහේ ලඟ වැඩ කොරනවා වගේ උඩින් යන්නේ. ආණ්ඩුවේ රස්සා කරන එවුන් ගැන මං මුලින්ම ඉගෙනගත්තේ අපේ ඉස්කෝලෙන්. ඒ දවස්වල පංතියේ අපිට මොකක්හරි වැඩක් දීලා කොට්ට උර මැහීම තේ බීම කයිවාරු ගැහීම වගේ වැඩ කරපු අපේ ගුරුවරුන්ගෙන් තමයි ආණ්ඩුවේ රස්සා වල දිග පලල උස මහත මන් ඉගෙනගත්තේ. දැන් ඔය ගොවි නියාමක පට්ටම ලැබිච්ච කෘෂිකර්මේ ගැන මෙලොව දැනීමක් නැති උඩහා නිලානී ගමේ කුඹුරු වගා කොරලද කියලා බලන්නේ එගොඩහ ගොඩේ තමන්ගේ ගෙදර ඉඳන්. ආය බස්සෙකේ එහෙම යන්නේ මහ ඒජන්ත නෝනා වගේ තමයි. පහුගිය කාලේ පොහොර හුටපටේකටත් නම ඈඳිලා තිබ්බා කියලා කතාවක් එහේ මෙහේ ගියා.


ගොවි සමිතියේ සබාපති අපේ කලු බංඩේ බාප්පා දික්කලිසමකුත් ගහන් ෆයිල් එක්කුත් කිහිල්ලේ ගහගෙන ගමේ උඩහ පහල කරක් ගහන්නේ බොහෝම උජාරුවෙන්. ග්‍රාමසේවක මහත්තයටවත් නැතුව ඇති උන්දැට තියෙන වැඩ. පහුගිය කාලේ රස්සා අරං දෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගත්තා කියලා කතාවකුත් ගම වටේ ඉගිල්ලුනා.


මහාමාර්ගේ වැඩ කොරන පල්ලැහැ නීටා අක්කට ගමේ මිනිස්සු කියන්නේ මහාමාර්ග ඇමතිතුමිය කියලා. ඒ තරම් බලපරාක්‍රමයක් තියෙනවා වගේ තමයි ඉන්නේ. ගමේ දුප්පත් මිනිහෙක් පාර අයිනේ තියාගෙන බඩ ඉරිඟු කරලක් වික්කත් රෙද්ද උස්සගෙන එන නීටක්කාට එයාගේ අයියා පාර අයිනේ සුදු ඉර උඩ ගහලා තියෙන අට්ටාලෙනම් තාම පෙනිලා නෑ වගේ. අර ඇල්ල පැත්තේ හෝටල්කාරයෝ පාර මැදත් හෝටල්  ගහලා තියෙනවා එවුවා පේන්නෙත් නෑ.


ගිය පාර ප්‍රාදේශිය සබා දිනලා මන්තිරිකමක් ගත්ත එගොඩ සජිත් ඇති තරන් හොරකන් කරා කියලා තමයි ගමේ මිනිස්සු කියන්නේ.නිධන් දෙකතුනකුත් ගොඩදාගත්තළු. දැන් ඔය වාහනයක් දෙකක් තියන් හිටියත් ඊගාව ඡන්දෙට ඡන්දෙ හිඟාගෙන ආවොත් කොස්සෙන් ගහනව කියල කියනවා මට ඇහිලා තියෙනවා.


ඉතිං ඔය ගමේ ඇටෙන්ඩන් පට්ටමක් අරගත්තු එවුන් ඉන්නේ මහ ඉස්පිරිතාලේ මිසීලා වගේ. මිසී පට්ටමක් ගත්තු එවුන් ඉන්නේ මහ ඉස්පිරිතාලේ දොස්තරලා වගේ. හොඳ වෙලාවට දොස්තර පට්ටමක් ගත්ත එකෙක් ගමේ නෑ. හිටියනම් ඉඳියි මහ රජ්ජුරුවන් වහන්සේ වගේ.එක දවසක් බදුල්ලේ ඉස්පිරිතාලෙ කිලිනික් එකට ගිහින් ඇවිත් අපේ ආච්චි ඇටෙන්ඩන් පට්ටමක් දරන ........ අක්කාට බැනවදිනවා මට ඇහිලා තියෙනවා.


“නොදකින් අර ඉස්පිරිතාලේ අතුගාන නල්ලමලේ බඩ්ඩ. මම තුංඩුවක් ගන්ඩ පොලිමේ ඉද්දි මාව දැකලත් නොදැක්කා වගේ අහක බලාගෙන ගියානේ. තුංඩුවක් අරං දෙන්න වෙයි කියලා වෙන්ඩ ඇති. නොදකින් ඕකි හිතං ඇති ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා ඒකී කියලා. යකෝ අපිත් වත්තේ පුල්ලේ කාමරේ වැඩ කරපු ගෑණු. ආවදෙන්කො ඕකිගේ මහ එකී.. පට්ටන්තර කියවන්න. කියලා දෙන්නං මම ලුණු ඇඹුල් ඇතුව“


ඉතිං ඔය අමුතු ගමේ මිනිස්සුන්ට අමුතු ලෙඩක් තියෙනවා. ඒ තමයි අනුන් කරන දේ කිරීම. කවුරු හරි සැටලයිට් ඇන්ටනාවක් ගෙනැල්ලා වහලක හයි කරලා තියෙනවා දැක්කොත් මුළු ගමේම එවුන් සැටලයිට් ඇන්ටනා ගේනවා. ගෙදර ටීවී එකක් නැතත් සැටලයිට් ඇන්ටනාවක් ගෙනල්ලා හයි කොරගන්නවා. ටෙලිකොම් ලයින් තියෙන ගෙවල් වලට පියෝ ටී.වී ගන්න පුලුවන් උනත් ඒක ගමට නොපෙනෙන නිසා එවුමුත් සැටලයිට් ඇන්ටනා ගෙනල්ලා ගමට පේන්න හයි කරගන්නවා.


එක කාලයක් ගමට තිබ්බා ටුවෙල් ටෙන් ලොරි උණක්. උක්කුවා පිනෑන්ස් කරලා ටුවෙල් ටෙන් ලොරියක් ගෙනාවේ මේකෙන් කරන්නේ මොනාද..දුවන්න හයර් තියෙයිද කියලා පූර්ව නිගමනේකින් තොරව.. ඉතිං කීයද්දෝ හොයාගෙන අතිමුත් සල්ලි දීලා පිනෑන්ස් කරලා ලොරිය ගෙනල්ලා ගෙට උඩින් පාරේ නවත්තලා තිබ්බා. වැඩක් නෑ. ගඩොල් අදිනවා.. එළවළු අදිනවා... දළු අදිනවා ... තේ පෙට්ටි අදිනවා... බජාර් බඩු පටවනවා... එක එක මනෝ විකාරයන් උක්කුවගේ හිතේ ඇඳිල තිබ්බත් එක වැඩක්කත් හම්බුන්නෑ. දැන් උක්කුවා ලොරියක් ගෙනාව ගමන් ගමේ උන්ට ඉන්ඩ බෑ. අපේ ආච්චිනන් කියන්නේ උන්ට දැවිල්ල හැදෙනවා කියලා. ගමේ එවුන් හය හත්දෙනෙකුත් ලොරි ගෙනාවා. පිනෑන්ස් කරලා තමයි. උන්ටත් ඉතිං කරන කර්මාන්තයක් ගැන මෙලොව සැලසුමක් නෑ. උක්කුවාට පුලුවන්නම් අපිට බැරි මොකද? ඉතිං උමුත් ලොරි ගෙනල්ලා පාරේ උඩ නවත්තලා තිබ්බා. මාස දෙක තුනක් ගියාම උක්කුවගේ පිනෑන්ස් ඇරියස් වෙලා ලොරිය පිනෑන්ස්සෙකෙන් ඉස්සුවා... ඊගාව මාසේ.. ඊගාව මාසේ වශයෙන් අනිත් ලොරිත් පිනෑන්සෙකෙන් ඉස්සුවා. දැන්නන් ගමේ එක ලොරියක්කත් නෑ.


ත්‍රීවීල් කෙරුවාවත් ඔය වගේම තමයි. ගමේ සැලකිය යුතු ත්‍රීවීල් ප්‍රමාණයක් පිනෑන්සෙකෙන් ඉස්සුවා. දැන් තියෙන්නේ ගෙවල් හැදිල්ලේ පිස්සුවක්. ගමේ එකෙක් ගෙයක් හදන්න පටන්ගත්තම මුලු ගමම ගෙවල් හදන්න පටන් ගන්නවා.


ඉතිං කවුරු හරි ලොරියක් ගත්තොත් මුලු ගමම ලොරි ගන්නවා. කවුරු හරි සැටලයිට් ඇන්ටනාවක් ගත්තොත් මුලු ගමම ඇන්ටනා ගන්නවා. කවුරු හරි ත්‍රීවීල්ලෙකක් ගත්තම මුලු ගමම ත්‍රීවීල් ගන්නවා. කවුරු හරි ගෙයක් හැදුවම මුලු ගමම ගෙවල් හදනවා. කවුරු හරි ගෑණියෙක් ගෙනාවම මුලු ගමම....................... ආ...නෑනේ..


තව ඔය දැන් ඉන්න පොඩි එවුමුත් අමුතු වෙලානේ. අවුරුදු දොලහ දහතුන වෙද්දි උන් බියර් ටින් එක කටේ හලාගන්න පුරුදු වෙනවා. තව ඔය කෙල්ලෙක්ට පැණි හලන්න වගේ ඒවටත් යොමු වෙනවා. අවුරුදු දාසයේ දහ අටේ කොල්ලෝ ගංජා සුරුට්ටුව ගහන්න සොහොන් කන්දේ පඩිපෙල දිගේ නගිනවා. උන්ට ඔය ඔන්චිල්ලා හැදිල්ල අවුරුදු උස්සව පැවැත්වීම චක් ගුඩු පැනීම පංචා ගැහිල්ල වගේ අපි පුංචි කාලේ ලබපු අත්දැකීම් ලැබෙන්නේ නෑ. කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඕවගෙන් මිදිලා උසස් අධ්‍යාපනයේ පල නෙලාගෙන සරසවියට යනවා. ඒක වෙන්නේ ගොඩාක් කලාතුරකින්.කෙල්ලෝ ඉතිං බස් කොන්දොස්සරලාගේ ත්‍රීවිල් කාරයන්ගේ වගේ එවුන්ගේ බැල්මට වසඟ වෙලා කලින්ම විවාහ දිවියේ මිහිරියාව විඳගන්නවා. සඳ පහන් රැයේ තමන්ගේ සහකරුවා සමඟ ගෙයින් හොර රහසේ නික්මෙනවා. උන් දන්න ලොකුම රස්සාව තමයි බස් කෙරුවාව..ත්‍රීවීල් කෙරුවාව..ඩෝසර් කෙරුවාව.. අවුරුදු දහඅට දහ නවය වෙනකොට පොඩි එක්කුත් වඩාගෙන එහෙට්ට මෙහෙට්ට දුවනවා. හරියට අපි බන්දලා දුන්නා වගේ. තවත් සමහර කෙල්ලෝ බස් ඩැයිවර්ලගේ කොන්දොස්සරලගේ ත්‍රීවීල් කරයන්ගේ ඩෝසර් කාරයන්ගේ හාලි ඇල්ලේ මුස්ලිම් කොල්ලන්ගේ ඇමට අහුවෙලා රැවටිලා ජීවිතේම කාලක්න්නි කරගන්නවා. ත්‍රීවීල් කාරයෝ .. ඩෝසර් කාරයෝ.. බස් කාරයෝ.. අඩියක් ගැහුවම ඉතිං තමන්ගේ කෙරුවාව පුරසාරම් විදියට අතිමුත් බොරු ගොඩක් දාලා තැන තැන කියවනවා.

“මම ඕකිව අරං අරෙහේ ගියානේ..මෙහේ අරං ගියානේ“

 වගේ මෙතන ලියන්න බැරි ඒවත් කියෝනවා. එතකොට ඉතිං ඕවා ගම්වල ප්‍රසිද්ධ රහස් බවට ග්‍රන්ථාරූඪ වෙනවා.ගෑණුනම් ඉතිං තමන්ගේ මිනිහට අමතරව තවත් අතිරේක මනුස්සයෙක් හරි දෙන්නෙක් හරි හොයාගෙන ඌව ගොනාට අන්දගෙන පූර්ණ පරපෝෂිතයෙක් විදියට ජීවත් වෙනවා. අර මිනිහගේ මුලු සේසතම අවශෝෂණය කරගන්නවා. ඒ මිනිස්සුත් ඉතිං පුංචි ආස්වාදෙකට තමන් හම්බු කරගත්ත සේසතම දන් දීලා කන්ද දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවා. ඔය මිනිස්සුත් බිව්වම තැන තැන ඔව්වා කියව කියව ඇවිදිනවා. ගෑණු වගේ.


ඉතිං තමන්ගේ මිනිහගෙයි අනියම් බිරියගෙයි පයිරු පාසානම නියම බිරිඳගේ කනේ ගැටෙන්නේ තමන්ගේ මිනිහා නට්ටං උනාට පස්සේ. පස්සේ ඉතිං ඔය ගෑණු දෙන්නා නයයි මුගටියයි වගේ තමයි.


“ඈ බොල තෝ අපේ මිනිහව රවට්ටගෙන උගේ සේසතම ඩැහැගත්තා නේද පරට්ටී.. පාර හදනකන් පාරේ වැඩට ආපු ඔක්කොම එක්ක බුදියෑවා. දැන් ගමේ එවුන් එක්ක බුදියනවා“


එකෙක් එක් ඇඟිල්ලක් තවෙකකුට දිගු කරද්දී අනෙකා ඇඟිලි කීපයක් දික් කිරීම හෙවත් සියළු ගැහැණුන් එකම බෝට්ටුවක...................


“කවුද බොල තොගේ මිනිහ රැවැට්ටුවේ. රවට්ටන්න පොඩි බබානේ. ඌනේ බොල අපේ ගෙවල් පැත්තේ රූටන්න ගත්තේ. මම ආවයැ තොපේ දිහා. තෝත් බුදියෑවෙ බොල ඩෝසර් කාරයෙක් එක්ක.“


“මොනාද බොල කිව්වේ වේ$ වේ$කම් කරලා තව කියවන්නත් එනවා“


“ඩිෂුම්..ඩිෂූම්..බුෂා.. බුෂා..බුෂා..බුෂා“


දැන් ඉතිං අර සුද්ද සිංහල කුණුහර්ප කිය කිය හිංගල චිත්‍රපටිවල සටන් ජවනිකා එහෙමත් රඟදැක්වෙනවා.


(තව කෑල්ලක් ලියන්ඩත් හිතයි. බලමු...)

15 comments:

  1. අන්තිමට කියපු කතාව නං පටේ පට්ට. පණ තියල ගියල තියෙයි බොලං.. හැක් හැක්.. ඔය ගෑණු සමහරක් අනුන්නෙ පට්ටංදරේ දිගාරින්න ගත්තම තමන්නෙ රෙද්දත් උංට කියල ලෙහාගනමයි නවතින්නෙ
    විළි ලජ්ජාවෙ සංතෝසෙ බෑ
    ඕව බලං ඉන්න උං තමා ඕ කෙං නියම ආතල් එක ගන්නෙ
    (ඩිස්ක්ලේමර් එක -හැම තැනමත් හැම කෙනාමත් එසේ නොවන බව කරුණාවෙන් සලකන්න)හැක් හැක්

    ReplyDelete
  2. ඩෝසර් කාරයෝ වීරයෝ ය.සහතික ඇත්ත.ලියන්ට ලියන්ට..
    ජයවේවා..!!

    ReplyDelete
  3. ඕක ඉතිං ඔය ගමේ ඉතරක් නෙමේ ගොඩක් ගං වල තියෙන තත්වෙ තමයි.
    ටවර් එක ගහල කනෙක්ෂම දුන්නට පස්සෙ මේනකටත් බැරියැ දිගටම නෙට් යන්න.

    ReplyDelete
  4. මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ...

    ReplyDelete
  5. :D

    ගම හැර දා කොලඹ ආ කස්ටියට සදා ආදරනීය ගම ගැන නැවත් මතක් කර දීමක්....

    ReplyDelete
  6. අනේ වාසනාවං . බොලෑ ගමට ටැලිපොන් කණුවක් ලැබෙනව කියන්නේ බ්ලොග් ලෝකෙට හොඳ කලක්.

    ලියාං මචෝ . හැබැයි ඇත්ත නං දාන්න එපා. කණුව හදපු ගමං ගමේ උන්ට ඇන්ඩ්‍රොයිඩ් උණ හැදෙයි. එදාට හීනෙ හැබෑවෙයි.

    ReplyDelete
  7. ඇස් මස් ලේ තියෙන එවුන් ඉන්න ගමක්නේ. සමහර පැතිවල ඉන්නේ ගස් ගල්වගේ උදවියනේ.

    ReplyDelete
  8. සුනන්ද කෝදාගොඩගෙ තීරුලිපියක තිබ්බ, එහාගෙදර එකා ටීවී එකක් ගෙනත් ඇන්ටනාව හයිකරනව බලං ඉඳල, කෝදගෙ ගෑණි යකා නටනව අපිටත් ටීවී එකක් ගමු කියල. කෝද කරන වැ‍ඩේ, ඇන්ටනාවක් ගෙනත් හයිකරනව. පස්සෙ ටීවී එකක් ගමු කියල.

    ඔය අස්සෙ ග්‍රාමසේකර ඇවිත් අහනව ටීවී එක ගත්තෙ ලඟදිද කියල. ගෑණී කියනව ටිකක් දවස් කියල. ග්‍රාමෙය අහනව, ලයිසන් කළාද කියල. මූ කියනව ටීවී එකක් නෑ කියල. පස්සෙ සමූපකාරෙ ඇතුළෙ කුණු කරෝල කෑල්ලක් හොයන මීයො රැළක් වගේ ග්‍ර‍ාමෙය මු‍ගෙ ගෙදර අවුස්සල බලල හොයල අන්තිමේ මූ අරං ගිහිං ලොකප් කරනව, "බලපත්‍රයක් රහිතව ඇන්ටනාවක් භාවිතා කිරීම" ට.

    ReplyDelete
  9. අමුතු රටේ අමුතු ගම. හික්ස් :-D

    ReplyDelete
  10. උඹලා ගමට ඇවිත් ටික කාලයක් ඩෝසර් කාරයෙක් වගේ හිටියනම් හොඳයි වගේ...
    කොටු කීපයක් පැන ගන්න ඇහැක් වෙයි මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. ලොකුපුතේ අනේ මේ බොලා ගෙදෙට්ට වෙලා බට්ටො පැනහං අනුංගෙ කොටු අස්සෙ රිංගන්නෙ නැතිව :)

      Delete
  11. මේනක මලේ උඹහැ ඊයේ පෙරේදා අපේ ගම පැත්තේ ගියානේ ? ඔය ගමේ පන්සලේ වර්තමාන දායක දායිකාවෝ සෙට් එකේ ( අලුත් පරම්පරවේ සල්ලි කාරයෝ) ඉන්නම කොටුපනින කට්ටිය කියලයි ආරංචිය .

    ReplyDelete
  12. රසට ලියපු පොතක් වගේ පටන් අරං අන්තිමඩ්ගෙ හින්දි ෆිල්ම් එකක් වගේ උනා නෙව :)

    ReplyDelete