අර සෙන්ජේමිස්
තේ වත්ත පාමුල තමයි අපේ දුප්පත් ඉස්කෝලේ තිබ්බේ. පැත්තකින් ඇල. පැත්තකින් සුබරත්න අයියා
අයිතිය කියන ඉස්කෝලේ කුඹුර. පැත්තකින් සම්පකාරය.. මහ පාර.. ඔය ඉස්කෝලේ තමයි අපි
අයන්න ආයන්න පුරුදු වුනේ. මේන් හෝල් එක උඩහ. තව හෝල්ලෙකක් පල්ලැහැ. සිමෙන්තියෙන්
කරපු ලෝක සිතියම අඩංගු පොකුණක් පැත්තක තිබ්බා. ඉස්කෝලෙටම ළමයි 85-90 ක් ඉන්ඩ ඇති.
ඉස්කෝලේ ඉස්සරහ ලොකු බෝ ගහ. බෝගහ යට මළකඩ කාපු තහඩුවෙන් කරපු බුදු මැදුර. එතනම
ජම්බෝල ගහයි කොස් ගහයි අතරින් පල්ලැහැ හෝල්ලෙකට බහින පඩිපෙල. ඔය පඩිපෙල දිගේ තියෙන
බැම්මේ බුරුස් පැදලා තමයි ප්‍රේමදාස මහත්තයා අපිට දුන්න නිල් කලිසම් වල පස්ස පැත්ත
ඉරාගත්තේ.
ඊට පහලින් කෙල්ලන්ගේ ලැට්ටෙක. ඊට එහායින් කොල්ලන්ගේ වහලක් නැති ලැට්ටෙක. අරක වැසිකිලිය. මේක කැසිකිලිය. කොල්ලන්ගේ ලැට්ටෙක උඩ තියෙන බෝගහ ලඟට ගියාම හොඳට පේනවා. කවුද ඉන්නේ.. මොනාද කරන්නේ..කොච්චර වෙලාද .. කියලා ඔක්කොම බලන්න පුලුවන්. වැහි කාලෙට කොල්ලන්ගේ ලැට්ටෙකට කිට්ටු වෙන්ඩවත් බෑ. වතුර උතුරල ගලනවා . ඒ කාලෙට ලැට්ටෙකට එහායින් තියෙන බූටා කැලේට අල්ලනවා.කෙල්ලන්ගේ ලැට්ටෙක ගාව තියෙනවා ලොකු දන් පාට ගෙඩි හැදෙන අලිපේර ගහක්. ඕකේ ගෙඩි වාරෙට ඇට හෙල්ලෙන ගෙඩි කඩලා හංගලා තියලා ඉදුනම කොල්ලෝ කනවා. සමහරුන්ට හංගපු තැන් අමතක වෙනවා. සමහරක් සත්තු කාලා තියෙනවා. සමහරක් හංගන තැන බලන් ඉඳලා වෙන කොල්ලෝ හොරෙන් කනවා.
ඊට පහලින් කෙල්ලන්ගේ ලැට්ටෙක. ඊට එහායින් කොල්ලන්ගේ වහලක් නැති ලැට්ටෙක. අරක වැසිකිලිය. මේක කැසිකිලිය. කොල්ලන්ගේ ලැට්ටෙක උඩ තියෙන බෝගහ ලඟට ගියාම හොඳට පේනවා. කවුද ඉන්නේ.. මොනාද කරන්නේ..කොච්චර වෙලාද .. කියලා ඔක්කොම බලන්න පුලුවන්. වැහි කාලෙට කොල්ලන්ගේ ලැට්ටෙකට කිට්ටු වෙන්ඩවත් බෑ. වතුර උතුරල ගලනවා . ඒ කාලෙට ලැට්ටෙකට එහායින් තියෙන බූටා කැලේට අල්ලනවා.කෙල්ලන්ගේ ලැට්ටෙක ගාව තියෙනවා ලොකු දන් පාට ගෙඩි හැදෙන අලිපේර ගහක්. ඕකේ ගෙඩි වාරෙට ඇට හෙල්ලෙන ගෙඩි කඩලා හංගලා තියලා ඉදුනම කොල්ලෝ කනවා. සමහරුන්ට හංගපු තැන් අමතක වෙනවා. සමහරක් සත්තු කාලා තියෙනවා. සමහරක් හංගන තැන බලන් ඉඳලා වෙන කොල්ලෝ හොරෙන් කනවා.
ඔය ඉස්කෝලෙට
ඉංගිරිසි උගන්නන්න ඉංගිරිස් සර් කෙනෙක් ආවා ඔය ජයවර්ධනපුරේ පැත්තෙන්. ඒ සර් එනකොට
අපිට ඉංගිරිසි වලටම කියලා වෙනම සර් කෙනෙක් හිටියේ නෑ. වෙන ටීචලා ඉංගිරිසි පීරියඩ්
එකට ඇවිල්ලා ගිරවුට වගේ කටපාඩම් තියලා නිදි කිරලා යනවා.
“අයෑම් සමන් අයෑම් ෆ්‍රොරොම් ශ්‍රී ලංකා.. අයෑම් ගීතා අයෑම් ෆ්‍රොම් ඉන්දියා. අයෑම් ටාරෝ අයෑම් ෆ්‍රොම් ජපෑන්. අයෑම් මුරු අයෑම් ෆ්‍රොම් නයිජීරියා.“
ඔව්වා තමයි ඒ
සර් එනකොට කටපාඩන් කරලා තිබ්බේ.
ඉතිං ඔය සර්
ඇවිල්ලා අපේ පංතියටත් ඇවිල්ලා ආයුබෝවන් කියලා
“ළමයි .. මම ජයරත්න. අද ඉඳන් ඔයාලගේ ඉංග්‍රීසි සර්. මම ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලෙන් තමයි මෙහෙට්ට ආවේ. දැන් ඔයාලා දන්න බාසාවකින් ඉංගිරිසිම වෙන්න ඕනි නෑ.. ඔයාලා ගැන හැඳින්වීමක් කරන්න එක්කෙනා ගානේ. මෙහෙන් පටන්ගමු.“
ගාමිණියා
නැගිටිනවා.
“මම ගාමිණී.
ගම සෙන්ජේමිස් උඩ කෑල්ල. අයියයි නංගියි ඉන්නවා. අම්මා වත්තේ වැඩ. තාත්තත් වත්තේ
වැඩ.“
ඊට පස්සේ චිත්‍රා
නැගිටිනවා.
“මම චිත්‍රා.
ගම දිබ්බැද්ද. අම්මා වත්තේ වැඩ. තාත්තා එළවළු හිටවනවා. නංගි කෙනෙක් ඉන්නවා.
ඊට පස්සේ මම
“මම මේනක.
තාත්තා මැරිලා. අයියයි අක්කයි මල්ලියි ඉන්නවා. අම්මා දළු කඩනවා.“
ඊට පස්සේ
ඉන්දුසිරියා
“මම
ඉන්දුසිරි. සෙන්ජේමිස් පල්ලැහැ කෑල්ලේ ඉන්නේ. නංගි කෙනෙක් ඉන්නවා. අම්මා දලු
කඩනවා. තාත්තා කෑ ගහනවා“
“කෑ ගහනවා..“
සර් නලලේ ප්‍රශ්ණාර්ථයක්
මවාගෙන අහනවා.
“ඔව් සර් කෑ
ගහනවා“
“ඒ කියන්නේ මට
තේරෙන්නෑ“
“කෑගහනවා සර්“
සර්ට තාමත්
නොතේරුන නිසාත් ඉන්දුසිරියා තේරුම් නොකරන නිසාත් ගාමිණියා නැගිටලා තේරුන් කරලා
දෙනවා.
“සර් එයාලගේ
තාත්තා බදුල්ලේ පැයිවට් බස් ස්ටෑන් එකේ කෑ ගහලා බස්වලට සෙනඟ පටවලා කීයක් හරි
හොයාගන්නවා.“
සර්ගේ ඇස්
වලින් කඳුලු කැට දෙකක් පනිනවා. සර් කඳුලු හංගන්න බිම බලාගන්නවා.
ඔන්න ඕකයි
මහත්තයෝ බදුල්ලේ මිනිස්සුන්ගේ ඇත්ත සිටුවේසන් එක.
========================================
“දන්සිරී.... දන්සිරිඊඊඊඊ... දන්සිරිඊඊඊ“
========================================
“දන්සිරී.... දන්සිරිඊඊඊඊ... දන්සිරිඊඊඊ“
දන්සිරි අයියව
එයාගේ යාලුවෝ පාරට ඇවිල්ලා කැඳවන්නේ අන්න එහෙම.
“ඇයි බං මං
කනවා“
සුමනෙ අයියා..
මංතිරි අයියා.. විජේ අයියා.. සාන්තයියා..අප්පයියා..චූටප්පයියා .... ඔය තමයි
දන්සිරි අයියගේ යාලුවෝ සෙට්ටෙක.
“කාලා වරෙන් පොඩි
ගමනක් යන්න “
දන්සිරි අයියා
එනකන් කට්ටිය උඩහ පාරට වෙලා ඉන්නවා.
“කොහේ යන්නද
ඉතිං රා කටහලේ බොන්ඩ වෙන්ඩ ඇති. දන්සිරියෝ යන්නෑ. ගෙදර හිටු.“
ආච්චි දන්සිරි
අයියට දෙහි කපනවා.
“උඹ පුරන්
කොටන්න කියල ජයවද්දනයගෙන් රුපියල් එකසිය පනහක් විතර නයට අරන් තියෙනවලු. ඒ මිනිහා
හැමදාම හොයාගෙන එනවා. උඹ මොකද බං කරන්න බැරිනම් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ.?“
“ආච්චි ඉන්ඩකෝ
ඒක මම බලාගන්නන්. එවුවගෙත් කන්ඩ බොන්ඩ තමයි ගෙදෙට්ට ගෙනාවේ“
“අනේ ඔව් කන්ඩ
කෙසේ වෙතත් බොන්ඩනම් ගන්ඩ ඇති.“
ආච්චිගේ වචන
සතේකට ගනන් ගන්නැති දන්සිරි අයියා ඇඳුමක් පටලවගෙන උඩ පාරට යනවා.
ඔය අපේ
ගෙදෙට්ට පල්ලැහින් අපේ ගමේ පරම්පරාවකත් නොවෙන පිටින් ඇවිල්ලා ගෙවල් අරන් මාලු
බිස්නස් කරන පවුලක් හිටියා. ගමේ මිනිස්සු කියන්නේ මාලු ගෙදර. මාලු අංකල්.. මාලු
ඇන්ටි.. මාලු ගෑණි කියලත් කියනවා. ඒ ගෙදර කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. උන් ඉතිං මාලු
කෙල්ලෝ. මාලු මුදලාලිට පරන වොක්ස්වැගන් වෑන්නෙකක් තිබ්බා. ඒකේ තමයි මාලු බිස්නස්
යන්නේ. හවසට ඉතුරු වෙන මාලු ගමේ මිනිස්සුන්ට කුණු කොල්ලෙට විකුණනවා. එකපාරක් ඔය
මාලු කාලා මුලු ගමම ලෙඩ වුනා.
“ආයෙනන් කන්නෑ
ඔය බල්ලන්ගේ කුණු මාලු“
දවස් දෙක
තුනක් බඩේ අජීර්ණයෙන් හිටපු අපේ ආච්චිත් හැම වෙලේම මාලු අංකල්ගේ අම්මා තාත්තව සිහි
කෙරුවා.
ඉතිං ඔය ගෙදර
හිටිය ලොකු කෙල්ලට ඒ කියන්නේ ලොකු මාලු කෙල්ලට දන්සිරි අයියා මල්සරාගේ හීයක්
විද්දා. හීය හරියට වැදුණද කියලනන් දන්නෑ. දන්සිරි අයියා ව්‍යාජ ප්‍රේමයක පැටලුනා.
දන්සිරි අයියා
හිර වෙන්න පටන්ගත්තේ ඔතනින්.
“ඕකගේ මුලු
සේසතම ඕකි හූරන් කාලා වෙන එකෙක් එක්ක යනවා. ඔන්න මම හූනා කිව්වා වගේ කියන්නේ“
ආච්චි කිව්ව
වචන ඇත්ත වුනා. දන්සිරි අයියගේ සේසතම හූරන් කාලා ලොකු මාලු කෙල්ල වෙන එකෙක් එක්ක
පැටලුනා. දන්සිරි අයියා නොකා නොබී දවස් ගානක් හූල්ල හූල්ල ඔහේ බලාගෙන හිටියා.
ඩිංගිරිබංඩෙ
අයියගේ රා ටික නොතියෙන්න දන්සිරි අයියා ටැමරෝන් බීලා අඩි හයක් පොලොවෙ යට.
ඩිංගිරිබංඩේ
අයියගේ මලේ රා වරාගෙන එනකොට දන්සිරි අයියත් මලක් බෙහෙත් තියන්න කල්පනා කරනවා.
“චූටි වරෙන්
පල්ලැහැ කුඹුර පැත්තේ යන්න“
ගෙට පහලින්
තියෙන වෙල් යාය පාමුල තියෙනවා කිතුල් මණ්ඩියක්. ඔය කිතුල් මණ්ඩියට ගිහින් එක එක ගහ
පරිස්සා කරනවා. බොහොම සාරෙට වැඩිච්ච නාඹර ගහක් ඉරාගෙන එන කිතුල් මල් පොඩියට
දන්සිරි අයියගේ හිත වැටෙනවා.
“තව සතියක්කත්
යයි. ඔය මල හොඳයි වගේ. කීයක්කත් හොයාගන්නත් පුලුවන්නේ“
දන්සිරි අයියා
තනියම කියවනවා.
“උඹ වැඩේ
හරියනකන් කාටවක්කත් කියනවා නෙවෙයි. කටවහ වැදිලා මල කුණු වෙනවා.“
දවස් දෙක
තුනකින් දන්සිරි අයියයි මායි පල්ලැහැ කුඹුරටත් පල්ලැහැ තියෙන ගඟෙන් ගොඩ වෙලා
හොබරැල්ල කන්ද පාමුල කඳුරේ තියෙන උණ පඳුරට කිට්ටු කලා. ලඟ ලඟ පුරුක් තියෙන කෙලින්
ගිය මෝරපු උණ ගහක් බිම දාලා ඒක සුද්ද කරලා කිතුල් ගස් මණ්ඩිය ගාවට ගෙනැල්ලා අතෑරලා
ගෙදර ගියා.
“ඈ බං චූටියෝ.
උඹලා මොකද අර කිතුල් මණ්ඩිය ගාව දවස් ගානක් තිස්සේ කරන්නේ. මං බලාගෙන. මට මේ ඇස්
පේන්නෑ කිව්වට හොඳට පේනවා. දන්සිරියා මලක් කපන්න නේද යන්නේ.“
ආච්චි දිහා
නොබලා බිම බලාගෙන මම කකුලේ විලුඹට බර දීලා ඇඟිලි ටික උඩට අරං ගොම පොලොවේ අර්ධ
කවාකාර රේඛාවක් අඳිනවා. ඒ කියන්නේ “ඔව්“ කියන එක නොකියා කියනවා.
“නොදකින් ඕකා
තව නොකලේ ඕක විතරයි. ගඟේ ඇපල පඳුරු අතරේ ගංජා හිටවලා පොලිසියෙන් බේරුනේ අනූ
නමයෙන්. දැන් ඕකේ තෙලිජ්ජ වැටෙන්න ගත්තම නඩේම මේ ගෙදර ඉඳියි. දුන් ගහලවත් එලවන්න
බැරි වෙනවා ඕකුන්ව.“
දන්සිරි
අයියයි මායි කුඹුරු වල ඉපනැල්ලේ ඇවිදිනවා. මල බෙහෙත් තියන්න ඕනි කලමනා හොයන්න.
වෙල් ඉපනැල්ලේ හැදෙන හුලංතලා මලට සමාන පුංචි කහ පාට මල් පිපෙන ගහේ මල් කඩන්න ඕනි.
ඔය මල කටේ තියාගෙන හපනකොට සැරම සැරයි. මිරිස් වගේ. ඊට පස්සේ කුඩු මිරිස් හොයන්න
ගඟේ කැලෑ කොලේ ඇවිදිනවා. යකි නාරන් ගෙඩි.. යකි නාරන් කටු... ගැට දොඩන්.. එකී මෙකී
නොකී සියළු කලමනා ටික හොයාගෙන ගෙදර ඇවිල්ලා තියනවා.
කලින් ගෙනාපු
ලණු ටිකත් අරන් වෙල පාමුල තියෙන කිතුල් මණ්ඩිය දිහාට ගාටනවා.
“ඔය කිතුල්
මණ්ඩියේදි තමයි සියාතුවාට යකා ගහලා මලේ. රා මුට්ටියත් යක්කු බීලා තිබ්බා“
ආච්චි දන්සිරි
අයියවයි මාවයි බය කරන්නේ එහෙම.
“යක්කු කොහෙද
දැන්.. යක්කු හිටියේ ඉස්සර“
“ හා එහෙනන්
පලයන්.. උඹ මං කියන දේවල් සතේකට ගනන් ගන්නවද? යක්කු නැත්තන් ඔය වෙලේදි ලඟදි තිලකෙ
මල්ලි ආවේස වුනේ. උඹට මතක නැද්ද.. සාමියා ඇවිල්ලා තෙල් මතුරලා ගොඩ දැම්මේ“
“රා පෙරන්ඩ
නෙවෙයි මල කපන්නේ. පැණි හදන්න“
“අනේ මම
දන්නැතැයි උඹ හදන පැණිය දන්සිරියෝ“
ඉස්සෙල්ලම
කිතුල් ගහට තියලා අර උණ ගහ ලණු වලින් බැඳගෙන බැඳගෙන දන්සිරි අයියා උඩට නගිනවා. මට
තියෙන්නේ ගහේ වට ප්‍රමාණෙට හරියන්න ලණු කෑලි කප කප දන්සිරි අයියට දෙන්න.
දන්සිරි අයියා
මල කිට්ටුවට කිට්ටු වෙනකොට මට එක එක මනෝ විකාරයන් මැවිලා පේනවා. මලේ මුට්ටියක්
එල්ලලා.. ඒකෙන් ටැප්පෙක්කින් වතුර වැටෙනවා වගේ තෙලිජ්ජ මුට්ටියට වැටෙනවා. දන්සිරි
අයියා පැයෙන් පැය මුට්ටිය මාරු කරනවා. ගෙදර හැම භාජනේකම තෙලිජ්ජ රා වෙනවා. විජේ
අයියලා මන්තිරි අයියලා සුමනේ අයියලා හැමෝම අපේ ගෙදර පිරිලා ඉන්නවා..ආච්චි එවුවා
(රා) දීලා සල්ලි අරන් චීත්තේ කෙරවලේ ගැටේක තදේට ගැටගහලා චීත්තේ පටලවගන්න හැටිත් මට
මැවිලා පේනවා.
“චූටි උඹ
නිදිද..ඔය පිහිය ලණුවේ ගැටගහපං“
මං ආය පියවි
සිහියට එනවා.
(ඉප්පන්ටම ඊලඟ කෑල්ල)
(ඉප්පන්ටම ඊලඟ කෑල්ල)
මං හතුවේ මාලු කැල්ලකට උබ ට්‍රයි කරයි කියල
ReplyDeleteට්‍රයි කොලා අපි පොඩියි කිව්වා
Delete"...අපි පොඩියි කිව්වා" කිව්වම මතක් උනේ අපේ නොංගා කොල්ල සිරියානි අක්කට අනින්න ට්‍රයි කොරා ඒ කාලෙ. දවසක් හැන්දෑකොරේ (හන්දෑකොරේ අඹ මල් වට බමරු රඟන්නා-කැමතිම ගී 16 උගුල) වෙලාවක සිරියානි අක්ක මුනගැහිල මූ බාසාව දාල. සිරියානි අක්ක මුගෙ ජුන්ඩව අල්ලල බලල කිව්වලු අයියො මල්ලි මේක තාම ඉරටු කෑල්ලක්ව ගේනෙ තව ලොකු උනාම එන්න කියල. හැ බැයි ඒකත් ඌට සුවිප් එකක් ඇදුන වගේ. සෑහෙන කාලයක් ඒ මතකෙන් ඌ හස්තසාදන කොලා මයි හිතේ...
Deleteමරුඉතුරු ටික ත්
ReplyDeleteඉක්මනින් ලියන්ඩ ..
ඉරිදට ලියනව
Deleteඅපිත් මුලින්ම ඉස්කෝලේ ගියේ ඔයිට නොදෙවෙනි ඉස්කෝලෙකට. සෙන් ජේම්ස් හරියේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් බණ්ඩාරවෙල පැත්තට වෙන්න තිබ්බ ඒ ඉස්කෝලෙත් ඔය කැසිකිලියක් තිබුනා. ළඟ තිබුණු කඩෙන් පාන් කාලවල් ගෙනැත් ලොකු පංතිවල කොල්ලෝ ඔය කසිකිලියේ හැංගිලා පාන් කනවා අපි පොඩි කාලේ...
ReplyDeleteබොග් ලියන ගොඩක් අය ඔය පැත්තේ නේහ්
Deleteසර්ගේ ඇස් වලින් කඳුලු කැට දෙකක් පනිනවා. සර් කඳුලු හංගන්න බිම බලාගන්නවා.///// honda sanvedi guruvarayek
ReplyDeleteමගේ වත්තේත් කිතුලක් තිබෙමි... කපනවද නැද්ද... මාර ප්‍රස්නේ..
ReplyDeleteකපමු
Deleteනොකපන එකයි ප්‍රස්නෙ
Deleteහකුරු ද රා ද කියන එකයි ප්‍රශ්නෙ.
Deleteකපන්නෙ නැති කිතුලකින් වැඩක් තියේය සරසතුමෝ
Deleteමේ ලියන රටාව රසවත් මේනක, මීළඟ කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteදැන් ලියමින්
Deleteමලට කෙල උනා නෙහ් ?
ReplyDeleteඉක්මනට ලියපන් බං ඉතුරු ටික..... හදිස්සියි....
ඉරිදාට දාඤ්ඤං
Deleteමේනකයෝ අල්ලපු ගමේ ඉන්න මට මේක කියවනකොට ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතුනා ...දැන් නම් කොළඹට වැඩිය සංකර වෙලා ...දැන් කුඩුමිරිස් වැලක්වත් දකින්නවත් නැ ..කිතුල් මල කපන්නේ නැ රිලව් නිසා ...
ReplyDeleteකුඩු මිරිස් අපේ ගමේ තාම ඇති පදන්.
Deleteඉතුරු ටික ඉරිද උදෙන්ම දාපං හොඳේ...
ReplyDeleteජයවේවා..!!
කොමෙන්ට් වලින් බලපෑම් කිරීම හෙලා දකිමි.
Delete- සභාපති -
කො.කා.ස.
හාකෝ හවස් වෙයි සිග්නල් එද්දි
Deleteහැක්.. මේකත් නියමයි වගේ. සිග්නල් නැතිවෙන්න ඉස්සර ඉතුරු ටිකත් දාහං.
ReplyDelete//උන් ඉතිං මාලු කෙල්ලෝ// හොඳ වෙලාවට මාලු කෑලි නොවුනෙ.
සිග්නල් කණුව තාම ටෙස්ටින්
Deleteඉංග්‍රීසි සර් එනකොට මේනකය හතරෙ පන්තියෙ ඉඳල තියෙන්නෙ.
ReplyDeleteඉරිදට එන්නම්.
කෝමද දැනගත්තේ
Deleteමටත් ඉස්කෝලේ ඉංග්‍රීසි පාඩම පලවෙනි දවසෙම එපා උනා. ඒ එපාවීම ජීවිතේට සෑහෙන්න බලපෑවා.
ReplyDeleteමෙන්න අපි කලකට පෙර කිතුල් ගැන ලියපු කතාවක් ...http://helmalu.blogspot.com.au/2016/03/blog-post_13.html
ReplyDeleteඅම්මප කියව ගෙන යනකොට මමත් කිතුලක් මදින්න යනව වගේ තේරුණා.
ReplyDeleteඒත් දුක තමා රංජනී ඔටුවගෙ රටේ කොහෙද කිතුල්, රටඉඳි මල්වලින් බැරිද දන්නෙ නෑ මේ වැඩේම කරන්න ?