බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස
බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම
Tuesday, December 29, 2015
පැන්සොන් - 01
ඔන්න වලිය අවුලලා තියලා වෙද මහත්තයා හෙමීට මාරු වෙනවා. සීයා රාළහාමි වුනත් ආච්චිට ඔළුව නමලා ගෙට ගියත් ආච්චි රෑ දෙගොඩහරියක් වෙනකන් එකම දේ කියමින් සීයාට බැණවදිනවා. සීයා රෑ එළි වෙනකන් කිසි කතාවක් නැතුන් බ්‍රිස්ටල් සිගරැට් හය හතක දුම් වලලු ඉහල යවමින් ඉන්නවා.ඔන්න ඉතිං පහුවදාට ඕක නිවිලා ගියත් ආයෙත් ඕක මතුවෙන දවසක් එනවා. ඒ තමයි පැන්ෂන් දවස.අපේ ආච්චි අකුරු සාත්තරේ දන්න එකක්යැ. කුස්සියේ අග හිඟ එක එක මතුවෙනකොට
මුලු අවුරුද්දෙම පැන්ෂන් දෙන දවස් කැලැන්ඩරේ කතිරයකින් කපලා තියෙන්නේ.
ලොකු අම්මා ආඩපාලි කියනවා. හැම පැත්තෙන්ම තැලෙන්නේ මං. ඒත් පැන්ෂන් දවසට ආච්චිගෙන් නොමසුරුව ලොකු අම්මගේ ණය කොටහට අමතරව නොමිලේ කොටහකුත් ලැබෙනවා. ඉතිං මාසේ අන්තිමේට බැන බැන හරි ලොකු අම්මා ආච්චිලගේ අඩුපාඩු ඉටුකරන්නේ ඒකයි... අනාගතේට ආයෝජනයක්...
මම දඩි බිඩි ගාලා කුස්සියට ගිහිල්ලා ලිපේ අළු පීරලා අඟුරු කැටයක් හොයාගෙන අඟුර හපලා කන ගමන් ඇඟිල්ලෙන් වමට දකුනට ඉහලට පහලට උඩින් පල්ලෙන් දත් මැදලා කුස්සිය ගාව තියෙන වතුර බැරල්ලෙකෙන් මූණ කට හෝදගෙන ඉස්කෝලෙට අඳින නිල් කොට කලිසමයි ලොකු අම්මා අරං දීපු ටී සර්ට් කබලයි ඇඳන් සෙරෙප්පු දෙක දාගන්නවා විනාඩි දහයෙන්. ආච්චිත් ඉක්මන්ට ලෑස්ති වෙනවා. ඒත් සීයා..... හතරට ඇහැරුන මනුස්සයා උදේ පහයි කාල විතර වෙනකන් හැඩ වෙනවා. රැවුල කපන්නම බර වෙලාවක් ගන්නවා. ඉතිං සීයා හැඩ වෙලා එනකන් මායි ආච්චියි පල්ලැහැ ලොකු අම්මලගේ ගෙදෙට්ට ගිහින් ඔය යූරියා මළු දෙක තුනකුයි සිරි සිරි මලු ටික්කුයි හොයාගන්නවා. ඒ අස්සේ ලොකු අම්මත් දඩි බිඩි ගාලා ලැහැස්ති වෙනවා. ඔන්න පහමාරේ බස්සෙක රිල්පොලින් එන වෙලාවට අපි හතර දෙනා පාරට බඩගානවා. දුම් දාගෙන ලයිට් දාගෙන එන බස්සෙක අපි හතරදෙනාව ගිලගන්නවා. එහෙට්ට මෙහෙට්ට විසි වෙවී යන අපි බදුල්ලෙන් බැහැගන්නවා.
Subscribe to:
Post Comments (Atom)
ලියැවිල්ල අගෙයි..............
ReplyDeleteමේ කහ පාට කොටස අයින් කරන්න ඩිසයින්, පෝස්ට්, අදාල පෝස්ටුවේ ඒඩිට් ගිහිල්ලා, හයිලයිට් පාට වෙනස් කරගන්න......
පුංචි තාක්ෂණික උපදේශයක් විතරයි.....
ජය
එල එල. හැබැයි පින්තූරෙ ඇඳපු බුවා නං කතාව කියවලා ඇඳලා නෑ වගේ. මං හිතන්නෙ මේක පත්තරේ ගිය වෙලාවෙ පත්තරේ ආටිස්ට් බුවා ඇඳපු එකක්ද කොහෙද? සීයා හයිරං කාර ඇඟපත තියෙන පොරක් විදිහට අඳින්න එපායැ.
ReplyDeleteඑලය! වයසට යනකොට මිනිස්සු මාර වොරිඩ් පුංචි දේවල් ගැනත්. අපේ වයිෆ් ලගේ තාත්ත ක්ලිනික් එහෙකට යනවා. ඊයේ පෙරේදා දවසක් බලනකොට පාන්දර 3.30 ට ලෑස්ති වෙනවා බුස්සේ ඉඳන් කරාපිටියේ තියෙන ක්ලිනික් එකට යන්න.
ReplyDeleteඅපේ අම්මලාගේ මහා ගෙවල් ඔය ගගෙන් එහා පැත්තේ හිඟුරුගමුවේ. :)
ඊළඟ කොටහ ලබන අවුරුද්දේ උනාට කමක් නැහැ, ලබන අවුරුද්දේ මුලදීම දාහන්...
ReplyDeleteඒකටත් අව්රුද්දක්ම බලං ඉන්නෙපායැ. කමක් නෑ. රහ නිසා කියවන්න ඉන්නවා.
ReplyDeleteලියැවිල්ල නියමයි... කියවන්න ආස හිතෙනවා. සුරංග අයිය තමයි පාර කිව්වේ. කථා ටික ඔක්කොම මුල ඉඳන් කියවන් එන්නම්කෝ.
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක්, ජය වේවා !!!
Deleteඉතිරි ටිකත් ඉක්මණින් දාන්න. රහයි. සුභ නව වසරක් වේවා..!!!
ReplyDeleteරහයි? සැක් ඉතරක්...
Deleteසාජං උනත් හාමිනේ ගාව පීසීගෙ පවර් එකවත් නෑ වගෙයි.
ReplyDeleteඅගෙයි කතාව. දැං ලබන අවුරුද්ද තමයි. ඊගාව කොටහත් දාහං.
මේනකටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ 2016 ක් වේවා !
බොලාගෙ ආච්චම්ම අපෙ ආච්චම්මගෙ බට් කරපු එක. ආච්චි තාම ඉන්නවනම් දවසක පාටියක් දාමු.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteමම කියවපු මේනකයගෙ පළවෙනි ගොඩේ කථාව. ආසයි කියවන්න. ගමේ සුන්දරත්වය, සිරියාව, අපේ මින්ස්සුන්ගෙ ජීවිත ආදී මේ හැම දෙයක්ම මැවිල පේනව කථාව කියවගෙන යද්දි. මේට අවුරුදු ගනනාවකට කලින් ගෙවුනු මගේ ජීවිතේ මතක් වෙනව. ඒ කාලෙ සිදුවූ අමතක නොවෙන, හාස්‍යය ජිනක සිදුවීම් අලලා මටත් ලියන්න හිතෙනවා බ්ලොග් එකක්.
මේනකගෙ අනිත් කථා ටිකත් එකින් එක කියවන්න හිතං ඉන්නෙ...
අඩොඃ... ඉතුරු කොටහ දාන්නෙ අප්‍රේල් ද? විගහට දාහං.
ReplyDeleteniyamai.. .
ReplyDeleteඉස්සර බොහොමයක් ආණ්ඩුවෙ රස්සාව කරපු උදවිය මොකක් ඇන්දත් හරි පිළිවෙලට සීරු මාරුවට කළා මතකයි.
ReplyDeleteකොටින්ම දැනට 60 අවුරුද්දකට උඩහ C.T.B. බස් රියදුරෙක් වෙච්චි අපේ සීය පවා ගමනක් යනකොට නීට් එකට රැවුල කපල, සුදු උනාට යහමින් තිබ්බ කොන්ඩෙ තෙල් ටිකක් කාරිය ගාල පැත්තකට පීරලා, මගුල් ගේක යනවා වගේ තමයි සුදු ජාතික ඇඳුමින් එලි පහළියට බහින්නෙ :-D
මට මේක කියවනකොට සිරාවටම අපේ සීයව මැවිලා පෙනුණ.